න අන්තලික්ඛෙ න සමුද්ද මජ්ඣෙ
න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජති සො ජගතිප්ප දෙසො
යත්තත්ථි තො මුංචෙයය පාප කම්මං

අහස් කුසෙහි වේවා, සමුදුරු මැදෙක වේවා, පර්වත කුහරයක වේවා, මේ කොතැනකවත් ම, කරන ලද පාප කර්මයාගෙන් ගැලවී සිටීමට තැනක් මේ මුළු තුන් ලොවෙහි බැලුවත් නො පෙනෙන්නේමය …

— ධම්මපද, පාප වග්ග

____________________________

චන්ද්‍රිකා තාක්ෂණය ගැන සහන් පල කළ ලිපිය හොඳයි. ඒත්, ඇත්ත කියනව වෙනුවට, සහන් උත්සාහ ගත්තේ තමා එම ස්ථානයට සම්බන්දයක් ඇති බව පෙන්වන්න. සහන් ඩීටේල්ස් ගැන හොයන්නෙ නැති නිසාද, ඇත්තටම ඉංග්‍රීසි තේරුම් ගන්න අමාරු නිසා ද මන්දා සමහර වෙලාවට කිව්වෙ හද්ද බොරු.

උදාහරණයක් හැටියට මම කලින් ලිපියෙ සඳහන් කළ සෙඉමිත්සු කොමා බඹරය එක උදාහරණයක්. සෙඉමිත්සු කියල ජපන් වචනයේ තේරුම ම (මට තේරෙන හැටියට) precision කියන එකයි. සියුම් මැෂින් පාර්ට්ස් හදන ‍Yuki Seimistu කම්පනි එක ඒ බඹරය ආඩම්බරෙන් නිපදවන්නෙ ඔවුන් ගේ නිරවද්‍යතාවේ සංකේතයක් හැටියට.  සහන් විස්තර ලබා ගත් තැන ඒ බව ඉතා පැහැදිලි ඉංග්‍රීසියෙන් සඳහන් වුනත්, සහන් එයට අවධානයක් යොමු කරනවට වඩා කළේ ඔහේ ගත්තු පින්තූර ටිකක් සොයා නොබලා පළ කරල, පස්සෙ ඒ ගැන මිනිස්සු අහන කොට කටට ආපු බොරුවක් කියන එක. අපූර්වි ඇහුවම ඇණත් හදන්නෙ එතන ම ද කියලා, ඔව් කියනවා!

ඇත්තටම සැටලයිට් එක සැටලයිට් එක WNISAT-1 කියන, ජපන් චන්ද්‍රිකාවක්. ඒක හැදුවේ ටෝකියෝ වල ඇ‍ක්සෙල්ස්පේස් (Axelspace) කියන කම්පනි එකේ, “ඇණය” (සත්‍ය වශයෙන් ම බඹරය) හැදුවෙ කනගවා හි යුකි සෙඉමිත්සු කියන කම්පනි එකේ. ඒ බඹරය චන්ද්‍රිකාවට කිසිම අදාල කමක් නෑ කියල අපි ඔය කලින් පෝස්ට් එකේ කිව්ව නෙ. ඉතින් සහන්ට පැටළුනේ ඇයි?

බඹරයේ පොඩි කෑල්ලක් සහන් ගොඩ දාගත් වීඩියෝවේ තුබුණු නිසා. මොකක්ද මේ වීඩියෝ එක?

මොකක්ද වීඩියෝ එක?

J-TECH Innovation & Evolution යනු ජපානයේ NHK රූපවාහිණී ආයතනය මගින් විකාශය වන තාක්ෂණික වැඩ සටහනක්. ගිය ඔක්තෝබරයේ Giant Leaps for Micro-satellites නමින් එහි එපිසෝඩ් එකක් විකාශය වුනා. සහන් කියන්නෙ සහන්ට සැටලයිට් ටීවී තියනව කියල නෙ, ඉතින් සහන් ඕක බලන්න ඇති.

බැලුවා විතරක් නෙවෙයි හිතන්නත් ඇති, යකෝ මේක NHK, ලංකාවෙ පෙන්නන්නෙ නෑ, මළාට YouTube වල යන්නෙ නෑ, පින්තූරයක් වත් ඉන්ටනෙට් එකේ නෑ මේක කොපි කරා නම් ගොඩ ම තමා ආයෙ මොකෙක් වත් හොයා ගන්නෙ නෑ කියල! ස්ක්‍රීන්ෂොට් ටිකකින් කොහොමද මිනිස්සු නම වත් දන්නෙ නැති, කොහේවත් රටක ටීවී එකක ගියපු, ඉන්ටර්නෙට් එකෙත් නැති වීඩියෝ එකක් හොයන්නෙ.

ඒක නිසා තමයි සහන් බය නැතුව පොර ටෝක් දුන්නෙ තමන් එතැන ඉඳන් ම (හෝ යාලුවෙක් එතැන ඉඳන්) ගත්තු ෆොටෝස් කියලා.

ටෝක් දුන්නෙ නැහැ කියන්න එපා !

මම මගේ අතේ තියාගෙන ඔය ජාතියේ  TDK DC/DC converter ටිකක් පොටෝ ගහලා එවන්නද මේ දැන් …? ඕනේ නම් මන් පෙන්නපු සැට් එක උඩ තියලා පොටෝ ගහලා එවන්නද …?

SilentSahan October 31, 2013 at 7:55:00 PM GMT+5:30

සහන් ටිකක් හරි.

  • වීඩියෝ එක YouTube වල ගියේ නෑ.
  • ලංකාවෙ පෙන්නුවෙ නෑ.
  • පින්තූර ඉන්ටර්නෙට් එකේ ගියෙත් නෑ.

හැබැයි එකක් වැරදුනා. එතැනදි තමයි අර මම උඩින් දාල තියන ගාතාව මතක් වෙන්නෙ. කොච්චර වහගෙන බොරුවක් කරත්, කවද හරි මාට්ටු වෙනවා.

  • ඇනොනිමස් ඒ වීඩියෝ එක හොයා ගත්තා. (දැන් සහන් මෙහෙම දෙයක් කරා නම් නිකන් CIA ගානට ලොරි ටෝක් කීයක් දේවිද)

අපි දැන් පින්තූර ටිකක් බලමු නේ?

මෙතන නම් මට සහන් හොර කරපු විදියට පින්තූර ස්ට්‍රෙච් කරන්න, කලර් මැච් කර කර ඉන්න වෙලා නෑ. “සහන්ගෙ පින්තූර මෙතනින් ගත්තුව නෙවෙයි ඒවයෙ පාටත් වෙනස් හැඩෙත් වෙනස්” කියන උන් ඉන්නව නම් කියා ගන්න, එහෙම උන් රැවටෙන්නම උපන් උන්. මොළේ කලඳක් තියන උන්ට තේරේවි ඔරිජිනල් එකෙයි කොපියෙයි තියෙන්නෙ ඇස්පෙක්ට් රේෂියෝ/ක්‍රොප්/පාට වගේ වෙනස් කම් කියලා.

පින්තූර පෝස්ට් එකට දාන කොට සයිස් වෙනස් වෙන නිසා පොඩ්ඩක් කොලිටි අඩුවට පේන්නෙ. පින්තූරය උඩ ක්ලික් කළාම ඔරිජිනල් එක බලන්න පුලුවන්. සංසන්දනය කරල බලන්න සහන්ගෙ පින්තූර කොච්චර කොලිටි අඩු ද කියලා.

සහන් පින්තූර හොරකම් කරපු විදියෙ තියන තාක්ෂනික ප්‍රිමිටිව් කම හින්දා ඔහුගෙ පින්තූර පැහැදිලි කම අඩුයි. නමුත් එක දෙයක් බලන්න, ඔහු අර තාර ගාන්නෙ සමහර විට NHK Logo එක මකන්න. (පහත පින්තූරය බලන්න).

ඉලෙන්ට්‍රොනික් පින්තූර

සහන් හොරකම් කළ පින්තූරය Picture stolen by Sahan

1sat05

ඇත්ත පින්තූරය original picture

sat-02

තාර ගාන්නෙ කෙහෙම්මල් රහස්‍ය භාවයට නෙවෙයි. ඔය ඔතන වහල තියන XBee බෝඩ් එක ඉලෙක්ට්‍රොනික් කරන පොඩි එකෙක් උනත් දන්න, මොකක් හරි කම්පොනන්ට් එකකට වයර්ලස් end-to-end connectivity දෙන්න ගන්න තියන ලාබම solution එකක්. රුපියල් තුන්දාහකට අඩුවෙන් ගන්න පුලුවන්.

හරි හමන් ඉලෙක්ට්‍රොනික් ෂොප් එකක් ගාව පඳුරකට පයින් ගැහුවත් වීසි වෙන කම්පොනන්ට් එකක් හෙන රහසක් වගෙ තාර උලලා. සහන් ගෙ ඉලෙක්ට්‍රොනික් දැණුමෙ ඇත්ත තරම අපි මෙතැන දැක්ක නෙ. (මේක කියන්නෙ නොදැණුම අපහාසෙකට ලක් කරන්නෙ නෙවෙයි. නොදන්න ගමන් මහා දැනුමැත්තෙක් බව පෙන්වල මිනිස්සු අන්දන එක නවත්වන්න)

අනික මේ වහල තියන බෝඩ්,  එක එක කම්පොනන්ට් ටෙස්ට් කරන්න ගන්න ටෙස්ට් රිග් එකක කෑලි මිසක් අඩු ගානෙ චන්ද්‍රිකාවෙ පාට් එකක් නෙවෙයි.  (ටෙස්ට් කරන්න ඕනෙ පාට් එක තමයි වෙනම pinouts එක්ක මවුන්ට් කරල තියෙන එක) කෑලි ඔක්කොම එක තැන තියන චන්ද්‍රිකාවකට කම්පොනන්ට්ස් අතරෙ නිකන් වැඩිපුර ශක්තිය වැය කරන් වයර්ලස් වලින් කතා කරන්න ඕන වෙන්නෙ මොකටද? අඩියක විතර දුරක් වයර් වලින් කර ගන්න පුලුවන් දේකට. මොකෝ චන්ද්‍රිකාව ඇතුලෙ කෑලි අත්තාපං මුත්තාපං ගහනවද කම්මැලි වෙලාව‍ට?

මේ තවත් හොරකම් කරපු පින්තූරයක්.

සහන් හොරකම් කළ පින්තූරය Picture stolen by Sahan

1sat06

ඇත්ත පින්තූරය original picture

sat-03

මේකෙත් බලන්න, තාර ගාල තියෙන්නෙ වහන්න මෙළෝ දෙයක් නැති තැනක.

ඇත්ත වීඩියෝ එකේ ලස්සන කතාවක් තියෙනවා මේක හදපු යුනිවර්සිටි ටීම් එකට (මේ පොටෝ, සහන් ඔය කියන චන්ද්‍රිකාවට සම්බන්ද ඒව වත් නෙවෙයි. යුනිවර්සිටි එකකින් රිසර්ච් එකකට යවපු බොහොම සරළ චන්ද්‍රිකාවක් ගැනයි එතන වීඩියෝ එකේ කතා වෙන්නෙ) බොහොම පුංචි බජට් එකකින් කරන්න වුනු නිසා ටෝකියෝ වල පාරවල් අයිනෙ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ලාබෙට බඩු අරන් කෑල්ලෙන් කෑල්ල චෙක් කරන්න වුනු හැටි. සහන් ඒක ඇත්ත චන්ද්‍රිකාවට පටලලා.

ඇත්තම වීඩියෝ එක බොහොම ලස්සන කතාවක් ජපන්නුන්ගෙ දක්ෂ කම් ගැන. එදිනෙදා දේවල් වලින් උනත් ජපන්නු කොච්චර අයිඩියාස් ගන්නවද කියන එක ගැන. උදාහරනයක් හැටියට ඔවුන් එච්චර පුංචියට සියළුම දේවල් අඩුක් කරලා චන්ද්‍රිකාව හදන එකට ජපානෙ සාම්ප්‍රදායික කෑම පෙට්ටි වලින් හිටන් අදහස් ගන්නවා. ඇමරිකන් උන් උන්ගෙ සැට් එකකට සිස්ටම්ස් පහක් දාන කොට, ජපන්නුන්ට උන්ගෙ ඒවට හතක් දාන්න පුලුවන්ලු. මේ පහත පේන ඩ්‍රින්ක් කෑන් එකකින් හදපු පුංචි ට්‍රාන්ස්මිටර් එකට (මේක චන්ද්‍රිකාවක් නෙවෙයි) ඇන්ටෙනා වලට අරන් තියන මනින ටේප් එක බලන්න.

sat-27

මේක උඩ යවන්නෙ බොහොම පුංචි රොකට් එකක, කෑන් එක විතරම වගේ විශ්කම්භයක් තියෙන. ඉතින් උඩට යනකම් ඇන්ටෙනාව නැවිල තියෙන්නත් ඕන, උඩට ගියාට පස්සෙ ට්‍රාන්ස්මිට් කරන්න නම්, ඇන්ටෙනාව දිග හැරිල ශක්තිමත්ව ඩයිපෝල් එකක් වගෙ තියෙන්නත් ඕනා. ඒ සේරම උවමනා ටික හරි ගිහින් තියෙන හැටි බලන්න හිතල බලල ඒකට ගත්තු ලාබ “අමු ද්‍රව්‍යය” නිසා.

මෙහෙම ඉන්ටරෙස්ටිං කතා ගොඩක් තිබුනත් ඒව සහන්ට කියන්න බැරි උනේ, බොරු රහස්‍ය කමක් පෙන්වන් “මං පොර” වෙන්න ගිහින් තියන නිසා.

ටීම් එකේ පින්තූර

සහන් හොරකම් කළ පින්තූරය Picture stolen by Sahan

2sat01

ඇත්ත පින්තූරය original picture

sat-07

මෙතැනත් මේ එකෙක් ගෙ මූන වහල මොකටද? සහන් ගෙ වචන වලින් ම කියනව නම් “බොරු ෂෝ ගහන්න”.  නිකන් නැති සීරියස් කමක් හදන්න, තමන් ඉන්සයිඩ් ඩීටේල් එක්ක ඉන්න, රහස් දන්න පොරක් බව පෙන්නන්න, එක මූනක් බොරුවට වැහුවා.

සහන් කියන සැටලයිට් එක හදපු ටීම් එකේම පින්තූර මෙතන තියනවා. සහන් කියනවා වගේ විශයයන් ගානකට PhD තියන අය නෙවෙයි ඔක්කොම ඉන්නෙ. සමහරුන්ට PhD (එක ගානෙ)  තියනවා, සමහරුන්ට මාස්ටර්ස් තියෙන්නෙ.

සහන් හිතන්න ඇති සමහර විට මෙහේ කැම්පස් වල ගොබිලන්ටත් එක PhD එක ගානෙ තියේ නම්, ලොකු තැන් වල වැඩ කරන උන්ට PhD දහය පහලව ඇති කියලා. PhD කියන්නෙ එහෙම ගේම් වල ලෙවල් අප් වෙනව වගේ එකක් නෙවෙයි ලෝකෙ එහෙමත් කෙනෙක්ට තමයි ඩබල් PhD තියෙන්නෙ. ලෝකෙ මොනම රස්සාවකටවත් PhD දෙකක් ඉල්ලන්නෙ නෑ.

ඇත්තටම මේ Axelspace කියන කම්පනි එක සාපේක්ෂව පොඩි එකක්. උන් කියනවා උන්ට ලෙන්ස් හදා ගන්න හොඳ මැනුෆක්චරර් කෙනෙක් එකඟ කර ගන්නත් අමාරු වුනා කියල. නැතුව ලෙන්ස් නිකන් ආප්ප බානව වගේ in-house හැදුව නෙවෙයි.

කැමරා ලෙන්ස්

සහන් හොරකම් කළ පින්තූරය Picture stolen by Sahan

1sat39

ඇත්ත පින්තූරය original picture

sat-12

මෙතනත් පේනව නේ, ලොගෝ එක මකන්න cut and paste කරපු පාර යන්තම් පේනවා.

සහන් තව බොරු කිව්වා හරියට ලෙන්ස් හදන්නෙත් එතනම වගේ. ලෙන්ස් හදලා තියෙන්නෙ Cosina කියන වෙනම කම්පනි එකක. ලෙන්ස් ගැන සහන් කියපු බොරුවක් අපි මෙතනත් කතා කරා.

සූම් ලෙන්ස්

සහන් හොරකම් කළ පින්තූරය Picture stolen by Sahan

1sat53

ඇත්ත පින්තූරය original picture

sat-05

රොකට්

සහන් හොරකම් කළ පින්තූරය Picture stolen by Sahan

1sat63

ඇත්ත පින්තූරය original picture

sat-17

මෙතැනත් බලන්න අනේ රොකට් වල බොරුවට තාර ගාලා. මඩ එක්ක ජීවිතේ ම ගෙවුනම ඔහොම තමා.

පින්තූර විකෘති කරන්නෙත් බොහෝ විට හඳුනා ගැනීම තවත් අමාරු කරන්න වෙන්න පුලුවන්. රතු කාර් ඉලෙක්ට්‍රික් ඔරේන්ජ් කරපු බුවා නෙ!

ඇණය

මෙන්න පොර අර කරකවපු ඇණයෙ පින්තූරෙ.

සහන් හොරකම් කළ පින්තූරය Picture stolen by Sahan

1sat60

ඇත්ත පින්තූරය original picture

sat-14

වීඩියෝ එකේ නැවත නැවතත් කියනව මේක බඹරයක් කියලා.

මට ඔක්කොම පින්තූර දාන්න ඕනෙ කමක් නෑ නිකන් ඔබෙත් මගෙත් කාලෙ කන්න. දැන් ගේම් එක ක්ලෝස් නෙ කොහොමත්.

සහන්, ආයෙත් මේකටත් ලිස්සන්න එපා නම ගැහුවෙ වෙන උන් පෝස්ට් හොරකම් කරන එකෙන් බේරෙන්න කියලා.

  • ඔබ ඉතා දැනුවත්ව සහ ඕනෑ කමින් ම NHK ලොගෝ මැකුවා. ඒක කළේ මොකටද?
  • තමන්ට සමීප මූලාශ්‍රයකින් පින්තූර ලැබුණු බවට ටෝක් දුන්නෙ ඇයි?
  • ඇත්ත වීඩියෝ එකේ නොතිබුනු ගල් පැලෙන බොරු දැනුවත්වම කිව්වේ ඇයි?

සහන් දාන්න වගේ පෝස්ට් එකට ගැලපෙන මූඩ් එකක සින්දුවක් අපිත් දාමු, නැත්නම් හරි නැහැ නෙ.

සහන් දාන සින්දු සෙන්ටිමෙන්ටල් මදි වගෙ මේවට, ඒක නිසා අපි අහමු මේක.

මේකට නම් කමෙන්ට් එකක් නොදැම්මොත් මට මගේ හිතෙන් නිදහස් වෙන්න බැහැ. පළමුව ඔබේ උත්සහයට මගේ ප්‍රණාමය. මට නම් අද තමයි යමක් පැහැදිලි වුනේ මේ දේවල්. ඒ ඔබට පිංසිද්ධ වෙන්න. ඔබ සැබෑ දක්ෂයෙක්.

සහන් මිත්‍රයා. මා හැමදාමත් කී පරිදි ඔබ විශ්මිත් පුද්ගලයෙක්. “ලංකාවෙන් යවපු චන්ද්‍රිකාවට සහන් දායක වුනේ නැද්ද? ඒ කියන්නේ අපේ රෝහිත බේබි සහන්ටත් වඩා දන්නවා ….හැක හැක ..ඔන්න ඔය වෙලාවට තමයි සහන් මුන්ව මරාගෙන මැරෙන්න හිතෙන්නේ

සෙනසුරාදා උදේ පාන්දර පැය දෙකක් එක දිගට මේක කියෙව්වා. චන්ද්‍රිකා තාක්ෂණය මට අළුත්ම අළුත් දෙයක්. කියවලා ඉවර උනාම මට එකපාරටම ආපු හැඟීම සහන් මේ වගේ ආයතනයක ඉංජිනේරුවෙක් කියන එක සහ මේ කිව්ව දේවල් වලට අමතරව සහන් තව බොහෝ දේ සඟවන බව???

මේ වගේ අහිංසක මිනිස්සුන්ව කටට එන බොරු කියල රවට්ටන්න එපා සහන්, පව් සිද්ද වෙනවා! ඒ මිනිස්සුන්ට මිනිහෙක් කියන එක විස්වාස කරන එකත් එපා වෙනවා!

Comments on: "සදහටම වැලලී යයි සිතූ මළකුණ ගොඩ එයි …" (22)

  1. හඃ හඃ හඃ ස්තුතියි 😀

  2. Indika Upashantha said:

    මේකෙ ලින්ක් එක ඔන්න මම සහන්ටත් , ඉවාන්ටත්, රංගනාත්ටත් යැව්ව්ව. මම සහන්ගෙ පින්තූර දැක්ක ගමන් තේරුනා ඒක වීඩියො කැප්චර් එකක් තමයි කියල.

    ඔබට බොහොම ස්තූතියි සත්‍ය හෙළිකරන්න උන මහන්සියට. දැන් පැහැදිලියි ඇයි සහන් අර දේශාඨයට සපෝර්ට් කරේ ඇයි කියල.

  3. විශ්ව රංගනාත් said:

    සහන් ඔය පොස්ට් එකේ දැම්මේ කිලෝමීටර් 35000 සුම් වෙන ලෙන්ස් පද්දතිය කියලා. WNISAT-1 කියන්නේ කිලෝමීටර් 600 ඉහලින් යන භූ නිරීක්ෂණ චන්ද්‍රිකාවක් එහෙම චන්ද්‍රිකා වලට කිලෝමීටර් 35000 සුම් වෙන ලෙන්ස් අහවල් එකටද?

    ඔය පොස්ට් එකේ මම දාපු සියලු කමෙන්ට් සහ සහන් ඒවාට දුන් පිළිතුරු බලන්න. එතන ඔහු පැහැදිලිවම පැන ගියා. මගේ එම කමෙන්ට් වලින් බොහෝ දේ ගන්න පුළුවන්. සහන් සමග skype කතාව කලාට පස්සේ මම කියපු කරුණු සහන් චරිත සහතිකයක් කර ගත්තා. තම බිරිඳ මැරුණු විදිය සහ තමා මුහුණ දුන් අනතුරු ගැන අඩමින් ඔහු කල skype කතාවට මම නොමග ගියා, මම රැවටුනා, මම අනුකම්පා කළා නමුත් ඔහු කී ඒ සියල්ල අනිවාර්යෙන් බොරු. මම එවෙලේ හිතුවේ නැහැ මෙහෙම බොරු කරන මිනිසුන් ඉන්නා වග. මම ඉන් පස්සේ ඔය චන්ද්‍රිකාව ගැන ප්‍රශ්න නොකරන්න හේතුව වුනේ ඔහු පෙන්වූ වෙනත් හේතුවක් මිස ඔහු හරි නිසා නොවේ.

  4. හෙහ්හ්හ් හෙහ්හ්හ් මට තව හිට්ස් ටිකක්.. 😀

    ඉන්දික උපශාන්ත මහත්තයා සහ විශ්ව රංගනාත් මහත්තයා මේ උඩින්ම ඉන්නේ… සියල්ල පැහැදිළියි …ඔන්න බලන්න තව ටික කාලෙකින් කියයි මේ සයිට් එක කරන්නෙත් සහන් තමයි … සහන් දාපු වීඩියෝ ගැන සහන් ඇර වෙන කව්ද දන්නේ කියලා… 😛

    අනේ මචන් මේ පෝස්ට් එක ගැන මගේ ස්තූතියි… හිට්ස් ෆලෝ එනවා තව ටිකක් මේ වැඩෙන්… 😀

    • ඇඳුම් ගලෝල පාර මැද්දේ හිටෙව්වට පස්සේ හිට් මලෝල කන්නද සහන් ? හරි තමා. විලි ලජ්ජා නහරේ උපතින්ම ගෙනැල්ල නැහැ . සිංහල බ්ලොග් අවකාශයේ කුප්‍රකට දුගඳ හමන කුණු බක්කිය ඔබටත් හිමියි. අභීත ලෝක හොරා සමග එය හවුලේ භුක්ති විඳින්න.

    • මේ වගේම “මට තව හිට්ස් එනවා” කතා ගාල්තැන්නෙ කපුවත් කිව්වා නෙත් එෆ් එම් සීන් එකට පස්සේ!

      හැබැයි එයා නම් සහන් ඔයා වගේ “හිට්ස් තම්බල කන්නද” අහපු කෙනෙක් නෙවෙයි.

  5. මේකනං මාරයි ඈ…

  6. හ්ම්ම්ම් ..

  7. මම ඉන්දිකත් නෙවෙයි විශ්වත් නෙවෙයි. මේක බලන්න සහන්.

    https://anduravinivida.wordpress.com/faq/#aruni

  8. ඔබ ලියූ සියලු ලිපි කියෙව්වා. ආවට ගියාට දාන ගොං කතා වලිං තොරව කරලා තියෙන විධිමත් හෙලිදරව්ව ගැන ඔබ කවුරු උනත් ඔබට බොහොම ස්තුතියි. !
    මේ කමෙන්ට් කරන්නේ සහන් යනු මාරම පොරක් යයි ඔහුට හුරේ දැමූ පිරිසටයි.
    >
    මමත් සහන්ගෙ බ්ලොග් එක බලපු මුල් දවස් වල අතිශෝක්තියෙන් නොවුනත් මිනිහට තෑන්ක්ස් කරලා කමෙන්ට් කරා. හැබැයි චන්ද්‍රිකා පෝස්ට් එකෙන් පස්සෙ මං මිනිහගෙ ලිපි වලට කමෙන්ට් කරන එක නැවැත්තුවෙ මිනිහා ලොකු ඇන්දිල්ලක් කරන බව දැනුනු නිසා… මොකද ඒ පෝස්ට් එකේ කරුණු සහ රූප සටහන් ගැන මට සැක හිතුනු නිසා… නමුත් ප්‍රශ්න නොකලේ ඒක මට දැනෙන සැකයක් මිස ඉදිරිපත් කරන්න නිවැරදි සාධක නොතිබූ නිසා… අනික සහන් යනු ප්‍රශ්න වලින් පැනලා යන , තමංගෙ ඕඩියන්ස් එක්ට තමංව විශ්වාස කරන්න හිතෙන විදිහට වචන හරඹ කරන්න දන්නා කෙනෙක් බව කමෙන්ට් සංවාද වලිං දැකලා තිබුණු නිසා.
    >
    මට හිතෙන විදිහට ඔහු යම්කිසි දැනුමක්, බුද්ධියක් සහිත කෙනෙක්. නමුත් ඊටත් වඩා දහ’දොලොස්ගුණයක් ලොකු මොකක් හෝ ඇරියස් එකක්, නැත්තම් බෙලහීනතාවක්, නැත්තම් උද්දච්චකමක් හෝ ඒ සියල්ලේම මිශ්‍රණයක් තියෙන කෙනෙක්. ඔහු ලියන ලිපි වල දැනුමක් විදිහට යම් ප්‍රතිශතයක් තියෙනවා පාඨකයින්ට වැදගත්. නමුත් තම දැනුම හා බුද්ධිය තව කෙනෙක් මුලාවේ දමන්නට පාවිච්චි කරන මේවැනි කපටි මිනිසුන්ගේ දැනුමෙන් සමාජයට පලක් නෑ. දැනුමෙන් පලක් ඇති කොටසින් පවා ඉඩ තියෙන්නේ වැඩි දෙනෙක් නොමඟ යාමටයි. ඉතිං මේවැන්නන් කරන බොරුව පෙන්වාදීම ඉතාම වැදගත්.
    >
    නමුත් අපේ සමාජේ තියෙන අවුල තමයි මෙහෙම හෙලිදරව්වකිං පස්සෙ,
    *හුරේ දාපු උංගෙන් කොටසක් තමාගේ පුහු මාන්නයට හා ගර්වයට සිදුවූ හානිය නිසා දිගටම මෙවැනි නිවටයින් වෙනුවෙන් පෙනී සිටීම. තව කොටසක් කට’පුක වහගෙන සාන්තුවරුන් බවට පත්වීම. තව කොටසක් හුරේ දැමූ ප්‍රවේගයට ලං කල නොහැකි ත්වරණයකින් නිවටයා නැවත හෑල්ලුවට ලක් කිරීම.
    * පටන්ගැන්මේ සිටම බණිමින් සිටි’වුන් නම් ඉහත ත්වරණයෙන්ම වහ වහා ඇරියස් කවර් කර ගැනීම.
    * තවත් කොටසක් හොඳ හෝ නරක වේවා සංවාද වල සිටින මොකෙක්ව හෝ අවුලවා ආතල් ගැනීම.
    >
    ඉතිං, කොන අහුවුන ගමං ලබ්බට තලන්න ගියොත් නිවට බුද්ධිමතුන්ගෙයි, මෝඩ අපෙයි කිසි වෙනසක් නැතුව යනව.
    මේ බ්ලොග් ලියන ඇනෝ කියා ඇති ලෙසම, අපි කල යුත්තේ, පුද්ගලිකව කෙනෙක් අල්ලගෙන පහරදීම නොව මෙවැනි සිද්දි තුලින් සමාජය වටහා ගැනීමයි.
    ඇනෝ’ගෙම වචන වලින් නම්,
    “”මේක සහන් ගැන විතරක් තේරුම් අරන් වැඩක් නෑ. හොර වෙද්දු, හොර සාස්තර කාරයො, ඉන්ටර්නෙ‍ට් සල්ලි කාපර් ලා, සක්විතිලා, සහන් වගේ ටෝක් වලින් ම ගේම දෙන ඔක්කොටම අදාලයි. ලොකුම වරද උන්ගෙ නෙවෙයි උන්ව හදල, නඩත්තු කරල, උන්ටම රැවටෙන මී හරකුන් ගෙ.””
    >
    තේරුං අරං, ගනං නොගෙන හිටියාම ඉවරයි…
    >
    මේ බ්ලොග් ලියූ ඇනෝට නැවතත් ස්තුතියි.

  9. සහන්, ඔබ තාර්කික පිළිතුරක් නොදුන්නොත් ඔබේ ප්‍රකාශනවල වලංගුභාවය නැතිවෙනවා.

  10. I knew he was a fake after his Tesla post. Even my main street Chrysler mini-van and 2009 Benz have voice commanding. I would like to have a Tesla, but not now. If I am tech savi as Sahan claims he is, I would wait for a few more years until all the possible bug fixes. And the extremely poor quality of his photos proves that those were not taken by a man who could afford a Tesla.

  11. Indika Upashantha said:

    විශ්ව. මේ කතාවෙ අවසානය ලියන්න පුලුවන් ඔබට.

    කරුණාකරල පැහැදිලි කරනවද ඔබ එදා

    // ඒ වගේම චන්ද්‍රිකා නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ද ඉංජිනේරුවෙක් කියන්නේ කොතරම් පඩි ගත්තත් ජීවිත අවදානම සහිත කෙනෙක්. කොතරම් ආරක්ෂාවක් ලැබුනත්. මගේ ගැටලුවලට සහන් කමෙන්ට් වලදී කරුණු මගහැරීමට හේතුව පැහැදිලියි. එතකොට තේරුනා මොහුගැන කල උපකල්පන වැරදි කියලා මෙන්ම ඔහු කරුණු නොකියන්න හේතුව හොඳට පැහැදිලි වුනා. //

    කියල කිව්වෙ ඇයි කියල?

    ඉන් පස්සෙ අපි කාටත් තියෙන අන්තිම සැකෙත් නැතිවෙලා සහන් ගැන කරදර වෙන්න තියෙන එහෙම නැත්තන් සහන් කියන්නෙ බොරුද ඇත්තද කියන එක ගැන වද වෙන්න තියෙන අවශ්‍යතාව සහ සහන්ගෙ ලිපි වල තාක්ෂනික නිරවද්‍යතාව ගැන හොයන්න අනවශ්‍ය බව හොඳටම පැහැදිලි කරගන්න පුලුවන් වෙයි.

    එහෙම නැත්තන් සහන් දිගටම විකුණන්නෙ ඔබව, ඔබෙ ඔය වචන.

  12. ඉතාමත් ස්තුතියි හෙළිදරව් කිරීමට.

    අපේ ආසියානු ලක්ෂණයක් තමයි කියපු බොරුවක් අහුවෙන්න එන කොට තරහ ගිහින් කෑ ගැසීමත්, ඒකත සාර්ථක නොවුනොත් නිවට නියාලු විදියට බොරුව හෙළි නොකරන ලෙස ඉල්ලසිටීමත්.

    මේ සහn නුත් ඒ තත්වයට ඉතාම හොඳ උදාහරණයක්.

    අනික හොරුන්ගේ ලක්ෂණයක් තමයි වෙනත් සමාන හොරෙක් අහු උනාම ඌ වෙනුවෙන් කතා කිරීම. දේශ ගවේෂක ගේ සිද්ධියේදී මෙයා ඒ විධියටම හැසිරුනා නේ.

    සිංහල බ්ලොග් අවකාශයේ නැවත නැවතත් හමුවෙන සහn , දේශ ගවේෂක වැනි අය ත්, ඒ අය වන්දනාවේ යන හුදී ජනතාවත් හෙළිදරව් කරමින් අපි කව්ද කියා අපට මතක් කිරීම ගැනත් ස්තුතියි.

  13. මම කාටවත් විරුද්ධව ලියන ඒවාට සාමාන්යෙන් කමෙන්ට් කරන්නේ නැහැ .. එත් ඔබ සියලු විස්තර සමග මෙය ලියලා තියෙන විදිය මම ගොඩක් අගය කරනවා .. අනිත් කෙනා කෙසේ වෙතත් ඔබනම් හැබෑම දක්ෂයෙක් බවයි පෙනෙන්නේ …ජයවේවා !!!

  14. මහන්සි වෙලා සෑහෙන්න කරුණු හොයල තියෙනවා. ස්තූතියි ඇනෝ.

    සහන්,

    ඔබ නිවැරදි නම්, විචාරක කිව්වා වගේ පැනලා යන්නේ නැතුව, උත්තර ලියන්න. මේක අමතක කර දැමිය හැකි ඔත්තුවක් නොවේ. මෙතන බැරිනම් ඔබගේ බ්ලොග් එකේ හෝ කරන්න.

    ඔබ මෙයට උත්තර නොදුන්නොත්, මෙම කරුණු 100% ක් නිවැරදියි කියලා අපිට පිලිගන්න වෙනවා.

    සහන්ගෙ ඊළග පෝස්ට් එක හැටියට උත්තර ලිපියක් බලාපොරොත්තු වෙනවා..!

    • දෙයි මේං කියල.
      මේ ව තමයි දැන් සහන්ට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ
      ලැජ්ජාව කියල දෙයක් ඉතුරු වෙලා තියෙනවා නං
      1. හිමිහිට බ්ලොග් පඩංගුව වහල තොලොංචි වෙලා යෑම
      2. හැමෝගෙන්ම සමාව ඉල්ලලා ලිපියක් දාල ගෞරවනීය විදියට කට් වෙලා යාම.

      අසික්කිත විලිලජාවක් නැති වංචාකාරයෙක් නං
      1. ටික දවසක් නිශ්ශබ්දව ඉඳල මුකුත් නොවුණු ගානට ලිපියක් දෑම. ( සිංහලයට හැම දෙයක්ම මතක දවස් 7 යි )
      2. පිළිතුරු කියල වැල් වටාරන් ලියපු ලිපියක් දාල , තමන්ම ඒකට අම්ම , දුව අමතල කුණුහරප කොමෙන්ට් දමා ගැනීම. එකෙන් මාතෘකාව වෙන පැත්තකට ගෙන යාම සහ අනුකම්පාව ලබා ගැනීම.

      සහන් මෙයින් තෝරා ගන්නේ කුමක්ද ? කපටිසහන් හිස්තැනක් පිළිතුර යොදා SMS කරන්න 119 වෙත.

      • ඔබ හරි. සහn තොර ගත්තේ අන්තිම option එක .

        As we thought.

  15. මේ පොස්ට් එකට කොමෙන්ට් එකක් දාන්නම වෙනවා. ඇත්තටම සහන් මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කලයුතුමයි කියා මා සිතනවා. ඇත්තෙන්ම මා විශ්වාස කළා සහන් මේ (හෝ වෙනයම් ) චන්ද්‍රිකාවක් සෑදීමට සම්බන්ධ වී ඇති බවට. ඔබ යම් පැහැදිලි කිරීමක් කලයුතුමයි සහන් .
    මේ පැහැදිලි කිරීම ගැන ස්තුතියි. මේ ලින්ක් එක එව්ව ඉන්දිකටත් බොහොම ස්තුතියි.

    • ඉවාන්,

      සහන් මේ ලිපි වලට උත්තරයක් එයාගෙ බ්ලොග් එකේ දාල තියෙනවා. ඒ උත්තරේට ප්‍රති උත්තරයක් මේ බ්ලොග් එකෙත් (“සහන්, ගල් පැලෙන බොරු එපා!!” කියල) දාල තියෙනවා.

      ඉඩ ලැබෙන විදිහට ඒවත් බලන්න.

Leave a reply to විශ්ව රංගනාත් Cancel reply