Closure

මේ පෝස්ට් ටික ලීවේ සහන් හොඳ බ්ලොග් කරුවකුගේ සිට තක්කඩියකු දක්වා රූපාන්තරණය වන වේගය වැඩි බව සිතුනු නිසා. නැතුව සහන් එක්ක පුද්ගලික තරහකට නොවේ.

බ්ලොග් එක ලියන්න හේතු වුනු, සහන් ගේ අනවශ්‍ය ප්‍රකෝප කිරීමට අදට දවස් හයයි.

“තොපිට මොකුත් ලියන්න බෑ වෙන එකෙක්ට කෙලවන්න නම් ඕන තරම් මහන්සි වෙන්න පුළුවන්” කියන විවේචනයට ‘නිතර අසන ප්‍රශ්න‘ පිටුවෙහි උත්තර දීල තියෙන්නෙ. ආපහු කියනව නම්, අපට වේලාව තිබූ හැටියට කමෙන්ට් වලින් සම්මාදම් වුනේ කමෙන්ට් වලින් කරන වැරදි පෙන්වාදීම් වුවත් ප්‍රයෝජනවත් නිසා.

සහන් තමන්ට වඳින පුදන කමෙන්ට් කාරයන්ට පිට අත ගගා, සාධාරණ වැරදි පෙන්වල දෙන උන්ට තග දාන මරිසියෙක් වෙන්න ගත්ත නිසා තමයි අපිටත් වෙලාව හොයන් හරි පොරගෙ කැරැට්ටුව පොඩ්ඩක් එලි කරන්න හිතුනෙ. සහන්ට හුරේ දාන අයත් පොරගෙ හැසිරීම තරමක් වත් විවේචනය කළා නම් සහන් මෙච්චර බොරු කාරයෙක් ගෙ තත්ත්වෙට නොවැටි බේරෙන්න තිබුන.

මේක සහන් ගැන විතරක් තේරුම් අරන් වැඩක් නෑ. හොර වෙද්දු, හොර සාස්තර කාරයො, ඉන්ටර්නෙ‍ට් සල්ලි කාපර් ලා, සක්විතිලා, සහන් වගේ ටෝක් වලින් ම ගේම දෙන ඔක්කොටම අදාලයි. ලොකුම වරද උන්ගෙ නෙවෙයි උන්ව හදල, නඩත්තු කරල, උන්ටම රැවටෙන මී හරකුන් ගෙ.

ටෝක් වලින් නැති තත්ත්වයක් ගන්න හිතන්න එපා. කවදා හරි ඇත්ත එලි වෙනවා. එදාට ලැජ්ජ වෙන්න වෙන්නෙ හොරාට විතරක් නෙවෙයි, හොරාට චියර් දදා, වැරදි පෙන්නපු උන්ව “කොහෙද යන ගෙම්බො” ගානට දාපු උදවියටත්. ඒක නිසා කවුරු කවුරුත් මීට පස්සෙ තෝර බේර ගෙන කටයුතු කරන්න.

සහන් ගෙ පුරුද්දට ආයෙම සිංදුවක් දාමු, මමත් අරූට එදා කියපු විදියටම Generation X බුවෙක්. “කවුද හරි” චිත්‍රපටිය ඉවර වෙන්නෙ මේ සින්දුවෙන්.

අපේ චිත්‍රපටියත් මෙතනින් ඉවරයි.

Advertisements

Comments on: "Closure" (43)

  1. මොකක් හරි මළදානයක් උඩ හින්ගලෙන් බොගක් පටන් ගත්තා කියන්නේ, බොක්කට ෂිවාස් ටිකක් වැටෙනවා වගේ පට්ට ආතල් එකක්.. උඹලා මරාගෙන ඉවර උනාට පස්සෙත් දිගටම ලියාපල්ලා.. මට කියන්න තියෙන්නේ එච්චරයි..

  2. මචං, උඹ මේ කල වැඩේ හරිද වැරදිද කියල විනිශ්චයක් දෙන්න අවශ්‍ය නෑ මට. එත් උඹ මේ පොස්ට් ටික ලියලා තියෙන ෙෙශලිය සහ මේ පොස්ට් වලට අදාලව තාර්කිකව කරුණු ඉදිරිපත් කරලා තියෙන අකාරය ගොඩක් අගය කරනවා.
    ප.ලි. මේක නම් මේ කට කහනවට කියන්නේ. උඹේ පොස්ට් ටික කියවනකොට මට මාලන් සමරවික්‍රමගේ පුසුඹ එන්නේ අයි බං? 🙂

    • මම මාලනුත් නෙවෙයි. (හැබැයි මාලන් මම සෑහෙන්න සලකන ඩයල් එකක් මාරය වෙනුවෙන් ලියපුවට පස්සෙ.)

      මෙතනදි නම් මාලන් සමහර විට මගේ පැත්තෙ වත් වෙන එකක් නෑ, nirmal ඔබට මතක නම් විදුර ගේ සිද්දියෙ දි මාලන් හිටි පැත්ත.

      බ්ලොග් එකක් ලියන්න, මේකෙ පැල පදියම් වෙලා, හැමෝම කලින් දැනගෙන ඉන්න එකෙක් වෙන්න ඕනෙ නෑ. ඇත්තට හොඳට පරිගණක අත්දැකීම් තියන උන්ගෙන් සිංහල බ්ලොග් අවකාශෙ ඉන්නෙ 1% වගේ වෙන්න ඇති.

      • බ්ලොග් ලියන්න පරිඝනක අත්දැකීම් ඕන වෙන්නේ නෑ. ගායකයෝ ඔක්කෝම විකාරදලා නෙමේනේ. විකාරදලට වඩා ජනප්‍රිය දක්ෂ ගායකයෝ ඕන තරම් ඉන්නවා. (කොක්කට නොවේ, අදහසක් පමණි.)

      • මාතලන් එහෙම හිතන් කීව නෙවෙයි 🙂 බ්ලොග් එකක් ලියන්න අවශ්‍ය මූලික ටෙක්නික්ස් කම්පියුටර් අත ගාපු එකෙක් ට පුරුදු නිසයි කිව්වෙ. එහෙම උන්ට හොඳ බ්ලොග් ලියන්න පුලුවන් කියන එක නෙවෙයි.

        මම හිතන්නෙ ලේඛණ හැකියාව අතින් අපිට ඉන්න/හිටපු දක්ෂම බ්ලොග් කාරයො එකෙක් වත් කම්පියුටර් පැත්තෙ ලොකු එක්ස්පීරියන්ස් තිබුනු උන් නෙවෙයි.

    • මගේ සත දෙකත් මෙතනම පළකරමි!

      ලංකාවේ අපි ඈස්චර්යයන් විශ්වාස කිරීමේ කැමැත්තෝ වෙමු!

      රැස් විහිදෙන බුදු පිළිම, බෝරුකෙන් මතුවෙන බුදු රූ, කෙම්මුර දිනයක ප්‍රාදූර්භූත වන කතරගම දෙවියෝ, කිරිබොන ගණදෙවි රූප ආදිය තැනින් තැන මතුවෙද්දි උපාසකම්මලා, උපාසක තාත්තලා වට්ටි පෙට්ටි කරේ තබාගෙන තම දුක කියාගෙන නොදන්නා ඈස්චර්යක් සොයා මේ ගස් ගල් සරණ යති.

      අප නොදන්නා නොතේරෙන අත්භූත කුහුල දනවන දේ කරනා සහ කියන්නා වුන් අපේ විරුවන් වේ. උගතුන් බුද්ධිමතුන් විද්‍යාත්මකව කෙතරම් දේ කිවත්, සාක්ශි සහිතව ඔප්පු කර පෙන්නූවත් අපේ ජානගතව ඇති කුහුල අප මිථ්‍යාදෘශ්ටියේ ගිල්වයි. රාවණා, ෆෙන්ග්ශුයි, කේන්දර, නාත දෙවියෝ, දේවියන් සමඟ කතා කරන මිනිස්සු, අහසින් යන බබායිගා යකින්න අපි විශ්වාස කරන්නේ වන්දනා මාන කරන්නේ අති මහත් භක්තියෙනි. ඒ නිසාම අපි සුපිරි මිනිසුන්ගේ පස්සෙන් යාමට ඔවුන්ගේ අනුගාමිකයන් වීමට කැමැත්තෝ වෙමු [විජේවීර දෙවරක්, ප්‍රභාකරන් එක්වරක් මේ ගුණාංගය තම ප්‍රයෝජනයට ගත්හ. මහින්ද මාමි සියදහස් වාරයක් මේ උපක්‍රමය ප්‍රායෝගිකව භාවිතා කරමින් සිටියි].

      ලාංකික ටෙලිවිශනය මංජුල පිරීස්, ආසිරි වනිගරත්න, චන්ද්‍රසිරි බණ්ඩාර වැනි සමාන්‍ය මිනිසුන්ට නොතේරෙන අත්භූත දේ කරන “බොරුකාරයන්ගෙන්” පිරී ඇත්තේද අපේ මේ ජානගත දුර්වලතාවය නිසාය. ඔවුන් වන්දනා මාන කරනා ඔවුන් පසුපස යන පිරිස් බොහෝය. ස්වභාවයෙන්ම කම්මැලි ජාතියක් වන අප වෙහෙස මහන්සි වී ජිවිතය දියුණු කරගන්නවාට වඩා සාර්තකත්වයට ශෝර්ට් කට් සේවීම බොහෝ පහසු වීමද මෙයට එක හේතුවකි. කිසිදු ගහක් ගලක් නොවදිනා ලෝකයේ රටවල් දියුණුවේ හිණිපෙත්තටම නැඟ ඇත්තේ උපරිම මහන්සියෙන් වැඩ කිරීමෙන් බව ලාංකිකයා නොදනී [හෝ දන්නා වුවත් කම්මැලි කම නිසා නොදන්නා මෙන් හිදී].

      අර වරක් කතන්දර සූරීන් කිවාක් මෙන් සිංහල බ්ලොග් අවකාශය යනුද අප ලාංකික සමාජයේ හරස් කඩකි [චාමි සෑමා වරක් කීවාක් මෙන් මෙය පෙර විකෘතිමය හරස් කඩක් වූවත් දැන් ඇත්තේ නියම හරස් කඩකි]. එසේනම් සිංහල බ්ලොග් අවකාශය තුළද රවටන්නෝ සහ රැවටෙන්නෝ බොහෝය.

      න්‍යාෂ්ටික විද්‍යාඥඥයෙකුගේ චරිතය සිංහල බ්ලොග් අවකාශය තුළ රඟ දැක්වූ විදුර නම් “රස්තියාදුකාර දේශාඨකයා” වරක් චතූෂ තුෂර කුමාරයන්ට රාවණා ගුහාවක් ගැන කියා ලස්සන මල් මල් ගවුමක් අන්දවා ඔළුවේ මලක්ද ගැසීය. තව ඩිංගෙන් මාරතෙමේ රාවණා අදුන සොයා යනවා සත්තය. ටිකක් හිනාවෙන ගොඩක් අන්දන අභීත තෙමේ අප සිංහ ඉන්දික උපශාන්ත තෙමේ හට කොට කලිසමක් අන්දවා, පියරු දමා, මල් ලෙන්සුවක් ශර්ට් එකේ ගැසුවේය. මින් පෙර පිළිකාවක් වැළදී සිටි නංගිලා බලා ගත් දිල් අක්කලාත්, දෝරේ ගලනා ස්නේහයෙන් කවි ලියා නංගිලාට හෝටල් කාමරවල මල් පැලඳු අයියලාත් සිටියා මතකයේ තිබේ.

      මේ හැමදෙයක් අවසානයේ අපට ඉතිරිවන්නේ මෙවන් පැනයකි. “අපේ මිනිස්සු මෙච්චර ලේසියෙන් ඇඳගන්නේ ඇයි?”

      ඒ පැනය ඔබේ ලිපියේ ආරම්භයයි!

      ප.ලි: මචන් උබේ ඊමේල් එක මට පොඩ්ඩක් දෙනවද..? නැතිනම් මට මේල් එකක් දාපන් malansamarawickrama@gmail.com

      • “අපේ මිනිස්සු මෙච්චර ලේසියෙන් ඇඳගන්නේ ඇයි?”

        http://tikakhinawenna.blogspot.com.au/2011/08/blog-post.html

        “malansamarawickramaAugust 6, 2011 at 7:38 AM
        මම ඇයගේ කථාව මුළුන්ම කියව්වේ ඇය ඇයගේ බ්ලොග් එකට ලියපු ලිපියකින් [එතකොට මට බ්ලොග් එකක් තිබ්බේ නැහැ මට මතක විදිහට]. ඒක කියවපු වෙලාවේ මට හිතුනේ අපි දුක කියලා අත් දැකලා තියෙන්නේ දුකම නෙමෙයි කියන එක. ඊට පස්සේ මට ඇය ගැන මාර ගෞරවයක් ඇතිවුනා. කාන්තාවක් විදිහට එයාට ආපු ප්‍රශ්න වලට මුහුණ දීපූ විදිහ ගැන සහ ප්‍රශ්න වලින් ගොඩ ආපු විදිහ.
        ඒක මාරයි.

        ඒත්, අද මේ ලිපියේ ලක්ශ හතරේ ඔරලෝසුවයයි, ලක්ශයේ ෆෝන් එකයි, BM එකයි ගැන කියලා තියෙන කියෙව්වම ඒ තිබ්බ ගෞරවය ටිකක් විතර පළුදු වුනා. මොකද මම සාර්ථකත්වය මනින්නේ මිනිස්සු බදින ඔරලෝසුවේ වටිනාකමින්වත්, ෆෝන් එකේ අගයෙන් වත්, අදින ඇදුමෙන් වත්, පදින කාර් එකෙන් වත් නොවන නිසා.
        ඒක මගේ පුද්ගලික මතය. ඒ වගේම ඔය වගේ මැටිරියලිස්ටික් ඩ්‍රීම්ස් (Materialistic Dreams)ලඟා කර ගන්න එක වෙස්ටර්න් රටක ජීවත් වෙන කෙනෙක්ට “මහන්සි වුනොත්” මහ දෙයක් නෙමෙයි. එහෙම තමයි ඒ රටවල සිස්ටම් එක හදලා තියෙන්නේ, හොඳට හම්බ කරන්න හොඳට සහ වියදම් කරන්න.
        chanakalin උඩින් කියලා තියෙනවා වගේ “3 idiots” ෆිල්ම් එකේත් ඔය කථාව ඔහොමම තියෙනවා.

        මුලින්ම කිව්වා වගේ ඇයගේ කථාවෙන් මටනම් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා (Never ever give up!). ඒ වගේම ඇයගේ “මුල් ලිපියත්” මෙතන ශෙයාර් කරන්න පුළුවන්නම් වටිනවා.

        ඇයට සුබ අනාගතයක්!!!

        ප.ලි: දැන් මේක ලිව්වා කියලා මගේත් එක්ක ගේමට එන්න එපා. මම ඇනෝ කමෙන්ට්ස් දාන්නේ නැහැ. කියන්න තියෙන දෙයක් මූණටම (මගේ නමින්ම) කියනවා.”

      • And your point is?

      • මාලන්,

        මේ අත්භූත කතාව මාත් ලියන්න ඉඳල අමතක වුනු එකක්! ඒ කෑල්ල එකතු කරාට බොහොම ස්තුතියි.

        අපේ ජාන වල මේ වල් බූත වලට තියෙන කැමැත්ත මගෙ හිතේ ඉන්දියන් කලාපෙටම පොදු දෙයක්. ඇන්ත්‍රොපොලොජි කරන එකෙක්ට නම් හොඳ මාතෘකාවක් වෙන්න පුලුවන්.

        ඔබට ඊමේල් එකක් එව්වා.

      • Indika Upashantha said:

        //ප සිංහ ඉන්දික උපශාන්ත තෙමේ හට කොට කලිසමක් අන්දවා, පියරු දමා, මල් ලෙන්සුවක් ශර්ට් එකේ ගැසුවේය//

        මාලන්,

        මට කලින් එතුම තව ගානකට ඔය ගේම දුන්න. ඒත් ඒ අය ලැජ්ජාවට දෙකොන වහන් උන්නු නිසා සහ ස්ව්භාවයෙන්ම අනුන්ට උදව් කරන්නෙක් උන නිසා මාත් ඇන්ද.

        ඒත් ඇඳල කියල දැනගත්තම පාරෙ මැද උනත් ඒක ගලවල තියල එදා නොදිව්වනං ඔය ලැයිස්තුව මාර දිග වෙන්න තිබ්බ.

        මොකද මිනිහ සුභාස්ෂ්ට යවපු මේල් එහෙක තියෙනව “අය්යෙ උඹල කරපු වැඩේ නිසා මට බ්ලොග් අවකාෂෙ එකෙක් ලක්ෂ දහයක් ඉන්වෙස්ට් කරන්න හිටිය එක නැති උනා, මේක මම ලේසියෙන් අරින්නෙ නෑ” කියල. ගාන ඇත්ත උනත් බොරු උනත් ඒක එහෙම වෙන්නම තිබ්බ.

        අනික මාලන් කපුව දූෂනය කරම ලැජ්ජාවට වහං කරන ඉන්න ගෑණු කරන්නෙ කපුව ගාවට යන අනෙක් ගෑණුන්වත් දූෂනය වෙන්න පාර හදන එක.

        ඒ වගේම මට කෙල උනා, ඒත් උඹල පරිස්සමින් මූ වනචරය කියල අනෙක් උන්ට බේරෙන්න අවස්ථාවක් දෙන ගෑනිට “අන්න දැක්කද පට්ට වේx කපුව මේකිට කෙළිය” කියල අපහාස කරන එක තව කෙනෙක්ට හෙට ඔහොම දෙයක් උනාම ඒ කෙනා ඒ ගැන හෙලි කරන්න තියෙන ඉඩ වහන වැඩක්!

      • The point is the people who are laughing at other for getting fooled were also fooled by some girl’s “Three Idiots” type story!

        “ඒක මාරයි.” Hic!

      • “”“August 6, 2011 at 7:38 AM”” 😀

        So you wanna call me a hypocrite huh..?

        1.1 “ඊට පස්සේ මට ඇය ගැන මාර ගෞරවයක් ඇතිවුනා. කාන්තාවක් විදිහට එයාට ආපු ප්‍රශ්න වලට මුහුණ දීපූ විදිහ ගැන සහ ප්‍රශ්න වලින් ගොඩ ආපු විදිහ. ඒක මාරයි.”

        1.2 “මුලින්ම කිව්වා වගේ ඇයගේ කථාවෙන් මටනම් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා (Never ever give up!).”

        If you consider; believing someone’s life experiences and getting life lessons from that as getting fooled, call me a hypocrite I do not mind. 😀

        PS: Btw since you digged so deep to find my comment I have one question for you. Have you ever read her blog..? It was called “”හිතුවක්කාරියකගේ සිත් යාය”” Now she has deleted it.

        And for your info, that girl was not a mysterious person like Sahan. She was a well known figure among many Sinhala bloggers. I think she had close contacts with “අහිංසක බූරු බබා” http://burubabe.blogspot.com/ So “අහිංසක බූරු බබා” may be able to enlighten us on whether her stories are real or not. 🙂

      • @Malan,

        Well thanks for the answer but, don’t you think that tales on granting US citizenship and losing SL citizenship would have triggered analytical mind of you not her materialistic boasting.

        I didn’t dig your past. I vaguely recalled Abeetha published that “Diriya Diyaniya #2” story sometime ago and searched for it. Once I found it I went through the comment section to see whether we have any common victims and surprise, surprise I found your 2 cents there. Because you have made minor insulting remarks blaming the victims like Maraya and Indika, I thought why not remind you of your own words sometimes back.

        I have not encountered “හිතුවක්කාරියකගේ සිත් යාය”. Out of curiosity I’m going to drop a comment @ “අහිංසක බූරු බබා”. According to “Diriya Diyaniya #2”, she must be graduated from Colombia by now.

      • If you want to call me a victim; please go ahead be my guest. I do not give a sh**..!

        I was a frequent reader of her blog. Not only me there were many like me. That is why you can find many old bloggers among the well wishers.

        As far as I remember she blogged around two years. So she was a well known figure among many people. IF she was lying at that time she should have got exposed as she was moving closely with others.

        Yes I agree there were many disconnections in her story published by Abeetha. I remember people like “Kathandara Karaya” questioning them. 🙂

        May be she was lying here and there to spiced up her story [I do not think she was lying completely]. However her life story gave a many hope to people who were struggling. Even today when I am through a hardship I recall her story and keep on myself “If she can do it I too can do it, never ever give up!”

        Read this,

        “”කතාවෙ අයිතිකාරයා තමයි මේ කමෙන්ට් එක නම් දාන්නෙ.

        මගේ කතාව කාට හරි ප්‍රයෝජනවත් උනා නම් ඒක තමයි මට තියෙන සතුට. ඇත්තටම මහන්සි වෙලා වැඩ කිරීම සහ කිසිම දෙයක් ලේසියකට අත නොහැරීම තමයි මගේ සාර්ථකත්වයේ රහස. මං තරම් ජීවිතේ දුක් විඳපු කෙනෙක් තවත් නැතිව ඇති. කන්න නැතිව, සමහරු ගාව තියෙන ඔය ලස්සන ලස්සන දේවලින් 1/100 ක් වත් සමහර වෙලාවට මං ගාව තිබ්බෙ නෑ, ගන්න සල්ලිත් නෑ අරන් දෙන්න කෙනෙකුත් නෑ.

        මගේ තාත්තා මට අවුරුදු 2න් නැතිවුනේ. මං ඇහැටවත් දැකලා නෑ. අම්මාගෙ අසනීපෙත් එක්ක හැමෝම හිතුවෙ මගේ අධ්‍යාපනය එතනින් ඉවරයි කියන එක [කකුල අහක් කලා දියවැඩියාව හේතු කොටගෙන, ඊට අවුරුදු 7කට පස්සෙ දෙවෙනි කකුලත් අහක් කලා] ඒත් මං කිසිම සටනක් ලේසියකට අතාරින්නෙ නෑ. මං අවුරුදු 17න් පවුලක් නඩත්තු කරන කෙනෙක්, මට ළමා කාලයක් තිබ්බෙ නෑ.

        මං ගොඩක් කැපකිරීම් කලා, මහන්සි උනා මං දන්නේ නෑ මං මේ ජීවිත සටන දිනලාද පැරදිලාද කියලා. ඒත් මං තාමත් සටන් කරනවා. මගේ අම්මාව බලාගන්න හම්බ කරපු මං දැන් මගේ නූපන් දරුවන්ගෙ හෙට දවස වෙනුවෙන් මහන්සි වෙනවා. ඒ අයට මං වින්ඳ තරම් දුකක් නොලැබෙන්න කියලා. මේකේ කෙළවරක් දකින්න මං ගොඩක් ආසයි. ඒත් තව අවුරුදු 15කට 20කට වත් මං ඒ සැනසීම ලබන්න පින් කරලා නැති හැඩයි.

        ඉතින්, හැමෝටම මට කියන්න තියෙන්නෙ, කිසිම දෙයක් අතාරින්න එපා. පළමුවෙනි පාර අසාර්ථක උනත් නැවත නැවත උත්සහා කරන්න.
        අධ්‍යාපනය, ඒක තමයි මගේ ජීවිතේ ශක්තිමත්ම අඩිතාලම උනේ. පොඩි නංගිලා මල්ලිලාට කියන්න තියෙන්නෙ ඉගෙන ගන්න තියෙන කාලෙ ඉගෙන ගන්න, ජීවිතේ ඉතිරි කාලෙ මුලුමනින්ම තියෙනවා පිස්සු නටන්න ඕන නම් තමුන්ට. A/L ෆේල් නම් වෙන අංශයක් තෝරගන්න තමුන් දක්ශ, කැම්පස් යන්න බැරි උනා කියන්නෙ ජීවිතේම ඉවරයි කියන එක නෙමෙයි. ඒත් මොකක් හරි එක අංශයක දක්ශතාවයක් වර්ධනය කරගන්න. ඒකේ Master කෙනෙක් වෙන්න කිසිම කෙනෙකුට දෙවෙනි නොවන විදියට.
        :)””

        No one exposed her to date. So my dear friend it is your time to shine. Go ahead prove her guilty. 🙂

        Btw she was known among others with the name “Ansh Lucky Sri Jay”. Here are some links to help your investigation 🙂

        http://www.flickr.com/photos/crazyansh/with/5532144414
        http://twitpic.com/photos/CrazyAnsh

        “”ඉතින්, හැමෝටම මට කියන්න තියෙන්නෙ, කිසිම දෙයක් අතාරින්න එපා. පළමුවෙනි පාර අසාර්ථක උනත් නැවත නැවත උත්සහා කරන්න.

        අධ්‍යාපනය, ඒක තමයි මගේ ජීවිතේ ශක්තිමත්ම අඩිතාලම උනේ.

        පොඩි නංගිලා මල්ලිලාට කියන්න තියෙන්නෙ ඉගෙන ගන්න තියෙන කාලෙ ඉගෙන ගන්න, ජීවිතේ ඉතිරි කාලෙ මුලුමනින්ම තියෙනවා පිස්සු නටන්න ඕන නම් තමුන්ට. A/L ෆේල් නම් වෙන අංශයක් තෝරගන්න තමුන් දක්ශ, කැම්පස් යන්න බැරි උනා කියන්නෙ ජීවිතේම ඉවරයි කියන එක නෙමෙයි. ඒත් මොකක් හරි එක අංශයක දක්ශතාවයක් වර්ධනය කරගන්න. ඒකේ Master කෙනෙක් වෙන්න කිසිම කෙනෙකුට දෙවෙනි නොවන විදියට.
        :)””

      • Malan for some strange reason this comment had got marked as spam. I approved it just now.

      • Malan,

        Your comment @ January 16, 2014 at 5:04 am remind me some of the comments made by henchmen of Sahan. They are defending the guy because of the some inspirations/knowladge they got from his posts and you do the same regarding her. However, to your credit you accepted that she may be lying here and there but, those guys never do that.

        If you go back to the Abeetha’s post http://tikakhinawenna.blogspot.com.au/2011/08/blog-post.html and read the last few comments there is some another Ano (Not Me) had posted some very critical queries on her claims but, she has never replied those. If she has been the so called fighter/eye-of-the-tiger she would have answered those.

        The reason for my concern is that she could have scammed many “Intelligent Sinhal Blog Readers” with her “slide ride” to US citizenship.

      • It’s now that I read this post but I have a vague memory of reading this long ago. This nangi has done not a usual ‘naya’ but an anakonda.

        I think even at face value her comments are dubious, such as a person with an accounting background getting accepted for a Robotics PhD this easily, especially a part time one which is quite difficult to manage if your regular work is not in the same field.

        However AA_nimus, Malan has already stated the conditions under which he operated – she was a ‘real’ person with some people vouching for her existence, unlike the case for Sahan. (I would still be skeptical, but that’s me)

      • @Anonymous,

        Well, according to අහිංසක බුරු බබා’s comment below, despite her close personal relationship with the person of interest, she has never claimed to her those bizarre things like PhD. in robotics and grant of US citizenship. Also, they have drifted apart and අහිංසක බුරු බබා seems to have no ongoing contact with her. Malan may have assumed that her claims to be true because of personal relationships with some known bloggers and their silence and even appreciation of her in the comments of Abetha’s Blog. So far no one specifically vouched for her claims of PhD. in robotics and grant of US citizenship. However, අහිංසක බුරු බබා claims she is a smart girl, well I too can agree on that ;-).

      • Just out of curiosity, did a little search on that job title she mentioned in http://www.yatedo.com and I think found her name. Asanka Jayawardana. If you search LinkedIn, it seems like her story upto the Phd is legit (Don’t know about family background and stuff). But that phd story was there only in her linkedin page. Just food for thought as we are all getting a bit investigative these days 😀

  3. මම මේ බ්ලොග් එකේ ලිපි ඔක්කොම දැන් කියෙව්වා. මම ටෙක්නොලොජි දන්න බුවෙක් නොවන නිසා ඒ විෂයන්ට අදාලව දෙයක් කියන්න දන්නේ නැහැ. නමුත් ලොකු වැරද්දක් කරලා තියෙන බව නම් මම වගේ ගොබ්බයෙකුට වුනත් තේරෙනවා. මට තාමත් හිතාගන්න බැහැ ඇයි අපි මෙච්චර මං පොර සංකල්පයට ලොල් කියලා. ඒ ගැන ලියන්න ගියොත් මටත් පොර වෙන්න ආසාවක් ඇති වෙයිද කියලා බයත් හිතෙනවා. තමන් තමන් හඳුණා ගන්නා තෙක්, තමන් තමන්ව නිවැරදිව තක්සේරු කර ගන්නා තෙක් මෙවැනි දේ ඉදිරියටත් සිදුවේ.

    ඔබේ ලිපි මාලාව පුරාම කරන හෙලිදරව්ව අවංක චේතනාවකින් සිදුකරන බව වැටහේ. එය දිගටම කරගෙන යන්න. ඔබ ලියනා ශෛලියත් කියවීමට පහසුයි මෙන්ම සිත් ඇදගන්නා සුළුයි.

    • අනේ මන්දා අරූ. මිනිස්සු ඇයි ඕන කමින් ජීවිතේ කම්ප්ලෙක්ස් කරගන්නෙ කියල මටත් හිතා ගන්න බෑ.

      The detached way you write your own life I don’t think you are on that path 🙂

      ලොකු මමත්වයක් තියෙන කෙනෙකුට එහෙම බලන්න අමාරුයි. ‘මම’ කියන එකට හුලං ගහ ගන්න නේ මේ ඔක්කොම.

  4. තිසර said:

    මම මේක දැක්කේ දැනුයි. බොහොම ස්තූතිවන්ත වෙනවා ඔබට මේ හොරකම් හෙළිකිරීම ගැන. ඔබ කිව්වා වගේ මේ බ්ලොග් ලෝකයේ ඉන්න බොහෝ දෙනා රටේ ලෝකයේ මහ පරිමාණ ප්‍රශ්න විසඳීමට කතා කරනවා, බ්ලොග් ලෝකේ ඉන්න හොරු ගැන හොරකම් ගැන කතා කරන්නෙ නෑ. සහන්ගේ ලිපි තාක්ෂණික කරුණු භාවිතයෙන් තර්කානුකූලව ප්‍රශ්න කරන්න තරම් දැනුමක් හෝ ඒ මාතෘකා සම්බන්ධ උනන්දුවක් මට තිබුණේ නැහැ. නමුත් සහන් ලියන්නේ තොරතුරු බෙදාගැනීමට නොව පොරත්වය පෙන්වීමට කියන කාරණාව නම් සාමාන්‍ය කියවන්නෙකුට පෙනිය යුතුයි. නමුත් කොමෙන්ට්ස් අඩු වෙනවට බයේ ගොඩක් අය සහන්ගෙන් කිසි දෙයක් අහන්නෙ නෑ. ‘සෙන්නා’ විතරයි මට මතක හැටියට මම දැක්කේ සහන්ගේ ප්‍රතිචාර හොඳ නැති බව කියලා තිබ්බේ. කොහොමටත් අපි බොහෝ දෙනෙක් අනුගමනය කරන්නෙ අපිට පෞද්ගලිකව වරදක් කරන තාක් ඕනෙම කෙනෙක් හොඳයි කියන ක්‍රමය.

    සහන්ට දක්ෂතාවයක් තියනවා. නමුත් ඒක තියෙන්නේ මිනිස්සුන්ව රවට්ටන්න. ඔහු දක්ෂ කොන් ආර්ටිස්ට් කෙනෙක්. ඔහු මුලින්ම කලේ බ්ලොග් ලෝකයේ මිතුරන් හදාගැනීම. හැමෝටම ඊමේල් යවලා, ස්කයිප් එන්න කියලා, බ්ලොග් වල හොඳ කියලා කොමෙන්ට් කරලා එහෙම. තමන් වර්ණනා කරන තරමට තමන්වත් වර්ණනා වෙනවා කියලා සහන් තේරුම්ගත්තා. ඊට පස්සෙ සහන් කලේ කිසිවෙකුට හෝ ඔහුව විවේචනය කිරීමට තිබූ සුළු ඉඩත් වහන්න තැත් කිරීම. ඒ තමන්ට දරුණු සනීපයක් තිබෙන බව, ජීවත්වීමට වැඩි කාලයක් නැති බව, තමන් ප්‍රේමයෙන් බැටකාපු කෙනෙක් බව පැවසීම. සහන්ට එහෙම ලෙඩක් ඇති කියලා මම හිතන්නෙ නෑ. එහෙම නොවේවා කියලා මම බොහොම ඕනෑ කමින් ප්‍රාර්ථනා කරනවා. යම් ආකාරයක සෞඛ්‍යය ගැටළුවක් තිබ්බත්, තමන්ගේ අනන්‍යතාවය සඟවන කෙනෙක් ඇ‍යි ඒක විතරක් දන්න, නොදන්න හැමෝටම කිය කියා යන්නෙ?

    සහන්ට වැරදිච්ච තැන තමයි, බ්ලොග් කියවන්නන් අතර ඔබ වැනි අය ඇතිය කියලා ඔහු නොසිතීම. මම වගේ අය කලේ සහන් කරන දේ තේරිලා, ඔහුට ඒ බව පෙන්වා දීමෙන් පලක් නැහැ කියලා පැත්තකට වී සිටීම. විශ්ව ඊට වඩා දුර ගියා, ඔහුව දිගින් දිගටම ප්‍රශ්න කලා. නමුත් විශ්වත් සමහර වෙලාවට සහන් ගොඩනගන ෆැන්ටසියට දායක වෙනවා. ඉන්දික තමන් දන්න විෂයයට අනුව බොහොම හොඳින් සහන්ගේ පෝස්ට් වල වැරදි ඉදිරිපත් කලා. නමුත් සහන් සමග තේරුමක් නැති, එකිනෙකාට ගොනා බූරුවා කියගන්න ස්ටයිල් එකේ වාදයකට ඉන්දිකත් පැටලුණා. සහන් එක්ක තර්ක කිරීමෙන් අපිට කිසි දෙයක් විසඳගන්න බැහැ. සහන්ගෙන් ප්‍රශ්න කිරීමක් කිසිම දවසක තර්කානුකූල ගමනක යන්නෙ නෑ. ඒ නිසා වෙනම බ්ලොගයක මේ විදිහට දාපු එක හොඳයි.

    ඔබේ ‘නිතර අසන ප්‍රශ්න’ පිටුවත් බොහොම තර්කානුකූලයි. නැවතත්, ඔබේ මහන්සියට තුති. අඩුම ගාණෙ මීට පස්සේ…. කස්ටිය කොමෙන්ට් කරද්දිවත් පොඩ්ඩක් හිතලා බලයිනේ…

    • “ඒ තමන්ට දරුණු සනීපයක් තිබෙන බව, ජීවත්වීමට වැඩි කාලයක් නැති බව, තමන් ප්‍රේමයෙන් බැටකාපු කෙනෙක් බව පැවසීම.”

      සහන් ඉස්සර කිව්වෙ කැන්සර් එකක් කියලා

      http://www.elakiri.com/forum/showpost.php?p=13860043&postcount=48

      දැන් කියන්නෙ පෙනහලු වල ලෙඩක් විශ්ව රංගනාත්ට කියල තියෙන්නෙ යුද්දෙට ගිහින් ලෙඩ උනා කියලා

      පොරගෙ ලෙඩත් රැල්ලට යනව වගේ

    • සහන් පුද්ගලික ජීවිතේ ගැන ඉඟි පළ කරන ගොඩක් දේවල් ඇත්ත කියලා මමත් හිතන්නෙ නෑ තිසර. නරක දේවල් ටික බොරු වේවා කියල තමයි කියන්න තියෙන්නෙ.

      ඔබ කිව්වා වගේ සහන් ගානට දේවල් කීමත් නොකීමත් තමන්ගෙ වාසියටම පාවිච්චි කරන සාස්තරේ නම් හොඳට ප්‍රගුණ කරල තියෙනවා.

  5. මේක කියෙව්වට පස්සෙ මට පොඩි සිද්දියක් මතක් වුනා’

    මට පොඩි කාලේ ඉස්කෝලේ 4. 5 පන්ති වල ඉද්දි මට, ඒ දවස් වල ජපානේ ගිහින් ආපු ගිහින් ආපු අපේ අම්මගේ

    යාළුවෙක් අම්මට දීපු ඔරිගමි පොතකින් බලාගත්තු ඔරිගමි නිර්මාණ මගේ ඒවා විදිහට මම යාළුවන්ට හදලා දෙනවා. ඒ

    වෙද්දි ගොඩක් අය දැනගෙන හිටියේ අපි පුංචි කාලෙ ඉඳන් හදන ඔරුවයි රොකට් එකයි විතරයි. ඉතින් මම වටේ සෑහෙන

    පිරිසක් එකතු වුනා පාසල් විවේක කාලයේදි ළමයි ඔක්කොම වගේ මං ගාවට ඇවිල්ලා එක එක ඒවා හදාගෙන යනවා මං

    මාර ආතල් එකක් ගන්නවා ඒක අස්සෙ ආතල් කීපයක් තිබුන වග මට දැන් හිතද්දි තේරෙනවා
    පළවෙනි එක තමයි පන්තියේ ඉගනීමට ඇරුනකොට වෙනත් කිසිම බාහිර දේකට යොමු නොවුනු නිසා ගුරුවරුන්ගේ

    අවධානය විතරක් තිබුනු මා හට පන්තියේ අනෙකුත් ලමයින්ගේ අවධානය යොමුවී ඔවුන් අතර පොරක් විමට හැකි වීම.
    ඒවගේම තවත් ආතල් එකක් තමයි පන්තියේ ඉන්න උනුත් මං කියන්නේ ඇත්ත කියලා හිතාගෙන ඉන්න එක.
    (ඒවා මගේ නිර්මාණ කියලා කියන්නේ නැතුව මට හම්බවෙච්චි පොතකින් කියලා කිව්වත් අපේ උන්ට ඒක වටිනවා

    කියලා හිතන්න තරම් මොළයක් ඒ කාලේ මට තිබුනේ නෑ.)

    දෙයියෝ මාව බේරුවා කියන්නෙ හොඳ වෙලාවට මං 6 වසරේ ඉඳන් ගියේ වෙන ඉස්කෝලෙකට එහේදි මං ඒ සෙල්ලම

    දැම්මේ නෑ ඒකට හේතුව තමයි… ඒ වෙනකොටත් පන්තියේ හිටපු අය මං දන්නවාටත් වඩා දේවල් දන්නවා වෙලාවට ඒක

    කලින් දැනගත්තු නිසා එතන පොර වෙන්න නොගිහින් ෂේප් වුනා…හැබැයි එදායින් පස්සෙ මම පාඩමක් ඉගෙන ගත්තා
    ඒ වගේ වැඩක තියෙන පහත් ගතිය කොච්චරද කියන එක..ඒ වගේම ජීවිතේටම ඒක පාඩමක් වුනා..

    ඒ වගේම මරුම වැඩේ වුනේ මෙන්න මෙහෙම….
    මං ඉස්කොලෙන් අයින් වෙලා යනකල්ම ආපහු මට කවදාකවත් පරණ ඉස්කෝලේ යාළුවන්ව මුණ ගැහුනෙ නෑ….ඊට

    සෑහෙන කාලෙකට පස්සෙ මට ඒ ඉස්කෝලේ හිටපු යාළුවෙක් අහම්බන් මුණ ගැහුනා
    කොතනදිද දන්නවද?? මම අළුතෙන් job එකකට යන්න interwiew ගියපු වෙලේ. මිනිහා හිටියේ

    interwiew board එකේ මම මුලින් මිනිහව අඳුන ගත්තේ නෑ.. interview එක ඉවරවෙලා යාළුවා

    පැත්තකට කතා කරලා ඇහුවා අඳුනන්න පුළුවන්ද කියලා…. මං කිව්වා බෑ කියලා ඊට පස්සෙ ටිකක් වෙලා ඉඳලා

    මනුස්සයා කියනවා.. ….. “මචං මම හිතුවෙ උඹ ලංකාවෙවත් නැතුව ඇති කියලා… උඹ නේද ජපානෙටත් ඔරිගමි කලාව

    අඳුන්නලා දුන්නේ… ඒ අතින් නම් ජපානේ අන්තිම සවුත්තු රටක් මචං උන් නිකමටවත් උඹෙ නමක්වත් කියන්නේ

    නෑනේ” කියලා.
    අම්මපා ඒ වෙලාවෙ පොළොව පලාගෙන යන්න විදියක් තිබ්බා නම් යනවා යනවාමය…

    ඒ වගේම තව දෙයක් මට මේ වෙලාවෙ මතක් වෙනවා
    ඒ තමයි හෙන්රි රයිඩර් හැගාඩ් ගේ “SHE” නම් නව කතාවේ සිංහල පරිවර්තනය වන ආචාර්ය කේ.ජී කරුණාතිලක

    සූරීන් විසින් පරිවර්තිත “ඈ හෙවත් අයේෂා” පොතෙහි පෙරවදන…

    එහිදී කේ.ජී කරුණාතිලක සූරීන් මෙසේ සඳහන් කරයි…

    රයිඩර් හැගාඩ්ගේ “ෂී” නමැති රසාලිප්ත නව කථාව මා මුලින් කියවූ‍යේ, මා නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයයේ අට

    වැනි පන්තියේ ඉගෙන ගනිත් දී හෙවත් කනිෂ්ඨ ඉංග්‍රීසි පාඨශාලා සහතිකපත්‍ර විභාගය සඳහා ඉගෙන ගනිත් දීය.එකල අට

    වැනි පන්තිය නම් කර තිබුනේ කනිෂ්ඨ ඉංග්‍රීසි පාඨශාලා සහතිකපත්‍ර විභාගය වෙනුවෙනි.(Junior English

    School Certificate Examination) එකල මගේ වයස අවුරුදු දහසයක් පමන වන්නට ඇත. ඒ

    1944 දී පමණ විය යුතුය. ඒ කාලයේදී, පළමු වන වරට ඩබ්ල්යූ. ඒ. සිල්වා ශූරීන්ගේ “ලක්ෂ්මී හෙවත් නොනැසෙන

    රැජිනිය” නමැති නව කතාව කියවා එහි රසයෙන් මත්වී සිටි මට, මගේ පන්තියේ ශීෂ්‍යෙයකු විසින් ඩබ්ල්යූ. ඒ. සිල්වාගේ

    ඒ නව කතාවට පාදක වී ඇත්තේ, රයිඩර් හැගාඩ් ලියූ  “ෂී” නමැති නව කථාව බව දන්වනු ලැබීය. එවිට මම “ෂී” නමැති

    නව කථාව සොයාගෙන කියවා බැලීමි. ඇත්ත වශයෙන්, එවිට මට “ෂී” නමැති රස කථාව “ලක්ෂ්මී” නමැති නව කථාවට

    වඩා ශත ගුණයකින් රසවත් බව වැටහී ගියේය.
    “ෂී” නමැති ඉංග්‍රීසි නව කථාවට සිංහල පාඨක ලෝකයාගේ අවධානය මුලින්ම ඇදී ගියේ 1922 දී පමණ

    ය. එ නම්, ඩබ්ල්යූ. ඒ. සිල්වා ශූරීන්ගේ “ලක්ෂ්මී හෙවත් නොනැසෙන රැජිනිය” නමැති නවකථාව මුල් වරට පිටවුනු

    අවුරුද්දේ දීය. තම “ලක්ෂ්මී හෙවත් නොනැසෙන රැජිනිය” නමැති නව කථාවට මුල් වූයේ, රයිඩර් හැගාඩ්ගෙ “ෂී” නමැති

    නව කථාව බව ඩබ්ල්යූ. ඒ. සිල්වා මුලින් නොකිව්වේය. “ලක්ෂ්මී” නමැති එම නව කථාවේ ප්‍රථම මුද්‍රණයට ඔහු ලියූ,

    එනම් 1922 දී ඔහු ලියූ සංඥාපයයෙහි, රයිඩර් හැගාඩ්ගේ “ෂී” නමැති නව කථාව ගැන කිසිම සඳහනක් කර නැත. ඔහු

    කර ඇත්තේ, ස්වකීය “ලක්ෂ්මී” නමැති නව කථාව ස්වතන්ත්‍ර නිර්මාණයක් සේ ඉදිරිපත් කිරීම ය.
    එහෙත් බොහෝ සේ පොත පත කියවා ලෝක සාහිත්‍ය පිළිබඳව විශාරද දැනුමක් ලබා සිටි ඇතැම් සිංහල

    පාඨකයන්ට එය රයිඩර් හැගාඩ්ගේ “ෂී” නමැති නව කථාව අනුව ලියූවක් බව සඟවාලීමට ඩබ්ල්යූ. ඒ. සිල්වා අසමත් විය.
    ඒ බහුශ්‍රැත ව්‍යක්ත පාඨකයෝ, “ලක්ෂ්මී” රයිඩර් හැගාඩ් ගේ “ෂී” නව කථාව පාදක කොට ගෙන හෙවත් එහි එන අදහස්

    හා සිද්ධී මාලාවට අනුව ගොතන ලද්දක් බව ප්‍රකාශ කළහ. මෙයට නිහතමාන ව, අවංකව එකඟ වෙනු වෙනුවට, ඩබ්ල්යූ.

    ඒ. සිල්වා ඒ ගැන අතිශයින් උරණ වී සිය ප්‍රතිවාදීන්ට මෙසේ ප්‍රහාර එල්ල කළේය: ” ‘ලක්ෂ්මිය’ රයිඩර් හැගාඩ්ගේ “ෂී”

    මෙන් නොව, ඊටද වඩා උසස්, හැම අතින්ම ශ්‍රේෂ්ඨතර නව ප්‍රබන්ධයකි. ලක්ෂ්මිය ගෙන් මා අදහස් කරන්නේ පුරා

    විද්‍යාත්මක වූ ද ඓතිහාසික වූ ද, කරුණු රැසක් විවරණය කිරීමටය……….නුදුරු අනාගතයෙහි, මේ ඓතිහාසික විවරණය

    උත්තර ලක්ෂ්මිය මඟින් කියවන්නන් ඉදිරියේ තැබීමට බලාපොරොත්තු වෙමි” යි ඔහු කීය. (සිරියලතා හෙවත්

    අනාථ තරුණීය පොතේ පස්වැනි මුද්‍රණයේ සංඥාපනය.)

    මෙහිදී මා සිත් ගත් සුවිශේෂීම කාරණාව නම් කේ.ජී. කරුණාතිලක සූරීන් තම පරිවර්ථනය පිරිනමන්නේ ද ඩබ්ල්යු. ඒ.

    සිල්වා ටමය ඒ කේ.ජී. කරුණාතිලකයන් ගේ විශීෂ්ඨ ගුණයකි.

    මා කුඩා කලදීම
    හෙන්රි රයිඩර් හැගාඩ් ගේ
    “ඈ හෙවත් අයේෂා”නමැති මදු කුසලානයෙන්
    මධු බිඳක් තොලගෑමේ අවස්ථාව
    “ලක්ෂ්මී හෙවත් නොනැසෙන රැජීනිය”
    නමැති නව කථාවෙන් මට ලබා දුන්
    සිංහලයේ මහ නව කථා කරු වන
    ඩබ්ල්යූ. ඒ. සිල්වා සූරීන්ට
    මෙම සිංහල පරිවර්ථනය
    කෘතවේදීව පිරිනමමි..

    මෙම පරිවර්ථනය එලි දැක්වෙන කාල වකවානුව වන විටදී ඩබ්ල්යූ. ඒ. සිල්වා සූරීන් අභවප්‍රාප්ත වී සිටියේ වෙලාවටය

    නැත්නම්, පෙර කථාවේ මට සිදුවූවා සේ මේ පිරිනැමීම කියවා පොලොව පලාගෙන යන්නට වෙනවාමය…..කෙසේ වෙතත්

    ඔහු 1957 දී මියයන තුරුම උත්තර ලක්ෂ්මියක් නම් පාඨකයා හමුවේ තැබුවේ නැත්තේමය………

    • //.නුදුරු අනාගතයෙහි, මේ ඓතිහාසික විවරණය
      උත්තර ලක්ෂ්මිය මඟින් කියවන්නන් ඉදිරියේ තැබීමට බලාපොරොත්තු වෙමි”// 🙂

      සහනුත් දැකලා ඇති නේ, “මම ඉස්සරහට ඒක ගැනත් ලියන්නම්”, “මගේ ඊලඟ පෝස්ට් එකෙන් ඔය ඔක්කොටම උත්තර දෙන්නම්” කියන වාර ගණන.

      එතන පොඩි මානසික ට්‍රික් එකකුත් තියෙනවා. කෙනෙක් ගැන වැරදියට දකින්න අමාරු කෙනෙක්ට එතනදි හිත හදා ගන්න පුලුවන් “හරි දැන් මෙයා උත්තර දෙනව කිව්ව නේ, එහෙම කියන්නෙ නෑ නේ උත්තර නැත්නම්” කියල. නමුත් ඉතින් කවුරුවත් ඔහොම කියන ඒවා මතක තියන් ඉන්නෙ නැහැ නෙ උත්තර දුන්න ද බලන්න.

      WA සිල්වා නම් තෝමස් එඩිසන් වගෙම නම හදාගෙන ඒකෙන් චන්ඩි කම් කරපු කෙනෙක්. ඕකම තමයි මට මෙහෙම intellectual thugs ලා ගැන තියන අවුල.

      Gayanna, මම කියවපු පොතක තිබුනා සුදෝ සුදු සහ ගම් පෙරළිය කියන පොත් දෙකමත් ඔහොම කොපි කියලා. මට දැන් මතක නැහැ කේ. ජයතිලකත් සම්බන්ධ මොකක් හරි සාහිත්‍ය විචාර පොතක ඡේද වශයෙන් සසඳලා තිබුන ගම්පෙරළිය සහ අනෙක් පොත.

      සුදෝ සුදු පොත නම් සසඳලා තිබුනේ ටෙනිසන් ගේ Enoch Arden එක්ක මගෙ හිතේ. (සුදෝ සුදු පොතේ අවසානය ඊට වඩා හෘදයංගමයි කියලත් කියනවා)

      • Indika Upashantha said:

        //ඔහු 1957 දී මියයන තුරුම උත්තර ලක්ෂ්මියක් නම් පාඨකයා හමුවේ තැබුවේ නැත්තේමය……//

        Gayanna, ඔය පොත ආව. ඒත් ඒක සම්පූර්ණයෙන්ම සිල්ව උන්නැහෙගෙ පොතක් නෙමෙයි. මනුස්සය භාගයක් ලියල මැරුන නිසා ගෝලයෙක් තමයි ඉතුරු ටික ලියල තිබ්බෙ. මෙලෝ රහක් නැති විකාරයක්. කොටින්ම “ලක්ෂ්මි” කියවල ලබාපු රසත් තිත්ත උනා වගේ. වෙලවට සිල්ව උන්නැහෙ පොත ලියල ඉවර කරන්න බැරුව මලේ! ( අර විජේල කලින් මල නිසා තාම වීරයො වගේ )

  6. මෙතෙක් බ්ලොග් වංචාකාරයෝ හඳුන්වා දුන්න භාශාවට වඩා උපරිමයෙන් ඔබ මේ සටහන් ලිවීම ගැන බොහෝම ස්තූතියි.
    දවසින් දවසට මේ වගේ එක එක වර්ගයේ මිනිසුන් එලියට ඒමෙත් අඩුවක් නෑ.

    සහන්ට හෝ තවත් කෙනෙකුට බොහෝ දේ ගන්න පුළුවන් මේ සටහන් වලින්. සහන්වා වරදකාරයෙක් කරලා දඩුවම් දෙන්න කාටවත් උවමනාවක් නෑ මම හිතන්නේ. ඔහුටම පුළුවන් ඔහු දැන් පවත්වාගෙන චරිතය හොඳ මාර්ගයකට ගන්න. මට මතකයි විදුර එහෙම කලා. කලින් පිරිසම විදිරගෙ බ්ලොගයට තාමත් යන්නේ අන්න ඒ වැරදි හදාගැනීමේ ශක්තිය හා නිහතමාණිකම ඔහුට තිබුන නිසා.

    • අනික මට නම් මුලින්ම හිතුනේ මේ වගේ සුදුසුකම් දැනුම් සම්භාරයක් හෝ පුද්ගලයෝ මොකද මේ තරම් හැංගිලා ඉන්නේ. (ඒ කියන්නේ ඇනෝ විරෝධයක් නෙමෙයි.) ඇයි තමන් කවුද කියන එක එලියේ කියන්න බැරි කියන එක. අපි කියමු කතන්දර කාරයා කියලා (උදාහරණයක් විදිහට) කියලා ඔහුව ගූගල් කරපු ගමන් අපි දන්නවා ඔහු ගැන. එහෙමත් නැත්නම් අපිට ඔහුව පෞද්ගලිකව හමුවෙන්න, හෝ ඔහු කියන කාලසීමා වල අපි දන්න කියන අය ඉන්නවා. එහෙමත් නැත්නම් ඒ චරිත හැබෑවට තියෙනවා. මේ වගේ ඇවිදින විකීපීඩියා වලට එහෙම නෑ කියලා හිතන්න පුළුවන් කාටද? අනික මේ අද කාලේ…
      මේවා කියවලා කොමන්ට් කරලා ගෝ එකක් දෙන අයටයි අවුල තියෙන්නේ.

      • @ අහිංසක බුරු බබා,

        I noticed that you commented on the post http://tikakhinawenna.blogspot.com.au/2011/08/blog-post.html. Your comments there indicate that you knew the person of interest of that story personally to some level. I can’t accept the claims made by the person of interest the US citizenship and 15 years of forced exile.

        According to Malan her blog “හිතුවක්කාරියකගේ සිත් යාය” is now deleted. Out of curiosity, if you know can you update on her current status? Here we are trying to expose Sahan for claiming to be a persona that he isn’t and in my opinion the person of interest in the above story had done the same. Thanks.

      • well what i can say ….
        මම ඇයගේ අද ගෙවන පෞද්ගලික ජීවිතය ගැන දන්නේ නෑ. එයා එක්ක ඉඳල හිටලා අදටත් මම කතා කරනවා. මට එයා එයාගේ ඔය කියන වල්ඩ්වයිඩ් වී අයී පී ජීවිත ගැන කියලා නෑ. මම අහන්නෙත් නෑ. මම ඉමිග්‍රේශන් කරන නිසා මම ඔය කියන සබ්ජෙක්ට් එක ගැන දන්නවා. මට හිතාගන්න බෑ එහෙම නීතියක් කොහොමද ආවේ කියලා. සමහරවිට ඇයට විතරක් එහෙම වීසා එකක් දුන්නද දන්නේ නෑ නේ. 🙂
        දැන් කොහොමද කියනන් දන්නේ නෑ ඉස්සර නම් එයා ඉගෙන ගන්න හරි දක්ශයි. ඒ විතරක් නෙමෙයි පොළවේ පය ගහලා හිටියා. මේබ්ලොග් සටහන් ලියවෙන කාලේ වෙනකොට අර මාලන් කීවා වගේ මගෙන් හා අපේ අනිත් හිතවත් මිතුරු බ්ලොග්කරුවන්ගෙන් ඇය ඈතට ගිහින්. මම හිතන්නේ ඇයට උදව් අවශ්‍යම කාලේ හිටියේ, මලී, ලසිත, ලිශ් , මරණේ, රචියා, සංජි, චමිල වගේ අභීතලා ඇය ගැන දන්න විස්තර මම හිතන්නේ අපි කාටවත් කීවේ නෑ. 😉
        ඒත් ඇය කොහේ හිටියත් හොඳ ජීවිතයක් ගෙවනවා නම් සතුටු වෙන කෙනෙක් මම. සුරංගනා කතා වලට වඩා මම තාම හැබෑ ජීවිත එක්ක ජීවත් වෙන කෙනෙක්.

      • @අහිංසක බුරු බබා,

        ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට.

        ඔබද පවසා ඇති පරදි ඇය “හිතුවක්කාරියකගේ සිත් යාය” ට ලියූ දෙයට වඩා බෙහෙවින් වෙනස් ලෙසකින් අභීතගේ පෝස්ටුවේ ලෝකෙට එනවා. දැන් ඉතිරිවී ඇත්තේ අභීතගේ පෝස්ටුව පමණක් නිසා, පසුව කියවන්නෙකුට සිත්න්නේ ඇය මහා පම්පොරි ගසන බොරු කාරියක ලෙසයි. [එමෙන්ම මට මතකයි ඇය රංග – මගේ ලෝකය සමඟ පවසා තිබුණා ඇය රටවල් 37කට ගොස් ඇති බව]

        ඇය මොන හේතුවක් නිසා එසේ බොරු කාලේද යන්න මට හිතා ගත නොහැකියි. ඒ ඇය ඔබ කණ්ඩායම සමඟ තිබුන සම්බන්ධය නිසා [දන්න මිනිස්සුන්ට බොරු කළහම අහුවෙනවනේ].

        මම ඇයව අදුනගන්නේ ඇයගේ බ්ලොග් අඩවියෙන් නිසා ඇය සම්බන්ධව අදටත් මට ඇත්තේ ප්‍රාසදයක්. ඒත් අද මට ඉතිරිවී ඇත්තේ මෙවැනි ප්‍රශ්න;

        ඇය අභීතගේ පෝස්ටුවේ බොරු කිවේ ඇයි..?
        ඇය දැනට ඉන්නේ ඇමරිකාවේද..?
        ඇය ආචාර්යය උපාධිය අවසන්ද..?

        මට හිතෙනවා අඹ ගහ යටට මේ සම්බන්ධව ලියන්න. ඒ ගැන ඔබේ අදහස මොකද්ද..?

      • මාලන්,
        ඇත්තෙන්ම මම ඇයගේ නිවසට මුලින්ම ගිය දවසේ මට දැනුණ දේ කීවොත් මෙන්න මෙහෙමයි.
        “මට මම ගැනම ලැජ්ජා හිතුනා. ”
        ඇය ඇගේ මව මිය ගිහින් සතියක් වෙනකොටත් ජීවත් වුනෙ තනියම ගෙදරක. මම රෑ ඇයව ඩ්‍රොප් කරන්න ගියාම මම ඒක දැක්කම පුදුම වුනා. ලංකාව කියන්නේ කවුරුම හරි කෙනෙක් අනෙකා වෙනුවෙන් ඉන්න රටක් නේ. එවෙලේ ලසිතයි මායි ගිහින් ඇයව මගේ ගෙදරට මම එක්කන් ආවේ. මොකද ඒ වෙද්දි ලසිතලා තමයි ඇයව මට හඳුන්වා දුන්නේ. ඇය අපේ කන්ඩායමට එකතු වෙනකොට බොහොම අසරණ වෙලා හිටියේ. අපි හැමෝම ඇයට ආදරෙන් හිටියේ. කෙනෙක් අසරණ වුනාම උදව් නොකර ඉන්න අපි කැමති නෑ. නමුත් ඇය අපිට කොහෙදිවත් මේ අභීතලා එක්ක කියන කතන්දර කියලා නෑ. යම් යම් පරස්පර විරෝධී කතා එද්දි අපි අපි හැමෝම අපේ සද්භාවය පැත්තකින් තිබ්බා. ඊටත් වඩා එයා අපෙන් ඈතට ගියා. කොටින්ම ඇය ලංකාවෙන් යනවා කියලා කොකෝ වැරන්ඩා හා තව තව තැන් වල බ්ලොගර්ස්ලාට හා තව අයට පාටීස් දුන්නට අර ඇය අසරණ වෙලා හිටි වෙලේ හිටපු කාටවත් එහෙම කිසි දෙයක් කියලා තිබුනේත් නෑ.
        සමහරවිට අපේ කන්ඩායමේ අයට ඇය බොරු නොකියන්න ඇති. කියපු සමහර දේවල් වුනත් පරස්පර වුනත් ඇය ඉගෙනීමට දක්ශයි. ඒක ගැන කතා දෙකක් නෑ. (ඒ වගේම ඇය යම් ස්ථාවර ආර්තික හා දේශපාලනහිතවත් කම් එක්ක යම් මට්ටමක හිටි කෙනෙක්. )
        අනෙක ඉතින් ඇය අභීත වගේ අයට කියපු දේවල් ගැන කොහෙත්ම පුදුම වෙන්න දෙයක් නෑ. මොකද අභීතලා වගේ සියල්ල පිළිගන්න හෝ ඊටත් වඩා දේවල් කියලා මාකට් වෙන්න බලපු අයනේ. සමහරවිට අපිට ඔය කතා කීව නම් ඇයව අපි ප්‍රශ්න කරන බවත් ඇය දන්නවා. අපි කිසිම කෙනෙකුට ඇය ඔය දේවල් කියලා තිබුනේ නෑ. අදටත් කියලාත් නෑ.
        නමුත් මම හිතන්නේ නෑ කොහොමටවත් ඔය වගේ බොරුවක් හෝ ඊට වැඩි ගණනක් කීවත් ඇය බ්ලොගර්ස්ලාට වංචාවක් කලා කියලා. ඇය කාටවත් හොරකම් කරපු කතාවක් මට ඇහිලා නෑ. කොහොමටත් ලංකාව වගේ රටක අපිට වැරදුනා වුනත් ඒක අපිම දැනගත්තත් සමාවෙන්න කියන වචනේ භාවිතා කරන්න අපි කවුරුත් කැමති නෑ.
        රැවටෙන්න ඉල්ලගෙන ලෑස්ති වෙනකොට ගොඩක් අය ඒකට අහුවෙනවා. නමුත් අපේ කංඩායම හා ඇයගේ ප්‍රශ්නේදි ඒක මානුශිකමය එකතුවක්. අපි හැමෝම ඇයට උදව් කරන්නයි එකතු වුනේ. ඒ හින්දා මම හිතන්නේ අපිට ඇයත් යම් හිතවත්කමක් අදටත් තියෙනවා. (එහෙම මම හිතනවා)

        ඔයා ලියන්න කිසි ප්‍රශ්නයක් නෑ.
        අනික මාලන් අභීතලා මේ වගේ කෙනෙක් ගැන නිකම්ම ලීවා වෙන්න බෑ නේ. මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙමෙයි නේ. 😉

      • @අහිංසක බුරු බබා,

        Thanks for your response. I appreciate your sharing.

      • Indika Upashantha said:

        //මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙමෙයි නේ.//

        මම දන්න විදියට ඇය තමයි අභීතගෙ ලිපි ඉංග්‍රීසියට පරිවර්ථනය කරල දුන්නෙ මිනිහගෙ ඉන්ග්‍රීසි බ්ලොග් එකේ දාන්න. 😀

    • ඔව් බූරු, විදුර ලියපු වේගය ටිකක් අඩු වුනාට ඔහු විවේචන වලින් වැරැද්ද හදා ගත්තා. ඒ කේස් එකට පස්සෙ ඔහු පළ කරපු දෙවැනි ලිපිය පලවැනි එකට වඩා හොඳටම හොඳයි.

      සහන් නම් හැදෙන පාටක් නෑ වගෙ. මෙච්චර කල් දාපු කමෙන්ට් වලින් නම් පේන්නෙ නම් පොර ගෙ ස්ට්‍රැටජි එක වෙන්න යන්නෙ සද්ද ටිකක් අඩු වෙනකම් සද්ද වහල ඉඳලා ඊට පස්සෙ ආයෙ පරන තාලෙටම එන්න වගේ.

      ඇනෝ ඉඳීමයි පුද්ගල සම්බන්ද කම් හදා ගැනීමයි අතරෙ තියන පොඩි ඉඩ බොහොම බයානක විදියට එක්ස්ප්ලොයිට් කරන්න මිනිස්සුන්ට පුලුවන් වෙන්නෙම අපේ මිනිස්සු හරි ලේසියට ඇඳ ගන්න නිසා.

  7. පාඨකයාගේ පැත්තෙන් ගත්තාම, මුද්‍රිත මාධ්‍යයට වඩා බ්ලොග් වල තියෙන ලොකුම වාසියත් මේක වෙන්න ඇති… සමහර සතිඅන්ත පත්තරවල පිටු ගනන් මිථ්‍යාව වපුරද්දී කොමන් සෙන්ස් වත් නැති මිනිස්සු දහස් ගනනක් ඒවාට අහු වෙනවා… මේ වගේ හෙළිකිරීමක් කෙරෙන්නේ හරිම කලාතුරකින්…

    නමුත් බ්ලොග් වල වැඩි කාලයක් බොරුව ගෙනියන්න බැරි බව ඔබ ඇතුළු නිවැරැද්දේ ජීවත් වෙන්න ආසා කිහිපදෙනෙක්ම දිගින් දිගටම ඔප්පු කරමින් ඉන්නවා… මේ වෙනුවෙන් වැය කල කාලයට සහ ශ්‍රමයට ස්තූතියි…

  8. ඇත්තටම ස්තූතියි…… මොහු අභීත එදිරිසිංහ ඉන්දිකට දීපු ගේම වගේ ගේමක් දෙන්න ප්ලෑන් කරන් හිටපු එකෙක්….. මුලින්ම කකාට අපහාස වෙන විදිහේ කොමෙන්ට් දානකොටම තේරුණා මුගේ කෙරුවාව……

    දැන් ඔය බල්ලා වගේ බුරන කෙන්ජි කියන ෆේක් ප්‍රොෆයිල් එකෙන් එන හාදයත් ඔයවගේම එකෙක්….. වෙලාවට ඌට ඉංග්‍රීසි බෑ…….

    මුන්ව උඩ තිබ්බෙ අරක්කු කාලට නැවෙන ඕනයා ඇතුළු බස් රේඩියෝවෙ ඉන්න නපුංසකයො තමා……

    • අපේ මිනිස්සුන්ට බ්ලොග් වල යන දේට වඩා බ්ලොග් ලියන පුද්ගලයා වැදගත්. එක හේතුවක් මගෙ හිතේ අපෙ මිනිස්සුන්ගෙ කොහොමත් තියන සුහද කම. එනෙක් හේතුව අපිට වඳින්න පුද්ගල චරිත ඕනෙ එක.

  9. Guys take a look at this http://tikakhinawenna.blogspot.com.au/2011/08/blog-post.html.
    This was published sometime ago in Blog_Sakvitha’s page.

  10. මා සැහැල්ලුව බ්ලොගයේ දැමූ කමෙන්ටුව මෙතනත් දාන්නම්.

    අපේම අත්දැකීම් මත ලියන කතන්දර හැර අප ලියන අන් සියළු දේම වෙන කාගෙන් හරි අහපු ඒවා, ඉගෙන ගත්තු ඒවා හෝ කියවපු, දැකපු ඒවා.

    මං බ්ලොග් ලියන්න පටන් ගත්තේ දැනුම බෙදන්න නොවේ. මගේ කතන්දර කීමටයි. මං හිතන්නේ ඉන්දිකත් තව් බොහෝ දෙනෙක් බ්ලොග් ලියන්න ගත්තේ ඒ අරමුණින්.

    පසුගිය වසර කිහිපය තුල මා දුටු දෙයක් තමයි අන්තර් ජාලයේ තියෙන දේ එක්කෝ අමු අමුවේ ඒ හැටියෙන්ම නැතිනම් තරමක් වෙනස් කර හෝ සාරාංශිතව සිහලෙන් ලියන අය ඉන්ණ බව.

    ඒ සමහර ඒවා මෙන්න පටන් ගන්නේ මේ වගේ:

    “ආ කොහොමද යාළුවනේ, ඔන්න අද මං ඔයාලාට අරං ආවා අළුත්ම ගැජට්ටුවක්”

    එහෙම නැතිනම්,

    “ආ කොහොමද යාළුවනේ, ඔන්න අද මං ඔයාලාට කියන්ණ යන්නේ අළුත්ම නෝකියා ලුමියා 5.5 එක ගැනයි”.

    ඔය වගේ ලිපියකදී අපිට තේරෙනවා කෙලින්ම වැඩේ. ඉතිං, මූලාශ්‍ර දක්වන්න ම ඕනෑ නෑ.

    තවත් වර්ගයක ලිපි තිබුණා ලෝකයේ විවිධ සිදුවීම්, විවිධ ස්ථාන ගැන තොරතුරු වගේ දේ සිංහලෙන් ලියන. මෙහෙම ලියන සමහරු වැලිව් ඇඩිෂන් එකක් කරනවා. සමහරු පොල්ලෙන් ඔළුවට ගහනවා වගේ ලියලා දානවා.

    මේ ගැන උපහාසයක් කරන්න තමයි මාත් පටන් ගත්තේ කතන්දර දැනුම් සාගරය කියලා කතන්දර පෙලක්. මා නොසිතූ විදියට ඒවා නැගලා ගියා. සමහරු අකමැති වුනත්, තවත් සමහරු එයින් වින්දනයක් ලැබූ බව පෙනුනා.

    දැන් පෙනෙන විදියට සහන් සහ විදුර (අර “රස්තියාදුකාර දේශාඨනය“ ලිව්වේ) දෙදෙනාම කර ඇත්තේ තමන් වෙන තැනකින් හොඳින් හෝ යාන්තමින් ඉගෙන ගත් දේ තමන්ගේ දැනුම සේ ඉදිරිපත් කිරීමයි. ෆොටෝ හොරකම (තමන්ගේ නම ගසා ඝැනීම) නිසා එය හෙලිදරව් වුණා.

    අපේ අය මේ වගේ දේවල්වලට රුවටෙනවාම නොවෙයි, ඒක බොහෝ දෙනෙකුට අද සාමාන්‍ය තත්වයක් බවට පත් වෙලා.

    එඩ්වින් ආරියදාස අපේ කාලයේ වීරයෙක් වුනේත් ඔය විදියටමයි!

    මේ තත්වය දිගටම පවතීවි.

    හොඳම උදාහරණය තමයි, දැන් මාස කිහිපයකට පෙර එක් බ්ලොගයට පෝස්ටුවක් පලවුනා. එහි හැඳින්වීමේදීම කියා තිබුණා, ඊයේ රාත්‍රියේ නින්ද නොගිය බවත් එනිසා අන්තර්ජාලයේ සැරිසැරූ බවත් එහිදී බොහෝ විස්තර ලැබුණු නිසා ඒ අනුසාරයෙන් ඒ පෝස්ටුව ලියන බවටත්.

    නමුත් ඒ ලිපිය කියවූ අපේ අය අන්තිමට කීවේ ඔයා ගේ දැනුම ගැන නම් අපිට හරිම පුදුමයි, ඔයා නං ප්‍රොෆෙසර් කෙනෙක් වගෙයි වගේ බයිලා කතා!

    • කතන්දර,

      මම හිතුවේ “ආ කොහොමද යාළුවනේ, ඔන්න අද මං” බ්ලොග්කරණය දැන් ඉවරයි කියලා. තාම ඒක තියනවද?

      මූලාශ්‍ර ගැන මටත් අන්තිම රිජිඩ් නීති පද්ධතියක් නෑ, එතිකල් ‘රූල්ස් ඔෆ් තම්බ්’ ටිකක් මිස.

      • එකක් තමයි, “වෙන කෙනෙක් කළ දෙයක් ගැන කියන විට, මේ දේ උඹ කළ දෙයක් කියලා කියවන්නාට හැඟෙන්න ඉඩක් තියෙනවා නම්, කළේ කවුදැයි පැහැදිලිව කියන්න” කියන එක
      • තව එකක් තමයි “මූ මේ ෆැක්ට් එක පුකෙන් ඇදලද ගත්තෙ” කියා ප්‍රශ්නයක් ඒ යයි හැඟේ නම්, මූලාශ්‍රයට ලින්ක් එකක් දෙන්න

      සහන් මේ රීති මට හිතෙන විදියට බරපතල විදියට උල්ලංඝනය කළා, නොදන්න කමට නෙවෙයි කරන්නෙ මොකක්ද කියල දැනුවත්වම.

      අර පරිවර්තන ලියන අයට වත් සිංහල බාසාවට වත් අපහාස කරනව නෙවෙයි, මටත් සමහර විට ප්‍රශ්නයක් එනව මේවට හුරේ දාන මිනිස්සු ඇයි එච්චර සරළ ඉංග්‍රීසියක් වත් ඉගෙන ගන්න උත්සාහ නොකරන්නෙ කියලා. සමහරු හිතන් ඉන්නෙ “අනේ මේව වෙන කවුරු හරි කියවල සිංහලෙන් නොලිව්වොත් අපිට නම් ජීවිතේට ලැබෙන්නෙ නෑ” වගේ. එකම ඉන්ටර්නෙට් එකේ ඉඳගෙනත් තියෙන්නෙ 60 ගනන් වල වෙන කියවන්න දෙයක් ලබා ගන්න බැරි නිසා සිංහල පත්තර කියවපු උන් ගෙ මානසිකත්වය.

  11. Indika Upashantha said:

    දෙවනි ලෝකෙ යුද්ධෙ නිසා දියුණු ගුවන් යානා, ජීප් රථය වගේ සෑහෙන ලෝකෙට වටින දේවල් යුද්ධෙ අඳුරු සෙවනැලි අතරින් ඉතුරු උනා. ඒ වගේ මේ කතන්දරේ නිසා ඔබ වගේ යමක් දිහා විමර්ෂනාත්මකව බලන හොඳ බ්ලොග් ලියන්නෙක් එකතු උනා.

    දැන් තියෙන්නෙ දිගටම ලියන්න 😀

    මට දැනෙන විදියට බ්ලොග් ලියන්න කියවන්න මූලික වශයෙන් කට්ටි දෙකක් එකතුවෙනව.

    1. සමජය ගැන සවිඥ්ඥානිකව හිතන බලන දකින තමා අවට වෙන දේ හොඳ නරක මිස, ඒ දෙයින් තමාට වෙන වාසි අවාසි ගැන නොතකන අය.

    2. අවට වෙන දෙයෙහි තමාට වන වාසිය සහ අවාසිය මිස එහි සමාජය ඇති පොදු බලපෑම ගැන හැඟීමක් නැති හෝ ඒ ගැන අවධානය යොමු නොකරන උදවිය.

    මම හිතන්නෙ මෙන්න මේ අංක එකේ බහුතරය ඔබ වටා ඉන්නව සහ අපි එකතුවෙලා මතුකරන්න ගිය කරුන ගැන අවභෝධයෙන් ඉන්නව කියන එකයි.

    දෙවනි අය ඉන්නෙ කා වටාද කියන එක ගැන ඇයි මම අමුතුවෙන් කියන්නෙ?

    හමුවෙන්නෙ පරිඝනක හරහ උනාට, ඉන්නෙ සමාන්‍ය සමාජයෙන්ම කොටසක්නෙ. ඒ හින්ද ඉතින් මොනා කරන්නද?

    අපි අද හිටුවන අඹ ඇට වල ඵල හෙට එන එකෙවත් ලබයිනෙ. ඒ නිසා ඔහොම යං..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Tag Cloud

%d bloggers like this: