මේ වීඩියෝව සොයා ගැනීමේ ගෞරවය යා යුතු මම වෙනත් වග තුග නොදන්නා කිසියම් ඇනෝ කෙනෙකුටයි.මම හිතන්නෙ මුලින් ම පළ වුනේ මෙතන.

සහන් ගොඩක් වෙලාවට හරි උනන්දුයි තමන් පාවිච්චි කරන්නෙ MS පේන්ට් විතරයි, තමන් ගාව ඔය ලොකු ලොකු සොෆ්ට්වෙයා පාවිච්චියක් නෑ පින්තූර එඩිට් කරන්න කියල පෙන්නන්න.

SilentSahan December 4, 2013 at 2:25:00 PM GMT+5:30

මම මේ සියල්ල කරන්නේ 1.7  xp පොඩි කම්පියුටර් එකකින්.. රූප අඳින්නේ පේන්ට් වලින්… ඔටෝ කැඩ් අර කැඩ් මේ කැඩ් නැහැ මා ළඟ ( දැන් මේ ඉන්න තැන ) ..

විචාරක ටිකක් හොඳ සොෆ්ට්වෙයා එකක් ගැන කිව්වම සහන් කියන්නෙ මෙහෙම:

SilentSahan October 30, 2013 at 7:34:00 PM GMT+5:30

මේ දවස් වල ඕවා පිවිච්චිය සපුරා තහනම් බ්ලොග් අවකාශය තුළ …? විචාරක තුමා දන්නේ නැද්ද සීන් එක.. මන් ඒකයි මේ පරණ සිස්ටෝන් එකට තාරම ගාන්නේ..

ඇත්තට සහන් පාවිච්චිය පේන්ට් විතරද? නැහැ. පේන්ට් වලින් කරන්න බැරි වැඩ කරන්න සහන් වෙන සොෆ්ට්වෙයා පාවිච්චි කරනවා — පහත තියෙන්නෙ එහෙම එක අවස්තාවක්. හැබැයි සහන් කැමතියි කියවන්නන්ට අයිඩියා එක දීල තියන්න සහන් නම් පින්තූර වලට කරන්නෙ බොහොම සරල, පේන්ට් වලින් කරන්න පුලුවන් වෙනස්කම් විතරයි, සහන් ගාව ඔය ලොකු වැඩ නෑ කියලා.

ඇයි ඒ? නිකමට වත් මිනිස්සුන්ගෙ හිතේ සැක එන එක නවත්තන්නද?

සහන් ටෙස්ලා කාර් එකක් ගැන දාපු පෝස්ට් එක මතක ඇති. ඒ පෝස්ට් එකේ දි සහන් ඉඟි කළා පින්තූර තමන් විසින් ම ගත් ඒවා බව.

SilentSahan October 24, 2013 at 8:33:00 PM GMT+5:30

ඔව් පොටෝ ටික ගහගන්න හරි කට්ටක් කෑවා.. තනියම ඔක්කොම කරගන්න එපැයි ..

“ෆොටෝ ගහගන්න” කියනවා මිසක් කොපි කරපු කතාවක් නෑ.

විශ්ව රංගනාත් October 25, 2013 at 5:17:00 PM GMT+5:30

ඔබ පින්තුර වල aspect ratio එක වෙනස්වී ඇති නිසා වාහනයේ body shape එක ලස්සනට නොපෙනේ.

SilentSahan October 25, 2013 at 7:13:00 PM GMT+5:30

පින්තූර ටිකට නම් දරුණු විකෘතියක් වෙලා තියෙනවා රංග..දැනට මට හදන්න විදිහක් නැහැ..වෙලාවක වෙනම පොටෝ ටිකක් අරන් අප්ඩේට් කරන්නම් …

SilentSahan October 25, 2013 at 11:52:00 AM GMT+5:30

සිරා මේ කාර් එක ආවේ 2009 දී..මන් මේ පෙන්නලා තියෙන වාහනේ නම් සියලුම දේවල් සර්වසම්පූර්ණයි…කිසිම අඩුවක් නැහැ. එන්ජිනියරින් පැත්ත හොඳටම තියෙනවා.. ට්‍රැක් එහෙක ටෙස්ට් කරද්දී හොඳටම තේරෙනවා සිරා වාහනයේ තත්වය

හරියට නිකන් සහන් ටෙස්ට් කරා වගෙයි නේ?

SilentSahan October 26, 2013 at 6:27:00 PM GMT+5:30

ඔව් පැතුම් ඒක තමයි……….. මම ඒත් බැලුවා මගේ පෝස්ට් එකක් එතන තියේද කියලා.. මම මේ දාලා තියෙන පොටෝ නම් මගෙන් විතරයි හොඳද …?

ලිපි ලියන විට අවශ්‍ය නම් ඉන්ටර්නෙට් එකෙන් පින්තූර හොයා ගෙන, ඒ බව කියා පළ කළ හැකි බව සහන් දන්නව නේ? හැබැයි සහන් එහෙම නොකර ලොකු වට රවුමක යන්නෙ

  • පින්තූර සොයා නොගෙන, වීඩියෝවක් සොයා ගෙන ඒකෙන් ෆ්රේම්ස් කැප්චර් කර ගන්නවා
  • ඒ ෆ්රේම්ස් එහෙම ම නොදා හැඩය වෙනස් කරනව දිග:පළල අනුපාතය වෙනස් වෙන්න
  • පින්තූරෙ පාටත් වෙනස් කරනව.

සහන් හොරා ගත්තු වීඩියෝව තියෙන්නෙ මෙතන. ඒකෙ තියෙන්නෙ රතු පාට කාර් එකක්.

youtube-s

මේ තියෙන්නෙ අදාල ෆ්රේම් එක වෙනම අරන්.

car-orig

සහන් බ්ලොග් එකේ දාන පින්තූරෙ මේක:

shermie 54547574344

බලන අයට පේනව ඇති දිග පළලත් පාටත් වෙනස් වුනාට මේ පින්තූර දෙක එකමයි කියල. අනික සහන් ගන්න පින්තූරත් ඉන්ටනෙට් එකේ යන වීඩියෝ එකක් කාර් එකකුත් හරියට ම එකම තැන එකම විදියට තියන්න පුලුවන් ද? ඒත් හොරට නිදා ගන්න උන් ඇහැරවන්න අමාරු හින්ද ද කොහෙද සමහරු අහනවා මේ දෙක එකක් වෙන්නෙ කොහොමද කාර් දෙකේ හැඩේ වෙනස් පාට වෙනස් කියල.

කොහොමද ඒ කළේ කියල අපි බලමු.

මහා මැජික් එකක් නෙවෙයි, නමුත් බලමු මේ “පින්තූර දෙක දෙකක්” කියන “බුද්ධිමත් සිංහල බ්ලොග් පාඨකයන්ට” මොළේ දෙන්න පුලුවන් ද කියලා.

මේ තියෙන්නෙ දෙවැනි පින්තූරෙ තියන ෆ්රේම් එක සහන් ගෙ පින්තූරෙ ගානට කොන් කපල, දිග පළල වෙනස් කරපු පින්තූරයක්. පේනව නේද දැන් ඒ කාර් එකත් සහන් ගෙ එකේ හැඩේමයි?

car-orig-resize

ඊලඟට සහන් කලර් බැලන්සිං සහ hue වෙනස් කරමින් කාර් එකේ පාට වෙනස් කරනව. පේන හැටියට සහන් ගෙ ක්‍රමේ පොඩි ප්‍රාථමික බවක් නිසා, පසුබිමේ පාටත් සෑහෙන්න කහ පාටට බර වෙලා, කාර් එක රතු පාටින් (කහ පාටට බරවී) තැඹිලි පාට හැදෙන කොට. පහල පින්තූරයෙ තියෙන්නෙ මම එහෙම hue වෙනස් කළ එකක්.

පේනව නේද, පාට වල ටෝන්ස් වැඩියෙන් ස්වභාවික වීමත්, කාර් එකේ පාට ඇරෙන්න බැක්ග්‍රවුන්ඩ් එක පුලුවන් තරම් ඔරිජිනල් විදියට තියා ගැනීමත් ඇරෙන්න,  මේ පින්තූරෙ සහන් “ගත්තු” පින්තූරෙට හරියටම සමාන බව? (සහන් ගෙ පින්තූරෙ තියන හොඳටම පේන පාට ඉළුව වගේ ප්‍රොසෙස් කරපු ගතිය එන්නෙ පසුබිමේ එකේ සැචුරේෂන් එකත් (වර්ණ වල තිබෙන පාට සැර අඩු/වැඩි කම) පෝස්ටර් පාටක් වගේ ඒකාකාරීව වැඩි වෙලා නිසා. මේව කියන එකත් බයානකයි එක අතකට, මෙහෙම මිනිස්සුන්ට, ඒක නිසා මට කනගාටුවෙන් උනත් ඒකෙ තියන අතේ මාට්ටු වෙන වැරදි දෙක තුනක් මෙතන කියන්න බැහැ. )

car-orig-hue-or

ඔන්න කාර් එක, නොම්මරෙත් එක්ක ම!

ඕනෙ නම් මීටත් වඩා ලොකු වෙනසක් වුනත් කරන්න පුලුවන් බැක්ග්‍රවුන්ඩ් එක එහෙම ම තියාගෙන. මම මේ හදිසියෙ කරපු එකක් වෙලා තියෙනව නම් මීට වඩා හොඳට කරන්නත් පුලුවන්.

car-orig-hue-gr

දැන් මෙන්න ප්‍රශ්න ටිකක් හිතන්න:

  • සහන් හිතා මතා ම ඕක තැඹිලි පාටට වෙනස් කරන්නෙ ඇයි? පින්තූර ගානක පාට වෙනස් කරන එක එපා වෙන වැඩක් නෙ කිසිම තේරුමක් නැතුව?
    ඔය ඇනෝල කියනව වගේ අපිට ආදරේට නම් අපේ දැනුම වැඩි කරන්න ඕව දාන්නෙ, රතු පාටින් තිබුනට වඩා වැඩි දැනුමක් එනවද තැඹිලි පාට කරහම?
    සහන් මේක කරන්නෙ වෙන මොකුත් නෙවෙයි අහු වෙන්න තියන චාන්ස් එක අඩු කරන්න. ඔය වීඩියෝ එක කෙනෙක් දැක්කත්, ඒකෙ පාට වෙනස් නිසා එක පාරට හිතෙන්නෙ නැහැ නෙ මේ කාර් එක ම නේද මම සහන් ගෙ පෝස්ට් එකේ දැක්කෙ කියලා.
  • ඉන්ටර්නෙට් එකේ තියන ඔටෝ ෂෝ එකක වීඩියෝ එකක ප්‍රසිද්දියෙ පෙන්නපු කාර් එකක, මහා රහසක් වගේ නොම්මරේ මකන්නෙ ඇයි? සහන් හොඳටම දන්නව ඒ නොම්මරේ සහන් ගෙ බ්ලොග් කට්ටට වඩා ප්‍රසිද්ධ මාද්‍ය වල පළ වුනු කාර් එකක නොම්මරයක්, කාර් එක තියෙන රටෙත් ප්‍රසිද්ද උනු නොම්මරේ ආයෙ සිංහලෙන් කියවන උන්ට කොහොමත් හංගන්න දෙයක් නෑ කියල.
    මට හිතෙන්නෙ නම් හේතු දෙකක්.
    • එකක් තමයි කලින් වගේම මාට්ටු වෙන එක අමාරු කරන්න.
    • දෙවැනි එක තමයි සහන් ගෙ අර කොහොමත් තියන, බොරුව කෙලින්ම කියනව වෙනුවට කෑල්ලක් වහලා මිනිස්සුන්ට නැති දේවල් හිතා ගන්න අරින මෝඩ චූන් එක. නම්බර් එක වැහුවම නිකන් ම මිනිස්සු හිතන්නෙ මේක පුද්ගලික ව ගත්තු පින්තූරයක්, දන්න අඳුනන කෙනෙක් ගෙ කාර් එකක කියලා. ඔන්නම් පස්සෙ කියන්න පුලුවන් නෙ “උබල හිතා ගත්තට මම කිව්වෙ නෑ නෙ” කියල. බිල කැඩෙන්නෙ නෑ හැබැයි බඩු හම්බ වෙනවා!

සහන් ගෙ මේ වහලා ගැහිල්ලෙ හොඳම සීන් එකක් ඉදිරි පෝස්ට් එකක එනවා. මේව හොඳයි ඒක එක්ක බලන කොට, මේකට හිනා යන්නෙ නැහැ නෙ, ඒකට හිනා යනවා 😀

  • මේකත් අර ඇනෝ ගෙ ම පොයින්ට් එකක්. ටෙස්ලා HUD කියල සහන් දාන්නෙ මැස්ඩා එකකින් ගත්තු එකක්.
    ඒකෙ ස්පීඩ් එක බොහොම ප්‍රිමිටිව් විදියට අතින් ලියල කියල පේනවා.
  • ඔක්කොමත් හරි, අනුන්ගෙ පින්තූර හොරෙන් අරන් තමන් ගෙ කියල පෙන්නුව කියල නේද සමහරු විදුරව මරන් කන්න හැදුවෙ?
    අඩු ගානෙ විදුර ගෙ කතාව කොහොමත් ප්‍රබන්දයක් කියමු කො, මේක තාක්ෂණික ලිපියක් (කියල නෙ කියන්නෙ)? එහෙම එකක, මුල source එක නොදා තමන් ගෙ නම ගහ ගෙන පින්තූර දාන එක හරිද, පින්තූර ගැන කියවෙන හැම වෙලාවකම ඒව තමන් ගත්තු විදියටම හැසිරෙමින්. එක වෙලාවක වත් කියන්නෙ නැහැ නෙ මෙන්න මෙතනින් කැප්චර් කරේ කියල.

අනුන් ගෙ පින්තූර වල නම් ගහ ගැනීම ගැන සහන් මට මෙහෙම කතාවක් කිව්වා. නම් ගහන්නෙ එයා ගෙ ලිපි හොරකම් කරලා වෙන උන්, උන් ගෙ වගේ දාගන්නවට ලු!

මොන ලිපිද? එයා වෙන උන්ගෙන් කන්ටෙන්ට් හොරකම් කරලා එයා ගෙ වගේ දාගත්තු ලිපි!

සිංහලට පරිවර්තනේ කළා කියලා, වීඩියෝ එකකින් ඉමේජ් එකක් ගත්තා කියලා, මුල් නිර්මානෙ අයිතිය වෙනස් වෙන්නෙ නෑ. ගත්තු තැන කියන එක තමා යුතු කම. සහන් හොර කම කරන්නෙ හොඳටම දැන ගෙන බව පේන්නෙ ඒක වහ ගන්න දාන දහං ගැට වලින්.

තව පාරක් කියන්නම්, මේ වීඩියෝව සොයා ගැනීමේ ගෞරවය යන්නෙ මා නොදන්නා උඩ ලින්ක් එකෙන් පෙන්වූ ඇනෝ ටයි. ඊලඟ ලිපි වල යන්නෙ මේ ලේඛකයා ගේ ම සොයාගැනීම් ටිකක්.

Comments on: "ටෙස්ලා කාර් එක: සහන් අනුන්ගේ වීඩියෝවක් චේතනාන්විත ව හොරකම් කල සැටි" (3)

  1. හෙහ්හ්හ් හෙහ්හ්හ් මට තව හිට්ස් ටිකක්.. 😀

    ඉන්දික උපශාන්ත මහත්තයා සහ විශ්ව රංගනාත් මහත්තයා මේ උඩින්ම ඉන්නේ… සියල්ල පැහැදිළියි …ඔන්න බලන්න තව ටික කාලෙකින් කියයි මේ සයිට් එක කරන්නෙත් සහන් තමයි … සහන් දාපු වීඩියෝ ගැන සහන් ඇර වෙන කව්ද දන්නේ කියලා… 😛

    අනේ මචන් මේ පෝස්ට් එක ගැන මගේ ස්තූතියි… හිට්ස් ෆලෝ එනවා තව ටිකක් මේ වැඩෙන්… 😀

  2. ශික් සහන් කරල තියෙන්නෙ මහ කැත් වැඩක් තමුන් හෙන වැඩ්ඩ කියල පෙන්නන්න…

  3. විශ්ව රංගනාත් said:

    ලජ්ජා නැති සහන්. මු දැන් හෙළුවෙන් ඉඳන් අපිට හු කියනවා.

Leave a reply to silentsahan Cancel reply