සුද්දෙක් දිය ඇල්ලකින් පල්ලෙහාට වැටිල මැරිල, ඕක හොයල වාර්තා කරන්න පත්තර කාරයෙක් ඒ පලාතට ගියා. හද්ද කැලෑව, අතරින් පතර පොඩි පාළු ගමක් තියෙනව මිනිහෙක් දෙන්නෙක් ඉන්නව.

පත්තර කාරය දිය ඇල්ලෙ පොටෝ එහෙම අරන්, ලඟම තිබුනු ගම් මණ්ඩියක තේ කඩේකට ගියා විස්තරයක් හොයා ගන්න. මිනිහගෙ වාසනාවට එතන ටෝක් දිදී ඉන්නව සිද්දිය ඇහින් දුටු බව කියන එකම මනුස්සය, වයසක සීය කෙනෙක්.

පත්තර කාරයත් ටිකක් සීයට බටර් ගාල, තේකක් කාරිය අරන් දීල දැන් විස්තර අහ ගන්නව. ගමේ මිනිස්සුත් වටවෙලා මැජික් වගෙ බලන් ඉන්නව, සීයත් ෆෝම් වෙලා දෙනව ඇට්ටි හැලෙන්න, නිකන් සුද්ද එක්ක පොරත් ඇල්ලෙන් වැටුනු ගානට.

රිපෝටර් ට ඒත් නිකන් කික් එක මදි වගේ. නිවුස් වලට ගෙවන්නෙ අඟල් ගානට නෙ! පොර ඇහුව “ඉතින් සීයෙ සුද්ද නිකන් ම වැටුනද, අඩු ගනෙ කෑ ගැහුවෙ වත් නැද්ද උදව් ඉල්ලලා?”

“මොකෑ නැත්තෙ මහත්තයො සුද්දා ලතෝනි දීගෙන වැටුනෙ බුදු අම්මෝ!! බේර ගනියෝ! කියල !!!”

හොඳට කල්පනා කරල බලන්න මෙහෙම මිනිස්සු ඔබටත් කොහේදි හරි හම්බ වෙලා නැද්ද කියල. ඒ අය ඕනෙ දෙයක් දන්නව. එයාල ගෙන් දෙයක් ඇහුවොත් “මම දන්නෙ නෑ” කියන උත්තරේ කවදාවත් එන්නෙ නෑ, තමන්ගෙ බුද්ධි පරිමාවෙ හැටියට හිතෙන් ඔන් ද ස්පොට් හදා ගත්තු උත්තරයක් තමයි ලැබෙන්නෙ.

සහන්ටත් මේ ගතිය සෑහෙන්න තියනව නේ, දන්නෙ නැත්නම් හිතෙන් කතන්දර හදන. හැබැයි සහන් ආස ටිකක් ඩ්‍රැම‍ටික් සීන් වලට නිසා, සහන් හදන කතාත් එහෙමයි. ඒවයෙ සැටලයිට් ඉංජිනේරුවො රෑ දවල් නොබල, පවුල් අවුල් කරං වැඩ. කන්ස්ට්‍රක්ෂන් කොස්ට් ගනන් හදන හැටි ගැන QS ලා දන්නෙ නැති රහස් CEO ලා දන්නවා.

ඇණ කතාවක්

සැටලයිට් ගැන පෝස්ට් එකේ දී සහන් අපූර්විට ඇණයක් ගැන කතාවක් කිව්ව නෙ.

 SilentSahan October 30, 2013 at 8:34:00 PM GMT+5:30

ඇණ එහෙම හදන්නේ ආයතනය ඇතුලේමයි. ( හැබැයි මේ තීරණ ආයතනයෙන් ආයතනයට වෙනස් වෙනවා හොඳද .. මේක මෙසේම වෙන්නේ නැහැ ලොව පුරා සියලු ආයතන වල )

මොකක්ද මේ සහන්ගේ “ඇණය”?

සහන්ගේ සයිට් එකේ ඇති පින්තූරය මේකයි.

1sat59

ඇණයක් බොහෝවිට ගන්නේ මොකක් හරි දෙයක් හයි කරන්න නේ. මේ ඇනයෙන් මොන ප්‍රයෝජනයක් තියනවද දන්නේ සහන් ම තමයි!. කරකැවෙද්දී යන්තමින් උනත් පේන්නේ “ඇණයේ” උඩ කොටස මෙකැනිකල් බාසාවෙන් කියන්නේ නම් knurl කරල තියෙන්නෙ කියලා. එහෙම කරන්නේ මිනිසෙකුට නිතර ඇඟිලි වලින් අල්ලා පහසුවෙන් කරකැවීමට අවශ්‍ය දෙයක. චන්ද්‍රිකාවක වගේ දිගටම සවි කර තබන්නට අවශ්‍ය දෙයක නොවේ.

කොහොම හරි මොකක්ද මේ ඇණේ?

“ඇණය” ඇත්තටම නම් සෙල්ලම් බඩුවක්! කොටින්ම කිව්වොත් කරකැවීමට ම හදල තියන බඹරයක්!

02(පින්තූරය මෙතනින්: http://www.webo-kobe.com/items/object/seimitsu/coma.html)

මේ ලින්ක් එකට ගිහින් බලන්න. “ඇණයේ” තවත් පින්තූර එක්ක “ඇණය” සාදන අයුරු දැක්වෙන වීඩියෝවකුත් තියෙනවා. ඒ වීඩියෝ එකෙත් සහන් පින්තූර දාල තියන ලේත් මැෂිම තියෙනවා.  (මේ වීඩියෝව සහන් හොරකම් කළ එකකැයි මම කොහේවත් කියා නෑ, ඒක නිසා නිකන් උඩ පනින්න එපා. මේ පෝස්ට් එක සහන් ගේ “ඉන්සයිඩ් දැණුම” ගැනයි – චන්ද්‍රිකා කොටසක් කියා සෙල්ලම් බඩුවක් පටලවා ගැනීම ගැනයි.)

එතකොට සහන් අපූර්වි ව ඇන්දූ අන්දමට “ඇණ” සාදන්නේ ආයතනය ඇතුලේ ම ද?

සමහර විට සහන් වැඩ කරන සැටලයිට් ලැබ් වල නම් බඹර වගේ ම ඇණ හදනව ඇති, නමුත් මේ SEIMITSU “ඇණය” හදන්නේ YUKI Precision නම් ජපන් ජාතික කම්හලක ය. එය ඇණයක් නොව බඹරයක් බව එයාල ම කියනවා.

If you’re looking for the spinning top featured on NHK TV,

please visit Branch Product page at http://store.branchproducts.com/

ඇත්තටම යූකි ප්‍රිසිෂන් කම්හල Aerospace අංශයේ (චන්ද්‍රිකා වගේ) කටයුතු වලටත් කොටස් නිෂ්පාදනය කරන කම්හලක්.

එහෙම කම්පනි එකක් පොඩි උන් ගෙ බඹර හදන්නෙ මොකට ද?

යූකි කොම්පැනිය ඔවුන්ගෙ වැඩ වල තියන නිරවද්‍යතාව පෙන්වන ජනප්‍රිය උදාහරනයක් තමයි ඔය බඹරය. සෙන්ටිමීටරයක් විතර විශ්කම්භය ඇති කුඩා උපකරණයක් එච්චර ලස්සනට හදන එක ලේසි නැහැ. ඒ බඹරෙ කැරකෙව්වම, තත්ත්පර දෙක තුනකින් ස්තාවර වෙලා වැනෙන්නෙවත් නැතුව විනාඩි තුනක් විතර (සහන් කිව්ව වගේ විනාඩියක් නෙවෙයි) කරකැවෙනවා. ඔහොම සිත් ඇද ගන්නා දෙයක් ලොකු පබ්ලිසිටි වාසියක් එහෙම ආයතනයකට.

එතකොට සහන්ට මේක පටලැවුනේ කොහොම ද?

සහන් ඔය උඩ දැමූ චන්ද්‍රිකාව යැවූ Axelspace ආයතනය තමාගේ චන්ද්‍රිකාවට අදාල ඇතැම් චැසි කොටස් නිපදවා ගත්තේ Yuki Precision ලා ගෙන්. නැතුව සහන් කියනව වගේ ඇනයේ ඉඳල ම ආයතනය ඇතුලේ හැදුවේ නෑ. සහන් ඕක කොහොම හරි පටලා ගත්තා. ඒක මීට වඩා ඉන්ටරෙස්ටිං කතාවක්!

මේ ගැන වැඩි විස්තර ඊලඟ පෝස්ටුවේ.

ලෙන්ස් ලිපේ දැමීම

ඊලඟට සහන් ලොකු ටෝක් එකක් දුන්න නෙ ලෙන්ස් ලිපේ දාල පුච්චන හැටි ගැන. ඒකත් පිස්සුවක්. සහන් පින්තූරෙ බලල, ඉංග්‍රීසි නොදැන කරපු විකාරයක්.

හොඳට බලන්න මේ පින්තූරෙ තියන කෝව වගේ එක කොච්චර ඩැමේජ් වෙලා ද කියලා, ඒක ලෙන්ස් බොඩි එකක් ද? බලන්න “ලෙන්ස් එක” වගේ පේන දේ මතුපිට කොච්චර රළු ද කියලා.

2sat38

මේක මේ වීදුරු උණු කරලා ලෙන්ස් හදන ක්‍රියාදාමය පෙන්නන එකක් මිස ලෙන්ස් එක ටෙස්ට් කරන එකක් නෙවෙයි. මොන ලෙන්ස් එකකවත් ඉලෙක්ට්‍රොනික්ස් ඔය රස්නෙට ඔරොත්තු දෙන්නෙ නෑ. මේ වගෙ ගෑස් දැල්ලක අඩුම උශ්නතත්වය 900°C (කහ දැල්ල) ඉඳන් 1600°C (නිල් දැල්ල) වගේ. (විස්තර මෙතැන සහ මෙතැන) මේක ඔක්සිජන් දාල බ්ලෝවර් එකකින් එවන ඇසිටලීන් වගේ දැල්ලක් නොවී නිකන් LP ගෑස් නම් ඒ. නැත්නම් ඊටත් වැඩී. ඒ උශ්නත්වෙට ලෙන්ස් එකක සර්කිට් වැඩකිරීම කෙසේ වෙතත් උනුවෙලා වැක්කෙරේවි. (330°C වෙන කොටම සර්කිට් පාස්සපු ඊයම් ඔක්කොම උනු වෙනවා)  චන්ද්‍රිකාවක පිටත උපරිම උශ්නත්වෙත් වෙන්නෙ 270°C වගේ.

මේ ලෙන්ස් හැදුවෙත් සැටලයිට් එක හදපු තැන නෙවෙයි කොසිනා කියන දෘශ්‍ය උපකරණ හදන ආයතනයක. මෙතන ඉන්න ෆොටෝග්‍රැෆි කරන අය නම් ඔය නම අනිවාර්යයෙන් අහල ඇති. ඒ ගොල්ලො කැනොන්, නිකොන් තරම් ජනප්‍රිය නැති උනත් තරමක් ප්‍රසිද්ද ආයතනයක් ලෙන්ස් හදන්න.

මේකත් සැක නම්, ඊලඟ පොස්ට් එක බලන්න.

සහන්ගෙ ස්ටයිල් එකට අපිත් දානව පෝස්ට් එකට අදාළ දුක හිතෙන සින්දුවක්:

Advertisements

Comments on: "අභ්‍යවකාශයට ගිය බඹරය සහ තවත් කතා" (7)

  1. හෙහ්හ්හ් හෙහ්හ්හ් මට තව හිට්ස් ටිකක්.. 😀

    ඉන්දික උපශාන්ත මහත්තයා සහ විශ්ව රංගනාත් මහත්තයා මේ උඩින්ම ඉන්නේ… සියල්ල පැහැදිළියි .අනේ මචන් මේ පෝස්ට් එක ගැන මගේ ස්තූතියි… හිට්ස් ෆලෝ එනවා තව ටිකක් මේ වැඩෙන්… :D..ඔන්න බලන්න තව ටික කාලෙකින් කියයි මේ සයිට් එක කරන්නෙත් සහන් තමයි … සහන් දාපු වීඩියෝ ගැන සහන් ඇර වෙන කව්ද දන්නේ කියලා… 😛

    • මේ වගේම “මට තව හිට්ස් එනවා” කතා ගාල්තැන්නෙ කපුවත් කිව්වා නෙත් එෆ් එම් සීන් එකට පස්සේ!

      හැබැයි එයා නම් සහන් ඔයා වගේ “හිට්ස් තම්බල කන්නද” අහපු කෙනෙක් නෙවෙයි.

    • Investi ano said:

      Dear Vinivida writer,

      Good job and thank you for revelation of all these fake attempts systematically.

      – Investi Ano

  2. Investi ano said:

    You missed this part also.

    SilentSahanNovember 1, 2013 at 10:51:00 AM GMT+5:30

    රංගට මෙච්චර කියලත් තේරෙන්නේ නැත්නම් මන් ඊළඟ පෝස්ට් එකෙන් කරන එක වැඩක් ගැන විතරක් පෙන්නන්නම්.. ඒ සැට් එකේ සිග්නල් එක එන තැනම ඉඳන් පොටෝ ටිකක් ගහලා එවන්නම්.. ඉන්නකෝ ටිකක්….

    තව තව කතා කරන්න යෑමෙන් වැඩක් නැහැ රංග.. රංග මන් ඕකට සම්බන්ධ උන කෙනෙක්. ඕව මගේ ඇහැට දැකපු කෙනෙක්. මගේ ජීවිතේම ගෙවෙන්නේ ඕව එක්ක. අඩුම තරමේ මට මගේ කෙල්ල එක්ක වත් sms එකක් ගහන්න වෙලාවක් නැහැ… ( මන් මේ ටික කිව්වේ ඔයා මෙච්චර දුරක් ආව නිසා.. )

    රංග මන් නම් මේ දේවල් කරන්නේ ලෝකෙට පේන්න නෙවේ. ඉංජිනේරුවකු විය යුත්තේ තම පොරත්වය සඳහා නොව , ලෝකයට වැඩක් කිරීම පිණිස පමණයි..

    – Investi Ano

  3. Investi ano said:

    vidura weerasingheOctober 31, 2013 at 10:59:00 AM GMT+5:30
    ආ මේ තියෙන්නෙ උත්තර…

    SilentSahanOctober 31, 2013 at 12:06:00 PM GMT+5:30
    01. [im]http://2.bp.blogspot.com/-YzvrBXG3zHw/UnH4D73B5LI/AAAAAAAABoU/ZNferR3H6x0/s1600/2+sat++4.JPG[/im] ෆයර් ෆොක්ස් වලින් මේක බලන්න .. මේ තියෙන්නේ චන්ද්‍රිකාව ආවරණය කරන්න ගන්න ද්‍රව්‍ය.. මේවා ආයතනයෙන් ආයතනයට වෙනස් ක්‍රම වලට හදන්නේ..

    02. ඔබ නොදුටු දේ බොහෝයි කියන්න තමයි වෙන්නේ රංග ආයෙම..කිසිම සමාගමක් මුළු සැලසුමම පිට කරන්නේ නැහැ..

    @ විදුර

    දැන් මම දාපු ෆොටෝ එක ගූගල් ඉමේජ් වල හොයලා හම්බුණේ නැති උනොත් එහෙම හිත කලබල කරගන්න එපා.. ඔය ෆොටෝ මම කෝල් එකක් දීලා දැන් ගත්තේ ” මචන් පොටෝ දෙකක් ගහලා එවපන් කියලා “

    • කමෙන්ටුවට ස්තුතියි ඉන්වෙස්ටි!

      සහන්ට අහු වෙන මිනිස්සු ඒත් ඉන්නවා!

  4. විශ්ව රංගනාත් said:

    ලජ්ජා නැති සහන්. මු දැන් හෙළුවෙන් ඉඳන් අපිට හු කියනවා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Tag Cloud

%d bloggers like this: