Archive for January, 2014

සහන්, ගල් පැලෙන බොරු එපා!!

තව තව කතා කරන්න යෑමෙන් වැඩක් නැහැ රංග.. රංග මන් ඕකට සම්බන්ධ උන කෙනෙක්. ඕව මගේ ඇහැට දැකපු කෙනෙක්. මගේ ජීවිතේම ගෙවෙන්නේ ඕව එක්ක. අඩුම තරමේ මට මගේ කෙල්ල එක්ක වත් sms එකක් ගහන්න වෙලාවක් නැහැ…
SilentSahan එදා චන්ද්‍රිකා පෝස්ට් එකේ …

ඊට වඩා හොඳයි නෙට් එකෙන් හෝ වීඩියෝවෙන්  රූප ටිකක් අරන් දාන එක අසවල් දේ මේකයි අසවල් දේ අරකයි කියලා.
SilentSahan මෙදා  ..

සහන් ට කරපු චෝදනා වලට සහන් “උත්තර දීල” පෝස්ට් එකක් දාල. උත්තර දීල කියන එක ක්වොටේෂන් ඇතුලෙ දැම්මෙ, ඒ පෝස්ට් එකේ කරන්නෙ ඒක කියල ලිව්වට කරල නැත්තෙත් ඒකම නිසා. ඒ ලිපියෙත් වැඩියෙන් තියෙන්න සහන් නිතර කරන, ප්‍රශ්නෙට උත්තර නොදී රට වටේ යන එක.

ඇත්තටම අපේ පෝස්ට් ටික ලිව්වෙ බලන එකෙක් තේරුම් ගනිද්දෙන්, මේක බලලක් නොතේරෙන එකෙක් ඉන්නව නම් උන් ඇඳ ගත්තට කමක් නෑ කියල හිතල. ගාල්ලෙ සිරිවර්ධන බුද්ද, ගාල්තැන්නෙ ගොය්යා පස්සෙත් යන උන් තවම ඉන්නව නෙ. ඒත් ටිකක් වෙලාව තියන නිසා අපි මේ ලිපියත් පොඩ්ඩක් කෑලි ගලවල බලමු ඇතුලෙ තියන කෑලි, මොකද ඒකත් ෆන්.

ඊට කලින් ලිපිය පුරාම තියෙන අඬවැඩියා ටිකකට උත්තර දීල ඒ ටික පැත්තකට කරල ඉමු.

සහන් කතන්දර ටිකක් කියනව නේ පෝස්ට් එකේ මාතෘකාවට කෙලින්ම අදාළ නැති. අපි ඒ කතා එක එක අරන් බලමු පොඩ්ඩක් ප්‍රධාන කතාවට යන්න කලින්.

කතන්දර 1: මම හරි සාමාන්‍ය, නිහතමානී කෙනෙක්.

දැන් “සාමාන්‍ය, නිහතමානී” සහන් මෙන්න මෙහෙමයි සැටලයිට් පෝස්ට් එකේ කිව්වෙ:

තව තව කතා කරන්න යෑමෙන් වැඩක් නැහැ රංග.. රංග මන් ඕකට සම්බන්ධ උන කෙනෙක්. ඕව මගේ ඇහැට දැකපු කෙනෙක්. මගේ ජීවිතේම ගෙවෙන්නේ ඕව එක්ක. අඩුම තරමේ මට මගේ කෙල්ල එක්ක වත් sms එකක් ගහන්න වෙලාවක් නැහැ…

කියන්න සහන් මේ කතාව ඇත්තද බොරු ද? WNISAT-1 නමැති** මේ චන්ද්‍රිකාවට ඔබ කාමරය අතු ගාන තරමින් හෝ සම්බන්ධ උනාද නැද්ද? වුනා නම් දැන් මේ NHK එකේ ස්ක්‍රැම්බ්ලර් ගැන විකාර ඇයි? (ඒ විකාර වලටත් ඉදිරියේ පිළිතුරු ඇත)

** මේ චන්ද්‍රිකාව WNISAT-1 බව ඇනෝට ඉතා කලින් විශ්ව රංගනාත් විසින් සොයාගෙන ඇත. මේ බව මීට පෙර සඳහන් කළ නොහැකි වූයේ ඇනෝ මේ කමෙන්ටුව ඒ කාලයේ නොබලා හෝ අමතක වී තිබූ නිසා. විශ්ව ට ඒ සම්බන්ධයෙන් සිත් රිදීමක් ඇතිවූයේ නම් අපේ බලවත් කනගාටුව!

ඉන්දිකට උත්තර දුන්නෙ මෙහෙමයි:

\\\\\\\\\අධ්‍යක්‍ෂක , කොටස් හිමියන් සහ ප්‍රධාන විධායකවරයා එකතුව ව්‍යාපෘතිය ගැන අවසාන කථිකාවට ආවට පස්සේ තීරණය කරනවා සමාගම සතු විවිධ අංශ වලට වැඩ පවරන්න. සුළු නිලධාරීන් හට දැනුම් දිය යුත්තේ මොනවාද , දැනුම් නොදිය යුත්තේ මොනවාද , සැඟවිය විය යුත්තේ මොනවාද යන්න\\\\

අපි දෙන්නා ඉන්නේ තැන් දෙකක ඉන්දික.. ඔයා draftsmanගේ වැඩේ කරන්න..මම මගේ කොටස කරන්නම් .. අපි දෙන්නා පෑහෙන්න යන්න ඕනේ නැහැ …

මේක “නිහතමානී” කතාවක් ද නොදන්නා තරම වහ ගන්න කරපු උද්දච්ච කතාවක් ද? කොහොම හරි ඉන්දිකගෙ ලිපි වලින් පස්සෙ පොරගෙ තවත් “මම ඔක්කොම කියනවා ඊලඟ ලිපියෙන්” ලිපියක් අද වෙනකන් මිසිං!

කතන්දර 2: මම කරපු සේවය අරමයි/මෙහෙමයි

සේවයක් කළ පමනින් කරන සියළු දේ හොඳ වන්නේ නෑ. චන්ඩියෙක් වෙන්න ලයිසන් ලැබෙන්නේ ත් නෑ.

කතන්දර 3: මට චෝදනා එන්නේ මම මුස්ලිම් වරුන්ට පක්ෂව … අවුරුදු 50… etc etc.

සහන් මුස්ලිම් කියා හෝ වයස 50 කියා අපි චෝදනා කර නෑ. අපි චෝදනා කලේ සහන් ගේ බ්ලොග් චරියාව ගැන විතරයි. මෙ කතා මෙතනට අදාලත් නැත්තේ මෑතකදී ආ චෝදනා නොවන නිසා. සහන් මෙතැනදී යොදා ගන්නා උපක්‍රමය Association fallacy නමින් තර්ක ශාස්ත්‍රයේ ප්‍රසිද්ධ, තක්කඩින් විසින් ඉතිහාසයේ සිට යොදා ගත් එකක්. ඒ කියන්නෙ

  1. කට්ටිය මට බොරු කාරයෙක්, හොරෙක් කියනවා
  2. මට බොරුකාරයෙක්/හොරෙක් කියපු සමහර අය නරක කට්ටිය
  3. ඒ කියන්නෙ මට බොරු කාරයෙක් කියන ඔක්කොම අය නරක කට්ටිය
  4. ඒ කියන්නෙ මම හරි හොඳයි.

ඕක හරි සිල්ලර ගොන් පාට් එකක්. ප්‍රශ්න වලට උත්තර දෙන්න සහන්, ප්‍රශ්න අහපු මිනිස්සු ඔක්කොම එක ගොඩකට දාලා, එක්කෙනෙක්ට බනින්නෙ නැතුව.

දැන් සහන් ගෙ ක්ලේම් එක එක අරන් බලමු, ඔක්කොම නෙවෙයි ටිකක්. (ඔක්කොම ගන්න මටත් වෙලා නෑ!)

සහන් ගේ ලෙඩ

මේක අවශ්‍ය කතාවක් නෙවෙයි ඇදල ගන්නෙ සහන් ට ඕකත් මාතෘකාවක් නිසා. අපි නම් සහන් ට මොන ලෙඩක් වත් තියෙන බව කියල නෑ.

 ” ඔව් මට පිළිකාවක්.ඇයි මොකද ?” කියලා ඇහුවොත් යන්නේ ළඟට යන්න එපා බෝ වෙයි කියලා.

මට කැස්ස තියෙනවා ටිකක් තදින්. …. 😀 මගේ ලෙඩ ගැනත් උනන්දුයි මේ මහත්තුරු සහ නෝනලා ටික. ඉස්සර මම එළකිරි එකේ ඉද්දි බහින් බස් වීම් , විහිලුවට කියපු දේවල් තමයි මේ කට්ටියම අදටත්ඇදලා ගන්නේ.

සහන්

සහන් ගේ ලෙඩ ගැන බ්ලොග් වල මිනිස්සු කියන්නේ මා දන්නා තරමින් නම් සහන් කී දේ ම තමයි.

විශ්ව කී මේ කතාව ගැන වෙනම පෝස්ට් එකක් දැම්මේ සහන් ම යි.

ඇසට කඳුළු එන ඔහුගේ කතාව මගින් ඔහුගේ හැසිරීමට හේතුව අවබෝධ වුනා. සහන් කෙලින් සමහර දේ නොකියුවට ඔහු මරණය ලඟට ගොස් පැමිණි ආරක්ෂක ක්ෂේත්‍රයට සම්බන්ද කෙනෙක් කියලා නම් තේරුනා

තමන් ම දාපු පෝස්ට් එකේ වත් විශ්ව කියපු එක නිවැරදි කිරීමක් කළෙත් නෑ! ඒ කියන්නෙ විශ්ව ට මෙහෙම දෙයක් කී බව සහන් පිලිගන්නව කියන එක නෙ!

මේ කමෙන්ටුව මගේ පෝස්ට් එකක ඇනෝ කෙනෙක් විසින් පළ කරන ලද ලින්ක් එකකින් යන එලකිරි.කොම් පෝස්ට් එකකි.

ow ban muthra ekka blood yanawa .
cancer ekak kiyalai kiyanne..
thama mata direct kiyala naha wate yawanawa..
pahu giya kale uluwa wath ussaganna baruwa giya…

මේක සහන් අර “විහිළුවට” කියූ දෙයක් දැයි මා දන්නේ නෑ. විශ්ව රංගනාත්ට අනුව නම් සහන් තමා ගේ අසනීප ගැන විශ්ව සමග කියල තියෙනවා. සහනුත් තමන්ගෙ පෝස්ට් එකකින්ම ඒක අනුමත කළා නෙ. කෙසේ වෙතත් පෞද්ගලිකත්වය ගැන මහන්සි වෙන කෙනෙකු නම් ලෙඩ දුක් ගැන ප්‍රසිද්දියේ කතා කිරීම එතරම් සුදුසු නොවිය හැකි බව විතරක් කියන්නම්. නැති ලෙඩ ගැන විහිළු කිරීම ඊටත් වඩා භයානකයි!

වීඩියෝ කැප්චර් කිරීම

මම දන්නවා විනාඩි 15 , 20 වීඩියෝ එකක් එම්බෙඩ් කරාට කිසි කෙනෙක් ඒක බලන්නේ නැහැ ඉවර වෙනකම්.  ඊට වඩා හොඳයි නෙට් එකෙන් හෝ වීඩියෝවෙන්  රූප ටිකක් අරන් දාන එක අසවල් දේ මේකයි අසවල් දේ අරකයි කියලා.
සහන්

සහන් අපි ඔයාට මොකුත් කිව්වෙ නෑ වීඩියෝ කැප්චර් කරල දාපු එකට. වීඩියෝ වල ෆ්රේම් කැප්චර් කරල තමන්ගෙ වගේ දාල, වීඩියෝ වලින් ගත්තු බවක් වත් නොකියා තමන් පුද්ගලිකව ගත්ත වගේ පෙන්නපු එක ගැනයි කිව්වෙ, මෙන්න මෙහෙම:

පින්තූර ටිකට නම් දරුණු විකෘතියක් වෙලා තියෙනවා රංග..දැනට මට හදන්න විදිහක් නැහැ..වෙලාවක වෙනම පොටෝ ටිකක් අරන් අප්ඩේට් කරන්නම් …
SilentSahanOctober 25, 2013 at 11:52:00 AM GMT+5:30

ඔයා ඒ පින්තූර වීඩියෝ එකක් කැප්චර් කරල ගත්තු බවක් නිකමට වත් ඇඟෙව්වද නැද්ද කියන එක කවුරුත් දන්නවා, නිකං බබා හුකුං ඕනෙ නෑ.

සහන් අද කියන්නෙ මොකක්ද?

මම මාරයාගේ පෝස්ට් එකේදී කිව්වා ඔන්න මම පෝස්ට් එකක් දානවා ඒවා නම් මගෙන් විතරයි කියලා පට්ට රණ්ඩුවක් මැද්දේ. අනේ එදා මම ඒ කියපු එක වචනයක් අල්ලන් තමයි මේ සේරම දෙනා නටන්නේ.
සහන්

මෙන්න සහන් කී එක.

මට මේ දැන් මා ළඟ තියෙන පින්තූර වගයක් දාන්න පුළුවන් අභ්‍යාවකාශගත කරන චන්ද්‍රිකාවක තියෙන කැමරා පද්ධතිය.. ( මන් ඒ පොටෝ දැම්මම ගූගල් ඉමේජ් සර්ච් කරලා බලන්න ඒවා වෙන කොහේ වත් නැහැ.. සයිලන්ට් සහන්ගෙන් පමණයි …මම ඒ ටික තියන් ඉන්නේ මගේ වෙන වැඩකට ගන්න ) …… මම ඊළඟට දාන්නම් පෝස්ට් එකක් ..උඹ පුදුම වේවි…

ඒක “එක වචනයක් අල්ලන්” නම්, එතකොට මේව කිව්වෙ සහන් ගෙ අකවුන්ට් එකෙන් ලොග් උනු වෙන කෙනෙක් ද?

SilentSahan October 31, 2013 at 7:55:00 PM
මම මගේ අතේ තියාගෙන ඔය ජාතියේ  TDK DC/DC converter ටිකක් පොටෝ ගහලා එවන්නද මේ දැන් …? ඕනේ නම් මන් පෙන්නපු සැට් එක උඩ තියලා පොටෝ ගහලා එවන්නද …?

SilentSahan November 1, 2013 at 10:51:00 AM GMT+5:30
තව තව කතා කරන්න යෑමෙන් වැඩක් නැහැ රංග.. රංග මන් ඕකට සම්බන්ධ උන කෙනෙක්. ඕව මගේ ඇහැට දැකපු කෙනෙක්. මගේ ජීවිතේම ගෙවෙන්නේ ඕව එක්ක. අඩුම තරමේ මට මගේ කෙල්ල එක්ක වත් sms එකක් ගහන්න වෙලාවක් නැහැ…

SilentSahanNovember 1, 2013 at 10:51:00 AM GMT+5:30
” අනේ මෙන්න මේ කාමරේ නම් හොර වැඩක් නැහැ. මේ කාමරේ නම් බලන්න එපා ” කියලා බෝර්ඩ් ගහලා තියෙනවා දැකලා තියෙනවද ? රංගට මෙච්චර කියලත් තේරෙන්නේ නැත්නම් මන් ඊළඟ පෝස්ට් එකෙන් කරන එක වැඩක් ගැන විතරක් පෙන්නන්නම්.. ඒ සැට් එකේ සිග්නල් එක එන තැනම ඉඳන් පොටෝ ටිකක් ගහලා එවන්නම්.. ඉන්නකෝ ටිකක්….

නැත්නම් ඒවත් “විහිළු”ද? ඔයා නම් කොහොමත් කරන්නෙ විහිළු වගේ තමයි එක අතකට පේන්නෙ.

වීඩියෝ වල තාර ගෑම

උදා :- NHK ආයතනය මගින් ලබා ගත් නැරඹුම් ගිණුමක් මගින් සේවය ලබා ගනී නම් විටින් විට කෝඩ් අප්ඩේට් වීම/නොවීම තිරයේ දිස් වෙන්න පුළුවන්. එම කෝඩ් එක දුටු පමණින් කියන්න පුළුවන් මේ තරංගය එන්නේ SLRC වෙනුවෙන්ද ITN වෙනුවෙන්ද MTN වෙනුවෙන්ද  MBC වෙනුවෙන්ද යනාදී වශයෙන්. එවැනි දේවල් ගැන මට තුන්වෙනි පාර්ශවයක අවවාද සහ අනුශාසනා අවශ්‍ය නැහැ. මකනවාම තමයි.

සැටලයිට් සිග්නල් ගන්න පෙට්ටිය තියෙන්නේ සුදු පාටට කළු පාටට එක එක පාටින්.දන්නවද? අන්න ඒ පෙට්ටියෙන් එළියට වීඩියෝ / ඩේටා සිග්නල් එළියට එද්දී වීඩියෝ පින්තූර මතට කස්ටමර් ID දර්ශනය වෙනවා.

සහන් මෙතන පෙන්නන්න යන්නෙ අර වීඩියෝ වල තාර ගෑවෙ ට්‍රාන්ස්මිෂන් එකේ එන කෝඩ් මකන්න වගේ.

මේක හද්ද බොරුවක්, කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට හොඳ.

වීඩියෝ එකකට ඔය සහන් කියනව වගේ කෝඩ් ගහන්නෙ මිනිහෙක් ගෙ අතින් නෙවෙයි සිග්නල් එක ප්‍රොසෙස් කරන උපකරනයෙන් මයි. ඒ ප්‍රොසෙසර් එක ඇස් කන් තියෙන එකක් නෙවෙයි පින්තූරෙ තියෙන්නෙ මොකක්ද කියල තේරෙන්න. “මේ VLSI IC එකක්”, “මේ තියෙන්නෙ රොකට් තුනක්”, “මේ ඉන්නෙ මිනිස්සු” කියල තේරෙන්නෙ නෑ ඒ සර්කිට් එකට. ඒක කරන්නෙ මොකක් හරි සරල කේතයක් පින්තූරෙට එකතු කරන එක.

මෙන්න බලන්න පින්තූර.

IC වල හරියට අයින් දිගේ ම දිග අතටයි කෙලින් අතටයි, එක එක ඈන්ගල් වලින් කෝඩ් වැදිල ද මේ තාර ගාල තියෙන්නෙ?

1sat06

මේ හරියටම රොකට් තුනක බොඩීස් දිගේ ඒ විදියටම එලයින් වෙලා “Customer ID” තුනක් ම වැදිල ද ඩිකෝඩර් එකෙන්?

1sat63

මිනිස්සු තුන් දෙනෙක්ගෙ නේම් ටැග්ස් තියන හරියෙම හරියටම චූටි කෝඩ් තුනක් එක්ක එක පින්තූරෙ කෝඩ් හතරක් වැදිලද?

 1sat13

අනික් පින්තූරත් එහෙමයි. මේක අපි කලිනුත් කිව්ව වගේ කරේ බොරු පඩ ෂෝ එකකට, තමන් මේ මහා රහසක් වහනව වගේ පෙන්නන්න.

මේ මනුස්සය නම් දාන්නෙ ගොංකිරි සයිට් එකේ මෝඩ මල්ලිල දාන ගොං ජෝක් ම තමයි!

අනික සහන් කිව්වෙත් වීඩියෝ එකක් බලාගෙන නම් මේ පොර ටෝක් මොනව ගැනද?

SilentSahan October 31, 2013 at 7:55:00 PM GMT+5:30
නිකන් ඉන්ටර්නෙට් එකේ තියෙන දේවල් සහ ආයතනයේ ඇතුලේ වෙන දේවල් වල වෙනස වත් තේරුම් ගන්න බැරි කෙනෙක් එක්ක කතා කිරීමත් වැඩක් නැහැ.. ………
එකම හැඩේට පෙට්ටිය වගේ තිබ්බට හැම සැට් එකම එක වගේ නැහැ. ඉන්ටර්නෙට් එකේ රූප හොයලා ” ආහ්හ් මෙහ්හ් තියෙන්නේ අරක “ කියලා රැවටෙන්න එපා..

ඉන්ටනෙට් එකට දාන්න බැරි රහස් ටීවී ප්‍රොග්‍රෑම් එකකට දාන බූරුවො ඉන්නවද?

සහන් මෙතන කියන්නෙ සහන් පෙන්නන චන්ද්‍රිකාව විශ්ව කියපු එක නෙවෙයි කියලා. ඇත්ත නම්, දෙකම එකම චන්ද්‍රිකාව තමයි!

සහන්, දැන දැන බොරු කිව්වේ ඇයි? දැන්වත් කියන්න!!!

කෙනී දෙමටගොඩගෙන් අහපු LED ප්‍රශ්නය

සහන් කියන්නෙ, කොච්චර ඉලෙක්ට්‍රොනික් දන්න කෙනෙක් උනත් ප්‍රැක්ටිකල් අත්දැකීම් හුවමාරු කර ගන්නවා කියලයි.

නමුත් ඒ කමෙන්ට් එකෙන් හොඳට පේනවා ඒක එහෙම අත්දැකීම් හුවමාරු කර ගැනීමක් නෙවෙයි නිකන් ම සර්කිට් එකක් ඉල්ලීමක් කියලා, එලිය මදි නම් ගෙදර අයගෙන් සපෝට් එකක් නෑ කියලා! කමෙන්ට් එක කියවලම බලන්න.

සහන් මෙතන ලොකු කතා ටිකක් කියල තියෙනව, එකක් වත් සර්කිට් පොත් වලින්, ඉන්ටර්නෙට් එකෙන් හොයා ගන්න බැරි දේවල් නෙවෙයි. ඕන්නම් ඉතින් SMPS ගැනත් දාන්න. කවුරු හරි ඉගෙන ගන්න දෙයක් දැම්මොත් අපිත් කැමතියි බොරු නොදා.

මෙන්න ප්‍රශ්න ටිකක් සහන්.

  • ටෙස්ලා වීඩියෝ එකේ කාර් එකේ පාට වෙනස් කරේ ඇයි?
  • කාර් එකේ නොම්මරේ මැකුවෙ ඇයි?
    “වීඩියෝ එකකින් ගත්ත රූපයක මනුස්සයෙක් ඉන්නවා නම් වාහනයක අංක තහඩුවක් තියෙනවා නම් වෙනත් ගැටළුවක් වෙන දෙයක් ඇතිනම් එවැනි දේවල් මකනවා.” කියන එක උත්තරයක් නෙවෙයි. කොහොමත් පබ්ලික් වීඩියෝ එකක ගියපු නොම්මර එහෙම ඔයා මකන්න ඕනෙ නෑ, ඒක නිකන් සීගිරි රූප වල පින්තූර වලට බ්‍රෙසියර් අන්දන්න යනව වගේ. ඔයා කරන්නෙ හොර කම කියන එක ඔප්පු වෙලා ඉවරයි, එහෙම මැකුවත් එක්කම පාටත් වෙනස් කරල, “මේව මගෙන් විතරයි” කියල ඔයා දුන්න පොර ටෝක්නුත් නිසා.
  • ඔයා නිකන් වීඩියෝ එකකින් පින්තූර දාපු එක නම් කරේ, ඔයා ඒ සැටලයිට් එකට සම්බන්ධ කෙනෙක්, සැටලයිට් එක්කම ජීවිතේ ගෙවන කෙනෙක් කියල (ඉහත අපි සාක්කි ඇතුව පෙන්නපු) පොර ටෝක් දුන්නෙ ඇයි?
  • Yuki Precision සමාගමේ හදන බඹරයක්, චන්ද්‍රිකාව හදපු Axelspace සමාගමේ ම හදන, චන්ද්‍රිකාවෙ ඇණයක් කියල අපූර්විට ගල් පැලෙන බොරුවක් කිව්වෙ ඇයි?
  • ලෙන්ස් හදන එකක් පෙන්නලා ලෙන්ස් ටෙස්ට් කරන්න ලිපක දාල පුච්චනව කියල බොරු කිව්වෙ ඇයි?
  • විශ්ව චන්ද්‍රිකාව ගැන කී දේ හරි. ඔබ ඒවා ඔක්කොම බොරු කියා විශ්වට අපහාස කළේ ඇයි? (විශ්ව මේ ගැන මම හිතන්නෙ වෙනම පෝස්ට් එකක් කරාවි)
  • NHK එකෙන් ගත්තු වීඩියෝ බව දැන් පිලි ගන්නව නම්, ඒ වෙලාවෙ සැටලයිට් එක මහා රහසක් වගේ පෙන්නුවෙ ඇයි?

සරළ ප්‍රශ්න සහන්. එලකිරි එකේ උනු දේවලුයි එක එක ගෑනු ඔයාට බැනපුවයි පට්ටන්දර නැතුව කෙලින් උත්තර දෙන්න පුලුවන් නම් දෙන්න. පඳුර වටේ යන්නෙ කෙලින් උත්තර දෙන්න බැරි හොරු තමයි.

ඔයාව විස්වාස කරන්නම ලේස්ති වුනු ටිකකුත් ඉන්න බව අපි දන්නව, එහෙම “කුජීත” අය ගැන අපිට තියෙන්නෙ අනුකම්පාවක්!

ගල් පැලෙන බොරු කියන්න එපා සහන්, අහු වෙනවා!!

අනික “මම ඔය ඔක්කොටම ඉස්සරහට උත්තර දෙන්නම්” ටෝක් එකට දැන් අහු වෙන්නෙ කොහොමත් ඔයාට කඩේ යන්න ඕනෙ ටික දෙනා විතරයි. ඔයා ඒක පට්ට ගහල නෙ තියෙන්නෙ.

Advertisements

Closure

මේ පෝස්ට් ටික ලීවේ සහන් හොඳ බ්ලොග් කරුවකුගේ සිට තක්කඩියකු දක්වා රූපාන්තරණය වන වේගය වැඩි බව සිතුනු නිසා. නැතුව සහන් එක්ක පුද්ගලික තරහකට නොවේ.

බ්ලොග් එක ලියන්න හේතු වුනු, සහන් ගේ අනවශ්‍ය ප්‍රකෝප කිරීමට අදට දවස් හයයි.

“තොපිට මොකුත් ලියන්න බෑ වෙන එකෙක්ට කෙලවන්න නම් ඕන තරම් මහන්සි වෙන්න පුළුවන්” කියන විවේචනයට ‘නිතර අසන ප්‍රශ්න‘ පිටුවෙහි උත්තර දීල තියෙන්නෙ. ආපහු කියනව නම්, අපට වේලාව තිබූ හැටියට කමෙන්ට් වලින් සම්මාදම් වුනේ කමෙන්ට් වලින් කරන වැරදි පෙන්වාදීම් වුවත් ප්‍රයෝජනවත් නිසා.

සහන් තමන්ට වඳින පුදන කමෙන්ට් කාරයන්ට පිට අත ගගා, සාධාරණ වැරදි පෙන්වල දෙන උන්ට තග දාන මරිසියෙක් වෙන්න ගත්ත නිසා තමයි අපිටත් වෙලාව හොයන් හරි පොරගෙ කැරැට්ටුව පොඩ්ඩක් එලි කරන්න හිතුනෙ. සහන්ට හුරේ දාන අයත් පොරගෙ හැසිරීම තරමක් වත් විවේචනය කළා නම් සහන් මෙච්චර බොරු කාරයෙක් ගෙ තත්ත්වෙට නොවැටි බේරෙන්න තිබුන.

මේක සහන් ගැන විතරක් තේරුම් අරන් වැඩක් නෑ. හොර වෙද්දු, හොර සාස්තර කාරයො, ඉන්ටර්නෙ‍ට් සල්ලි කාපර් ලා, සක්විතිලා, සහන් වගේ ටෝක් වලින් ම ගේම දෙන ඔක්කොටම අදාලයි. ලොකුම වරද උන්ගෙ නෙවෙයි උන්ව හදල, නඩත්තු කරල, උන්ටම රැවටෙන මී හරකුන් ගෙ.

ටෝක් වලින් නැති තත්ත්වයක් ගන්න හිතන්න එපා. කවදා හරි ඇත්ත එලි වෙනවා. එදාට ලැජ්ජ වෙන්න වෙන්නෙ හොරාට විතරක් නෙවෙයි, හොරාට චියර් දදා, වැරදි පෙන්නපු උන්ව “කොහෙද යන ගෙම්බො” ගානට දාපු උදවියටත්. ඒක නිසා කවුරු කවුරුත් මීට පස්සෙ තෝර බේර ගෙන කටයුතු කරන්න.

සහන් ගෙ පුරුද්දට ආයෙම සිංදුවක් දාමු, මමත් අරූට එදා කියපු විදියටම Generation X බුවෙක්. “කවුද හරි” චිත්‍රපටිය ඉවර වෙන්නෙ මේ සින්දුවෙන්.

අපේ චිත්‍රපටියත් මෙතනින් ඉවරයි.

සදහටම වැලලී යයි සිතූ මළකුණ ගොඩ එයි …

න අන්තලික්ඛෙ න සමුද්ද මජ්ඣෙ
න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජති සො ජගතිප්ප දෙසො
යත්තත්ථි තො මුංචෙයය පාප කම්මං

අහස් කුසෙහි වේවා, සමුදුරු මැදෙක වේවා, පර්වත කුහරයක වේවා, මේ කොතැනකවත් ම, කරන ලද පාප කර්මයාගෙන් ගැලවී සිටීමට තැනක් මේ මුළු තුන් ලොවෙහි බැලුවත් නො පෙනෙන්නේමය …

— ධම්මපද, පාප වග්ග

____________________________

චන්ද්‍රිකා තාක්ෂණය ගැන සහන් පල කළ ලිපිය හොඳයි. ඒත්, ඇත්ත කියනව වෙනුවට, සහන් උත්සාහ ගත්තේ තමා එම ස්ථානයට සම්බන්දයක් ඇති බව පෙන්වන්න. සහන් ඩීටේල්ස් ගැන හොයන්නෙ නැති නිසාද, ඇත්තටම ඉංග්‍රීසි තේරුම් ගන්න අමාරු නිසා ද මන්දා සමහර වෙලාවට කිව්වෙ හද්ද බොරු.

(more…)

අපේ මිනිස්සු මෙච්චර ලේසියෙන් ඇඳගන්නේ ඇයි?

මේක මට සහන් ගැන විතරක් එන ප්‍රශ්නයක් නෙවෙයි. ඇයි අපේ මිනිස්සු මෙච්චර ලේසියෙන් අන්දන්න පුලුවන්?

1. මගෙ හිතේ විචාර බුද්ධිය කියන එක බල්ලට ගිහින්.

උදාහරණයක් හැටියට සහන් කරපු බිල්ඩිං කොස්ට් එස්ටිමේෂන් එක අරන් බලමු. සහන් මුලින් ම පටන් ගන්නෙ වර්ග අඩියක වියදම හොයන්නෙ වර්ග අඩියක් පොලවයි, වටේ හතර පැත්තෙන් බිත්තියි කියලා.

ඊට පස්සෙ මහා ලොකු ගානක් වගේ හදල පෙන්නනව වර්ගඵලේ ලොකු වෙන්න ලොකු වෙන්න ඒකක වර්ග අඩියක කොස්ට් එක අඩු වෙනව කියලා.

මෙතන මහ ලොකු දෙයක් තියෙද? අර මුලින් ගත්ත A කියන එක වගේ හතර ගුනයක් වියදම් වෙන්න නම් හැදෙන්න ඕන පහළ තියන B වගේ එකක් නෙවෙයි A වගේ හතරක් තියන C වගේ එකක්, ඊට වඩා බිත්ති අඩු නිසා B හදන්න යන්න ඕන අඩු වියදමක් කියන්න මහා මොළයක් ඕනෙ ද?

building

මේක පහේ පන්තියෙ පොඩි එකෙක්ට උනත් තේරෙන දෙයක් නෙ? මට හිතෙන්නෙ ඔය වගේ දෙවල් ශිෂ්‍යත්වෙටත් ආවා!

(more…)

අභ්‍යවකාශයට ගිය බඹරය සහ තවත් කතා

සුද්දෙක් දිය ඇල්ලකින් පල්ලෙහාට වැටිල මැරිල, ඕක හොයල වාර්තා කරන්න පත්තර කාරයෙක් ඒ පලාතට ගියා. හද්ද කැලෑව, අතරින් පතර පොඩි පාළු ගමක් තියෙනව මිනිහෙක් දෙන්නෙක් ඉන්නව.

පත්තර කාරය දිය ඇල්ලෙ පොටෝ එහෙම අරන්, ලඟම තිබුනු ගම් මණ්ඩියක තේ කඩේකට ගියා විස්තරයක් හොයා ගන්න. මිනිහගෙ වාසනාවට එතන ටෝක් දිදී ඉන්නව සිද්දිය ඇහින් දුටු බව කියන එකම මනුස්සය, වයසක සීය කෙනෙක්.

පත්තර කාරයත් ටිකක් සීයට බටර් ගාල, තේකක් කාරිය අරන් දීල දැන් විස්තර අහ ගන්නව. ගමේ මිනිස්සුත් වටවෙලා මැජික් වගෙ බලන් ඉන්නව, සීයත් ෆෝම් වෙලා දෙනව ඇට්ටි හැලෙන්න, නිකන් සුද්ද එක්ක පොරත් ඇල්ලෙන් වැටුනු ගානට.

රිපෝටර් ට ඒත් නිකන් කික් එක මදි වගේ. නිවුස් වලට ගෙවන්නෙ අඟල් ගානට නෙ! පොර ඇහුව “ඉතින් සීයෙ සුද්ද නිකන් ම වැටුනද, අඩු ගනෙ කෑ ගැහුවෙ වත් නැද්ද උදව් ඉල්ලලා?”

“මොකෑ නැත්තෙ මහත්තයො සුද්දා ලතෝනි දීගෙන වැටුනෙ බුදු අම්මෝ!! බේර ගනියෝ! කියල !!!”

හොඳට කල්පනා කරල බලන්න මෙහෙම මිනිස්සු ඔබටත් කොහේදි හරි හම්බ වෙලා නැද්ද කියල. ඒ අය ඕනෙ දෙයක් දන්නව. එයාල ගෙන් දෙයක් ඇහුවොත් “මම දන්නෙ නෑ” කියන උත්තරේ කවදාවත් එන්නෙ නෑ, තමන්ගෙ බුද්ධි පරිමාවෙ හැටියට හිතෙන් ඔන් ද ස්පොට් හදා ගත්තු උත්තරයක් තමයි ලැබෙන්නෙ.

(more…)

ටෙස්ලා කාර් එක: සහන් අනුන්ගේ වීඩියෝවක් චේතනාන්විත ව හොරකම් කල සැටි

මේ වීඩියෝව සොයා ගැනීමේ ගෞරවය යා යුතු මම වෙනත් වග තුග නොදන්නා කිසියම් ඇනෝ කෙනෙකුටයි.මම හිතන්නෙ මුලින් ම පළ වුනේ මෙතන.

සහන් ගොඩක් වෙලාවට හරි උනන්දුයි තමන් පාවිච්චි කරන්නෙ MS පේන්ට් විතරයි, තමන් ගාව ඔය ලොකු ලොකු සොෆ්ට්වෙයා පාවිච්චියක් නෑ පින්තූර එඩිට් කරන්න කියල පෙන්නන්න.

SilentSahan December 4, 2013 at 2:25:00 PM GMT+5:30

මම මේ සියල්ල කරන්නේ 1.7  xp පොඩි කම්පියුටර් එකකින්.. රූප අඳින්නේ පේන්ට් වලින්… ඔටෝ කැඩ් අර කැඩ් මේ කැඩ් නැහැ මා ළඟ ( දැන් මේ ඉන්න තැන ) ..

විචාරක ටිකක් හොඳ සොෆ්ට්වෙයා එකක් ගැන කිව්වම සහන් කියන්නෙ මෙහෙම:

SilentSahan October 30, 2013 at 7:34:00 PM GMT+5:30

මේ දවස් වල ඕවා පිවිච්චිය සපුරා තහනම් බ්ලොග් අවකාශය තුළ …? විචාරක තුමා දන්නේ නැද්ද සීන් එක.. මන් ඒකයි මේ පරණ සිස්ටෝන් එකට තාරම ගාන්නේ..

ඇත්තට සහන් පාවිච්චිය පේන්ට් විතරද? නැහැ. පේන්ට් වලින් කරන්න බැරි වැඩ කරන්න සහන් වෙන සොෆ්ට්වෙයා පාවිච්චි කරනවා — පහත තියෙන්නෙ එහෙම එක අවස්තාවක්. හැබැයි සහන් කැමතියි කියවන්නන්ට අයිඩියා එක දීල තියන්න සහන් නම් පින්තූර වලට කරන්නෙ බොහොම සරල, පේන්ට් වලින් කරන්න පුලුවන් වෙනස්කම් විතරයි, සහන් ගාව ඔය ලොකු වැඩ නෑ කියලා.

ඇයි ඒ? නිකමට වත් මිනිස්සුන්ගෙ හිතේ සැක එන එක නවත්තන්නද?

(more…)

ගේම ඉල්ලන නිසා …

මා එක්ක වචන සෙල්ලම් දාන්න එන්න එපා හොඳද …? ඔයාට කවමදාවත් මා එක්ක හැප්පිලා දිනන්න බැහැ.. මම ජයගන්නවාම තමයි. පොඩි කාලේ ඉඳලා මගේ හැටි එහෙමයි..කිසි කෙනෙකුට මාව පාස් කරන්න දෙන්නේ නැහැ චැලේන්ජ් කරොත් නම් … අනිවාර්යයෙන්ම ගමන නවත්තනවාමයි …සාමෙන් නම් සාමෙන්… අන්න එක හොඳට මතක තියාගන්න මගේ නෝනේ …..

SilentSahan December 5, 2013 at 2:32:00 PM GMT+5:30

burke

මම ඇනොනිමස්. මම කවුද කියල ලොකු ප්‍රශ්න තියේ නම්  විතරක් (FAQ – නිතර අහන ප්‍රශ්න) කියවන්න. නැත්නම් එපා.

මෙම ලිපියෙන් ආරම්භ වන ලිපි හතරක්, SilentSahan නම් බ්ලොග් කරුවා ගේ බ්ලොග් භාවිතය සහ අන්තර්ගතය ගැන අවංක විවේචනයක් සඳහා ලියවේ. එම බ්ලොගයේ අඩංගු කාට හෝ ප්‍රයෝජනවත් දේ හෝ බ්ලොග් කරුවා ගේ පුද්ගලිකත්වය අවතක්සේරු කිරීමක් නොවේ.

(more…)

Tag Cloud