මා එක්ක වචන සෙල්ලම් දාන්න එන්න එපා හොඳද …? ඔයාට කවමදාවත් මා එක්ක හැප්පිලා දිනන්න බැහැ.. මම ජයගන්නවාම තමයි. පොඩි කාලේ ඉඳලා මගේ හැටි එහෙමයි..කිසි කෙනෙකුට මාව පාස් කරන්න දෙන්නේ නැහැ චැලේන්ජ් කරොත් නම් … අනිවාර්යයෙන්ම ගමන නවත්තනවාමයි …සාමෙන් නම් සාමෙන්… අන්න එක හොඳට මතක තියාගන්න මගේ නෝනේ …..

SilentSahan December 5, 2013 at 2:32:00 PM GMT+5:30

burke

මම ඇනොනිමස්. මම කවුද කියල ලොකු ප්‍රශ්න තියේ නම්  විතරක් (FAQ – නිතර අහන ප්‍රශ්න) කියවන්න. නැත්නම් එපා.

මෙම ලිපියෙන් ආරම්භ වන ලිපි හතරක්, SilentSahan නම් බ්ලොග් කරුවා ගේ බ්ලොග් භාවිතය සහ අන්තර්ගතය ගැන අවංක විවේචනයක් සඳහා ලියවේ. එම බ්ලොගයේ අඩංගු කාට හෝ ප්‍රයෝජනවත් දේ හෝ බ්ලොග් කරුවා ගේ පුද්ගලිකත්වය අවතක්සේරු කිරීමක් නොවේ.

මේ ලිපිය කියෙව්වෙ නැතත් කමක් නෑ, මේක නිකන් පුද්ගලික කරුණු පැහැදිලි කිරීමක්.  කමෙන්ට් දාන්න හිතෙනව නම් විතරක් FAQ එක ඊට කලින් කියවල ඉන්න මෙතන මම කලින්ම උත්තර දීපු දේවල් ද කියලා.

බහු ජන කියවීම සඳහා ලියවෙන ඉදිරි ලිපි පහත දැක්වේ.



ගාල් තැන්නෙ කපුවා

අපේ රටේ මිනිස්සු ඇඳ ගන්න තියෙන්නෙ මාර ආසාවක්. නෙත් එෆ් එම් එකේ අච්චර එලි දරව් වෙවී උනත් ගාල්තැන්නෙ කපුවට ඔච්චර බිස්නස් කොහෙන්ද? කිසි ගේමක් නෑ, ඊසි ගොයිං කියල කපුව දන්නව.

අවුරුද්දකට දෙකකට පාරක් වතුරෙන් කාර් දුවන මැජික් කාරයෙක් ලංකාවෙ පහල වෙනවා. පත්තර වල යනවා, එලකිරි වගේ ෆෝරම් වල උන් පොරට හුරේ දානවා “මාරයි මල්ලි ආඩම්බරයි උඹ ගැන” කියලා. කවුරු හරි කිව්වොත් “ඔහොම කරන්න බෑ” කියල, ඒ කියපු එකා ට බඩු බනිස්. ඉරිසියා කාරයෙක් කියයි, ලංකාව හැදෙනවට තරහ එකෙක් කියයි, “මල්ලි බල්ලො බුරයි කඳු පහත් වෙන්නෙ නෑ උඹ උඹේ ගමන පලයන්” කියල කියයි.

දෙය්යො බර්ත්ඩේ එකට කතරගම එනව කියන උන්, ඒඩ්ස් වලට බෙහෙත් හොයන උන් ඔක්කොමත් එහෙමයි. දන්නව ඕනෙ බොරුවක් ලංකාවෙ නම් ගේමක් නෑ කිව්වහැකි, රෙද්ද දුන්නම අයියලට කපල මහල ඇඳගන්නෙ කියලා.

රස්තියාදුකාරයා ලියපු විදුරයි සහනුයි වෙනස් ද? ලොකු වෙනසක් නෑ, කටේ තොලේ නොගෑවෙන බොරු එවෙලෙ රෝල් කරල දෙනව, ගිලින බව දන්න නිසා. විදුර දැන් අවංකව වරද පිලි අරන් හැදුනු කෙනෙක්. ඔහුට අපේ ගෞරවය! සහන් මොකද කරන්නෙ? ගාල්තැන්නෙ කපුවා නෙත් එෆ් එම් එකට දාන චන්ඩි පාට් වගේම ඒව දානවා.

“වලි ඕනෙ නෑ” කියන එක එකම සටන් පාඨය උනු උන්ට පේන්නෙ නෑ සරළ වැරදි පෙන්වා දීමක් වලියක් වෙන්නෙම සහන් ගෙ චන්ඩි කම් නිසා කියල. ඒ අයට කවුද ඇත්ත කියන්නෙ බොරු කියන්නෙ, කවුද පිට පැනල මඩ ගහන්නෙ, ඒව අදාළ නෑ ආතල් කඩා ගන්නෙ නැතුව ඉන්න පුලුවන් නම්.

බොරු කියල නැති ප්‍රතිරූප මවා ගන්න එක අහිංසක ආතල් එකක් වෙන්නත් පුලුවන්, කවද හරි කවුරු හරි අමාරුවෙ වැටෙන්නත් පුලුවන්. ඒක නිසා නවත්තන්න ට්‍රයි එකක් දෙන එක වැරදි නෑ.

නැත්නම් කවද හරි තවත් පොඩි උන් ජනප්‍රිය වෙන්න නම්, හුරේ දා ගන්න නම්, මහන්සි වෙන්න ඕන නෑ මවා පෑවම ඇති කියල හිතන්න පුලුවන්, සහන් ආදර්ශෙට අරගෙන.

මේ ලිපි ලියන්නෙ සහන් සමග තරහකින් නොව, සහන් ගෙ බ්ලොග් එකේ ඩිලීට් කරන කමෙන්ට් වල ලියවෙන්න තිබුණු දේ ලියන්නයි.

සහන් කියන දේ කියවන්න, ගන්න තියෙන දෙයක් ගන්න, ඒත් ලොකු අදහස් ගන්න කලින් පොඩ්ඩක් විචාර බුද්ධිය පාවිච්චි කරන්න.


සහන් එසේ මෙසේ අන්ඩපාලයකු නොවේ.

සහන් හොරකම් කල පින්තූර සමග ටෙස්ලා කාර් පෝස්ට් එක දැම්මේ ඔක්තෝබර් 24 වනදා ය. මාරයා විදුර ට ගේම දුන්නේ 26 වනදා ය. සහන් සැටලයිට් පෝස්ට් එක දැම්මේ 30දා ය.

ඒ කියන්නේ විදුර මාට්ටු වන්නටත් පෙර ම, මාට්ටු නොවී වැඩ කරන හැටි සහන් දැන ගෙන සිටියේය. ඉන්ටර්නෙට් එකෙන් පින්තූර කෙලින්ම නොගෙන, වීඩියෝ ෆ්රේම් කැප්චර් කර, ඒවායේ පාටද වෙනස් කර තමන් ගේ වැඩේ ගෙන ගියේ හීන් නූලෙනි. එමතු ද නොවේ, විදුර මාට්ටු වී කොපි කිරීම විවේචනය වද්දීත්, විදුර වෙනුවෙන් බණ කියමින් ම, අහු වේද යන කිසිම පැකිලීමක් වත් නැතුවම තමන් ගේ ගේම ගහගෙන ගියේ ය. Business as usual.

විදුර ගේ සිද්දියෙ උනුහුම යන්නත් කලින්, ඊට යන්තම් දවස් කීපෙකට පස්සෙ, සැටලයිට් පින්තූර තමා පුද්ගලිකව ලබා ගත් ඒවා බව බය නැතිව කීවේ මෙහෙමයි.

TDK DC/DC converter ටිකක් පොටෝ ගහලා එවන්නද මේ දැන් …? ඕනේ නම් මන් පෙන්නපු සැට් එක උඩ තියලා පොටෝ ගහලා එවන්නද …?

SilentSahan විදුර මාට්ටු වී දින කීපයකට පසු (link)

මා අරුණි ශපීරෝ යයි කීමත් හොඳට හිතා බලා කළ දෙයකි. අරුණි ගේ උද්දච්ච කම නිසා අරුණි වෙනුවෙන් පෙනී සිටින්නට කෙනෙකු නැති බව දැන ප්ලේයිං ෆීල්ඩ් එක තමා ගේ වාසියට හරවා ගැනීමට දැමූ පට්ට සෝෂල් එන්ජිනියරිං ට්‍රික් එක කි. (මුලදී මමත් හිතුවේ සහන් ඇඳගෙන කියා ය.) ඒ අතින් නම් සහන් අන්දන්නන්ගේ බිස්නස් එකේ tricks of the trade සියල්ල ම ප්‍රගුණ කර ඇති බව පෙනේ.

ලිපිය මෙතනින් ඉවරයි. ඊලඟ ලිපිය ට මෙතනින් යන්න.

බැනල කමෙන්ට් දාන්න එපා, ඒවට උත්තර දීල ද කියල හොයන්නෙ නැතිව.


Advertisements

Comments on: "ගේම ඉල්ලන නිසා …" (2)

  1. හෙහ්හ්හ් හෙහ්හ්හ් මට තව හිට්ස් ටිකක්.. 😀

    ඉන්දික උපශාන්ත මහත්තයා සහ විශ්ව රංගනාත් මහත්තයා මේ උඩින්ම ඉන්නේ… සියල්ල පැහැදිළියි …ඔන්න බලන්න තව ටික කාලෙකින් කියයි මේ සයිට් එක කරන්නෙත් සහන් තමයි … සහන් දාපු වීඩියෝ ගැන සහන් ඇර වෙන කව්ද දන්නේ කියලා… 😛

    අනේ මචන් මේ පෝස්ට් එක ගැන මගේ ස්තූතියි… හිට්ස් ෆලෝ එනවා තව ටිකක් මේ වැඩෙන්… 😀

    • මේ වගේම “මට තව හිට්ස් එනවා” කතා ගාල්තැන්නෙ කපුවත් කිව්වා නෙත් එෆ් එම් සීන් එකට පස්සේ!

      හැබැයි එයා නම් සහන් ඔයා වගේ “හිට්ස් තම්බල කන්නද” අහපු කෙනෙක් නෙවෙයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Tag Cloud

%d bloggers like this: