තව තව කතා කරන්න යෑමෙන් වැඩක් නැහැ රංග.. රංග මන් ඕකට සම්බන්ධ උන කෙනෙක්. ඕව මගේ ඇහැට දැකපු කෙනෙක්. මගේ ජීවිතේම ගෙවෙන්නේ ඕව එක්ක. අඩුම තරමේ මට මගේ කෙල්ල එක්ක වත් sms එකක් ගහන්න වෙලාවක් නැහැ…
SilentSahan එදා චන්ද්‍රිකා පෝස්ට් එකේ …

ඊට වඩා හොඳයි නෙට් එකෙන් හෝ වීඩියෝවෙන්  රූප ටිකක් අරන් දාන එක අසවල් දේ මේකයි අසවල් දේ අරකයි කියලා.
SilentSahan මෙදා  ..

සහන් ට කරපු චෝදනා වලට සහන් “උත්තර දීල” පෝස්ට් එකක් දාල. උත්තර දීල කියන එක ක්වොටේෂන් ඇතුලෙ දැම්මෙ, ඒ පෝස්ට් එකේ කරන්නෙ ඒක කියල ලිව්වට කරල නැත්තෙත් ඒකම නිසා. ඒ ලිපියෙත් වැඩියෙන් තියෙන්න සහන් නිතර කරන, ප්‍රශ්නෙට උත්තර නොදී රට වටේ යන එක.

ඇත්තටම අපේ පෝස්ට් ටික ලිව්වෙ බලන එකෙක් තේරුම් ගනිද්දෙන්, මේක බලලක් නොතේරෙන එකෙක් ඉන්නව නම් උන් ඇඳ ගත්තට කමක් නෑ කියල හිතල. ගාල්ලෙ සිරිවර්ධන බුද්ද, ගාල්තැන්නෙ ගොය්යා පස්සෙත් යන උන් තවම ඉන්නව නෙ. ඒත් ටිකක් වෙලාව තියන නිසා අපි මේ ලිපියත් පොඩ්ඩක් කෑලි ගලවල බලමු ඇතුලෙ තියන කෑලි, මොකද ඒකත් ෆන්.

ඊට කලින් ලිපිය පුරාම තියෙන අඬවැඩියා ටිකකට උත්තර දීල ඒ ටික පැත්තකට කරල ඉමු.

සහන් කතන්දර ටිකක් කියනව නේ පෝස්ට් එකේ මාතෘකාවට කෙලින්ම අදාළ නැති. අපි ඒ කතා එක එක අරන් බලමු පොඩ්ඩක් ප්‍රධාන කතාවට යන්න කලින්.

කතන්දර 1: මම හරි සාමාන්‍ය, නිහතමානී කෙනෙක්.

දැන් “සාමාන්‍ය, නිහතමානී” සහන් මෙන්න මෙහෙමයි සැටලයිට් පෝස්ට් එකේ කිව්වෙ:

තව තව කතා කරන්න යෑමෙන් වැඩක් නැහැ රංග.. රංග මන් ඕකට සම්බන්ධ උන කෙනෙක්. ඕව මගේ ඇහැට දැකපු කෙනෙක්. මගේ ජීවිතේම ගෙවෙන්නේ ඕව එක්ක. අඩුම තරමේ මට මගේ කෙල්ල එක්ක වත් sms එකක් ගහන්න වෙලාවක් නැහැ…

කියන්න සහන් මේ කතාව ඇත්තද බොරු ද? WNISAT-1 නමැති** මේ චන්ද්‍රිකාවට ඔබ කාමරය අතු ගාන තරමින් හෝ සම්බන්ධ උනාද නැද්ද? වුනා නම් දැන් මේ NHK එකේ ස්ක්‍රැම්බ්ලර් ගැන විකාර ඇයි? (ඒ විකාර වලටත් ඉදිරියේ පිළිතුරු ඇත)

** මේ චන්ද්‍රිකාව WNISAT-1 බව ඇනෝට ඉතා කලින් විශ්ව රංගනාත් විසින් සොයාගෙන ඇත. මේ බව මීට පෙර සඳහන් කළ නොහැකි වූයේ ඇනෝ මේ කමෙන්ටුව ඒ කාලයේ නොබලා හෝ අමතක වී තිබූ නිසා. විශ්ව ට ඒ සම්බන්ධයෙන් සිත් රිදීමක් ඇතිවූයේ නම් අපේ බලවත් කනගාටුව!

ඉන්දිකට උත්තර දුන්නෙ මෙහෙමයි:

\\\\\\\\\අධ්‍යක්‍ෂක , කොටස් හිමියන් සහ ප්‍රධාන විධායකවරයා එකතුව ව්‍යාපෘතිය ගැන අවසාන කථිකාවට ආවට පස්සේ තීරණය කරනවා සමාගම සතු විවිධ අංශ වලට වැඩ පවරන්න. සුළු නිලධාරීන් හට දැනුම් දිය යුත්තේ මොනවාද , දැනුම් නොදිය යුත්තේ මොනවාද , සැඟවිය විය යුත්තේ මොනවාද යන්න\\\\

අපි දෙන්නා ඉන්නේ තැන් දෙකක ඉන්දික.. ඔයා draftsmanගේ වැඩේ කරන්න..මම මගේ කොටස කරන්නම් .. අපි දෙන්නා පෑහෙන්න යන්න ඕනේ නැහැ …

මේක “නිහතමානී” කතාවක් ද නොදන්නා තරම වහ ගන්න කරපු උද්දච්ච කතාවක් ද? කොහොම හරි ඉන්දිකගෙ ලිපි වලින් පස්සෙ පොරගෙ තවත් “මම ඔක්කොම කියනවා ඊලඟ ලිපියෙන්” ලිපියක් අද වෙනකන් මිසිං!

කතන්දර 2: මම කරපු සේවය අරමයි/මෙහෙමයි

සේවයක් කළ පමනින් කරන සියළු දේ හොඳ වන්නේ නෑ. චන්ඩියෙක් වෙන්න ලයිසන් ලැබෙන්නේ ත් නෑ.

කතන්දර 3: මට චෝදනා එන්නේ මම මුස්ලිම් වරුන්ට පක්ෂව … අවුරුදු 50… etc etc.

සහන් මුස්ලිම් කියා හෝ වයස 50 කියා අපි චෝදනා කර නෑ. අපි චෝදනා කලේ සහන් ගේ බ්ලොග් චරියාව ගැන විතරයි. මෙ කතා මෙතනට අදාලත් නැත්තේ මෑතකදී ආ චෝදනා නොවන නිසා. සහන් මෙතැනදී යොදා ගන්නා උපක්‍රමය Association fallacy නමින් තර්ක ශාස්ත්‍රයේ ප්‍රසිද්ධ, තක්කඩින් විසින් ඉතිහාසයේ සිට යොදා ගත් එකක්. ඒ කියන්නෙ

  1. කට්ටිය මට බොරු කාරයෙක්, හොරෙක් කියනවා
  2. මට බොරුකාරයෙක්/හොරෙක් කියපු සමහර අය නරක කට්ටිය
  3. ඒ කියන්නෙ මට බොරු කාරයෙක් කියන ඔක්කොම අය නරක කට්ටිය
  4. ඒ කියන්නෙ මම හරි හොඳයි.

ඕක හරි සිල්ලර ගොන් පාට් එකක්. ප්‍රශ්න වලට උත්තර දෙන්න සහන්, ප්‍රශ්න අහපු මිනිස්සු ඔක්කොම එක ගොඩකට දාලා, එක්කෙනෙක්ට බනින්නෙ නැතුව.

දැන් සහන් ගෙ ක්ලේම් එක එක අරන් බලමු, ඔක්කොම නෙවෙයි ටිකක්. (ඔක්කොම ගන්න මටත් වෙලා නෑ!)

සහන් ගේ ලෙඩ

මේක අවශ්‍ය කතාවක් නෙවෙයි ඇදල ගන්නෙ සහන් ට ඕකත් මාතෘකාවක් නිසා. අපි නම් සහන් ට මොන ලෙඩක් වත් තියෙන බව කියල නෑ.

 ” ඔව් මට පිළිකාවක්.ඇයි මොකද ?” කියලා ඇහුවොත් යන්නේ ළඟට යන්න එපා බෝ වෙයි කියලා.

මට කැස්ස තියෙනවා ටිකක් තදින්. …. 😀 මගේ ලෙඩ ගැනත් උනන්දුයි මේ මහත්තුරු සහ නෝනලා ටික. ඉස්සර මම එළකිරි එකේ ඉද්දි බහින් බස් වීම් , විහිලුවට කියපු දේවල් තමයි මේ කට්ටියම අදටත්ඇදලා ගන්නේ.

සහන්

සහන් ගේ ලෙඩ ගැන බ්ලොග් වල මිනිස්සු කියන්නේ මා දන්නා තරමින් නම් සහන් කී දේ ම තමයි.

විශ්ව කී මේ කතාව ගැන වෙනම පෝස්ට් එකක් දැම්මේ සහන් ම යි.

ඇසට කඳුළු එන ඔහුගේ කතාව මගින් ඔහුගේ හැසිරීමට හේතුව අවබෝධ වුනා. සහන් කෙලින් සමහර දේ නොකියුවට ඔහු මරණය ලඟට ගොස් පැමිණි ආරක්ෂක ක්ෂේත්‍රයට සම්බන්ද කෙනෙක් කියලා නම් තේරුනා

තමන් ම දාපු පෝස්ට් එකේ වත් විශ්ව කියපු එක නිවැරදි කිරීමක් කළෙත් නෑ! ඒ කියන්නෙ විශ්ව ට මෙහෙම දෙයක් කී බව සහන් පිලිගන්නව කියන එක නෙ!

මේ කමෙන්ටුව මගේ පෝස්ට් එකක ඇනෝ කෙනෙක් විසින් පළ කරන ලද ලින්ක් එකකින් යන එලකිරි.කොම් පෝස්ට් එකකි.

ow ban muthra ekka blood yanawa .
cancer ekak kiyalai kiyanne..
thama mata direct kiyala naha wate yawanawa..
pahu giya kale uluwa wath ussaganna baruwa giya…

මේක සහන් අර “විහිළුවට” කියූ දෙයක් දැයි මා දන්නේ නෑ. විශ්ව රංගනාත්ට අනුව නම් සහන් තමා ගේ අසනීප ගැන විශ්ව සමග කියල තියෙනවා. සහනුත් තමන්ගෙ පෝස්ට් එකකින්ම ඒක අනුමත කළා නෙ. කෙසේ වෙතත් පෞද්ගලිකත්වය ගැන මහන්සි වෙන කෙනෙකු නම් ලෙඩ දුක් ගැන ප්‍රසිද්දියේ කතා කිරීම එතරම් සුදුසු නොවිය හැකි බව විතරක් කියන්නම්. නැති ලෙඩ ගැන විහිළු කිරීම ඊටත් වඩා භයානකයි!

වීඩියෝ කැප්චර් කිරීම

මම දන්නවා විනාඩි 15 , 20 වීඩියෝ එකක් එම්බෙඩ් කරාට කිසි කෙනෙක් ඒක බලන්නේ නැහැ ඉවර වෙනකම්.  ඊට වඩා හොඳයි නෙට් එකෙන් හෝ වීඩියෝවෙන්  රූප ටිකක් අරන් දාන එක අසවල් දේ මේකයි අසවල් දේ අරකයි කියලා.
සහන්

සහන් අපි ඔයාට මොකුත් කිව්වෙ නෑ වීඩියෝ කැප්චර් කරල දාපු එකට. වීඩියෝ වල ෆ්රේම් කැප්චර් කරල තමන්ගෙ වගේ දාල, වීඩියෝ වලින් ගත්තු බවක් වත් නොකියා තමන් පුද්ගලිකව ගත්ත වගේ පෙන්නපු එක ගැනයි කිව්වෙ, මෙන්න මෙහෙම:

පින්තූර ටිකට නම් දරුණු විකෘතියක් වෙලා තියෙනවා රංග..දැනට මට හදන්න විදිහක් නැහැ..වෙලාවක වෙනම පොටෝ ටිකක් අරන් අප්ඩේට් කරන්නම් …
SilentSahanOctober 25, 2013 at 11:52:00 AM GMT+5:30

ඔයා ඒ පින්තූර වීඩියෝ එකක් කැප්චර් කරල ගත්තු බවක් නිකමට වත් ඇඟෙව්වද නැද්ද කියන එක කවුරුත් දන්නවා, නිකං බබා හුකුං ඕනෙ නෑ.

සහන් අද කියන්නෙ මොකක්ද?

මම මාරයාගේ පෝස්ට් එකේදී කිව්වා ඔන්න මම පෝස්ට් එකක් දානවා ඒවා නම් මගෙන් විතරයි කියලා පට්ට රණ්ඩුවක් මැද්දේ. අනේ එදා මම ඒ කියපු එක වචනයක් අල්ලන් තමයි මේ සේරම දෙනා නටන්නේ.
සහන්

මෙන්න සහන් කී එක.

මට මේ දැන් මා ළඟ තියෙන පින්තූර වගයක් දාන්න පුළුවන් අභ්‍යාවකාශගත කරන චන්ද්‍රිකාවක තියෙන කැමරා පද්ධතිය.. ( මන් ඒ පොටෝ දැම්මම ගූගල් ඉමේජ් සර්ච් කරලා බලන්න ඒවා වෙන කොහේ වත් නැහැ.. සයිලන්ට් සහන්ගෙන් පමණයි …මම ඒ ටික තියන් ඉන්නේ මගේ වෙන වැඩකට ගන්න ) …… මම ඊළඟට දාන්නම් පෝස්ට් එකක් ..උඹ පුදුම වේවි…

ඒක “එක වචනයක් අල්ලන්” නම්, එතකොට මේව කිව්වෙ සහන් ගෙ අකවුන්ට් එකෙන් ලොග් උනු වෙන කෙනෙක් ද?

SilentSahan October 31, 2013 at 7:55:00 PM
මම මගේ අතේ තියාගෙන ඔය ජාතියේ  TDK DC/DC converter ටිකක් පොටෝ ගහලා එවන්නද මේ දැන් …? ඕනේ නම් මන් පෙන්නපු සැට් එක උඩ තියලා පොටෝ ගහලා එවන්නද …?

SilentSahan November 1, 2013 at 10:51:00 AM GMT+5:30
තව තව කතා කරන්න යෑමෙන් වැඩක් නැහැ රංග.. රංග මන් ඕකට සම්බන්ධ උන කෙනෙක්. ඕව මගේ ඇහැට දැකපු කෙනෙක්. මගේ ජීවිතේම ගෙවෙන්නේ ඕව එක්ක. අඩුම තරමේ මට මගේ කෙල්ල එක්ක වත් sms එකක් ගහන්න වෙලාවක් නැහැ…

SilentSahanNovember 1, 2013 at 10:51:00 AM GMT+5:30
” අනේ මෙන්න මේ කාමරේ නම් හොර වැඩක් නැහැ. මේ කාමරේ නම් බලන්න එපා ” කියලා බෝර්ඩ් ගහලා තියෙනවා දැකලා තියෙනවද ? රංගට මෙච්චර කියලත් තේරෙන්නේ නැත්නම් මන් ඊළඟ පෝස්ට් එකෙන් කරන එක වැඩක් ගැන විතරක් පෙන්නන්නම්.. ඒ සැට් එකේ සිග්නල් එක එන තැනම ඉඳන් පොටෝ ටිකක් ගහලා එවන්නම්.. ඉන්නකෝ ටිකක්….

නැත්නම් ඒවත් “විහිළු”ද? ඔයා නම් කොහොමත් කරන්නෙ විහිළු වගේ තමයි එක අතකට පේන්නෙ.

වීඩියෝ වල තාර ගෑම

උදා :- NHK ආයතනය මගින් ලබා ගත් නැරඹුම් ගිණුමක් මගින් සේවය ලබා ගනී නම් විටින් විට කෝඩ් අප්ඩේට් වීම/නොවීම තිරයේ දිස් වෙන්න පුළුවන්. එම කෝඩ් එක දුටු පමණින් කියන්න පුළුවන් මේ තරංගය එන්නේ SLRC වෙනුවෙන්ද ITN වෙනුවෙන්ද MTN වෙනුවෙන්ද  MBC වෙනුවෙන්ද යනාදී වශයෙන්. එවැනි දේවල් ගැන මට තුන්වෙනි පාර්ශවයක අවවාද සහ අනුශාසනා අවශ්‍ය නැහැ. මකනවාම තමයි.

සැටලයිට් සිග්නල් ගන්න පෙට්ටිය තියෙන්නේ සුදු පාටට කළු පාටට එක එක පාටින්.දන්නවද? අන්න ඒ පෙට්ටියෙන් එළියට වීඩියෝ / ඩේටා සිග්නල් එළියට එද්දී වීඩියෝ පින්තූර මතට කස්ටමර් ID දර්ශනය වෙනවා.

සහන් මෙතන පෙන්නන්න යන්නෙ අර වීඩියෝ වල තාර ගෑවෙ ට්‍රාන්ස්මිෂන් එකේ එන කෝඩ් මකන්න වගේ.

මේක හද්ද බොරුවක්, කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට හොඳ.

වීඩියෝ එකකට ඔය සහන් කියනව වගේ කෝඩ් ගහන්නෙ මිනිහෙක් ගෙ අතින් නෙවෙයි සිග්නල් එක ප්‍රොසෙස් කරන උපකරනයෙන් මයි. ඒ ප්‍රොසෙසර් එක ඇස් කන් තියෙන එකක් නෙවෙයි පින්තූරෙ තියෙන්නෙ මොකක්ද කියල තේරෙන්න. “මේ VLSI IC එකක්”, “මේ තියෙන්නෙ රොකට් තුනක්”, “මේ ඉන්නෙ මිනිස්සු” කියල තේරෙන්නෙ නෑ ඒ සර්කිට් එකට. ඒක කරන්නෙ මොකක් හරි සරල කේතයක් පින්තූරෙට එකතු කරන එක.

මෙන්න බලන්න පින්තූර.

IC වල හරියට අයින් දිගේ ම දිග අතටයි කෙලින් අතටයි, එක එක ඈන්ගල් වලින් කෝඩ් වැදිල ද මේ තාර ගාල තියෙන්නෙ?

1sat06

මේ හරියටම රොකට් තුනක බොඩීස් දිගේ ඒ විදියටම එලයින් වෙලා “Customer ID” තුනක් ම වැදිල ද ඩිකෝඩර් එකෙන්?

1sat63

මිනිස්සු තුන් දෙනෙක්ගෙ නේම් ටැග්ස් තියන හරියෙම හරියටම චූටි කෝඩ් තුනක් එක්ක එක පින්තූරෙ කෝඩ් හතරක් වැදිලද?

 1sat13

අනික් පින්තූරත් එහෙමයි. මේක අපි කලිනුත් කිව්ව වගේ කරේ බොරු පඩ ෂෝ එකකට, තමන් මේ මහා රහසක් වහනව වගේ පෙන්නන්න.

මේ මනුස්සය නම් දාන්නෙ ගොංකිරි සයිට් එකේ මෝඩ මල්ලිල දාන ගොං ජෝක් ම තමයි!

අනික සහන් කිව්වෙත් වීඩියෝ එකක් බලාගෙන නම් මේ පොර ටෝක් මොනව ගැනද?

SilentSahan October 31, 2013 at 7:55:00 PM GMT+5:30
නිකන් ඉන්ටර්නෙට් එකේ තියෙන දේවල් සහ ආයතනයේ ඇතුලේ වෙන දේවල් වල වෙනස වත් තේරුම් ගන්න බැරි කෙනෙක් එක්ක කතා කිරීමත් වැඩක් නැහැ.. ………
එකම හැඩේට පෙට්ටිය වගේ තිබ්බට හැම සැට් එකම එක වගේ නැහැ. ඉන්ටර්නෙට් එකේ රූප හොයලා ” ආහ්හ් මෙහ්හ් තියෙන්නේ අරක “ කියලා රැවටෙන්න එපා..

ඉන්ටනෙට් එකට දාන්න බැරි රහස් ටීවී ප්‍රොග්‍රෑම් එකකට දාන බූරුවො ඉන්නවද?

සහන් මෙතන කියන්නෙ සහන් පෙන්නන චන්ද්‍රිකාව විශ්ව කියපු එක නෙවෙයි කියලා. ඇත්ත නම්, දෙකම එකම චන්ද්‍රිකාව තමයි!

සහන්, දැන දැන බොරු කිව්වේ ඇයි? දැන්වත් කියන්න!!!

කෙනී දෙමටගොඩගෙන් අහපු LED ප්‍රශ්නය

සහන් කියන්නෙ, කොච්චර ඉලෙක්ට්‍රොනික් දන්න කෙනෙක් උනත් ප්‍රැක්ටිකල් අත්දැකීම් හුවමාරු කර ගන්නවා කියලයි.

නමුත් ඒ කමෙන්ට් එකෙන් හොඳට පේනවා ඒක එහෙම අත්දැකීම් හුවමාරු කර ගැනීමක් නෙවෙයි නිකන් ම සර්කිට් එකක් ඉල්ලීමක් කියලා, එලිය මදි නම් ගෙදර අයගෙන් සපෝට් එකක් නෑ කියලා! කමෙන්ට් එක කියවලම බලන්න.

සහන් මෙතන ලොකු කතා ටිකක් කියල තියෙනව, එකක් වත් සර්කිට් පොත් වලින්, ඉන්ටර්නෙට් එකෙන් හොයා ගන්න බැරි දේවල් නෙවෙයි. ඕන්නම් ඉතින් SMPS ගැනත් දාන්න. කවුරු හරි ඉගෙන ගන්න දෙයක් දැම්මොත් අපිත් කැමතියි බොරු නොදා.

මෙන්න ප්‍රශ්න ටිකක් සහන්.

  • ටෙස්ලා වීඩියෝ එකේ කාර් එකේ පාට වෙනස් කරේ ඇයි?
  • කාර් එකේ නොම්මරේ මැකුවෙ ඇයි?
    “වීඩියෝ එකකින් ගත්ත රූපයක මනුස්සයෙක් ඉන්නවා නම් වාහනයක අංක තහඩුවක් තියෙනවා නම් වෙනත් ගැටළුවක් වෙන දෙයක් ඇතිනම් එවැනි දේවල් මකනවා.” කියන එක උත්තරයක් නෙවෙයි. කොහොමත් පබ්ලික් වීඩියෝ එකක ගියපු නොම්මර එහෙම ඔයා මකන්න ඕනෙ නෑ, ඒක නිකන් සීගිරි රූප වල පින්තූර වලට බ්‍රෙසියර් අන්දන්න යනව වගේ. ඔයා කරන්නෙ හොර කම කියන එක ඔප්පු වෙලා ඉවරයි, එහෙම මැකුවත් එක්කම පාටත් වෙනස් කරල, “මේව මගෙන් විතරයි” කියල ඔයා දුන්න පොර ටෝක්නුත් නිසා.
  • ඔයා නිකන් වීඩියෝ එකකින් පින්තූර දාපු එක නම් කරේ, ඔයා ඒ සැටලයිට් එකට සම්බන්ධ කෙනෙක්, සැටලයිට් එක්කම ජීවිතේ ගෙවන කෙනෙක් කියල (ඉහත අපි සාක්කි ඇතුව පෙන්නපු) පොර ටෝක් දුන්නෙ ඇයි?
  • Yuki Precision සමාගමේ හදන බඹරයක්, චන්ද්‍රිකාව හදපු Axelspace සමාගමේ ම හදන, චන්ද්‍රිකාවෙ ඇණයක් කියල අපූර්විට ගල් පැලෙන බොරුවක් කිව්වෙ ඇයි?
  • ලෙන්ස් හදන එකක් පෙන්නලා ලෙන්ස් ටෙස්ට් කරන්න ලිපක දාල පුච්චනව කියල බොරු කිව්වෙ ඇයි?
  • විශ්ව චන්ද්‍රිකාව ගැන කී දේ හරි. ඔබ ඒවා ඔක්කොම බොරු කියා විශ්වට අපහාස කළේ ඇයි? (විශ්ව මේ ගැන මම හිතන්නෙ වෙනම පෝස්ට් එකක් කරාවි)
  • NHK එකෙන් ගත්තු වීඩියෝ බව දැන් පිලි ගන්නව නම්, ඒ වෙලාවෙ සැටලයිට් එක මහා රහසක් වගේ පෙන්නුවෙ ඇයි?

සරළ ප්‍රශ්න සහන්. එලකිරි එකේ උනු දේවලුයි එක එක ගෑනු ඔයාට බැනපුවයි පට්ටන්දර නැතුව කෙලින් උත්තර දෙන්න පුලුවන් නම් දෙන්න. පඳුර වටේ යන්නෙ කෙලින් උත්තර දෙන්න බැරි හොරු තමයි.

ඔයාව විස්වාස කරන්නම ලේස්ති වුනු ටිකකුත් ඉන්න බව අපි දන්නව, එහෙම “කුජීත” අය ගැන අපිට තියෙන්නෙ අනුකම්පාවක්!

ගල් පැලෙන බොරු කියන්න එපා සහන්, අහු වෙනවා!!

අනික “මම ඔය ඔක්කොටම ඉස්සරහට උත්තර දෙන්නම්” ටෝක් එකට දැන් අහු වෙන්නෙ කොහොමත් ඔයාට කඩේ යන්න ඕනෙ ටික දෙනා විතරයි. ඔයා ඒක පට්ට ගහල නෙ තියෙන්නෙ.

Comments on: "සහන්, ගල් පැලෙන බොරු එපා!!" (41)

  1. කලින්ම Closure කියල දැම්මට එහෙම ප්‍රි මැචුවරි ක්ලෝස් කරන්න බැරි පාටයි නේද ප්‍රශ්නේ. සාග එක දිගටම ඇදීගෙන යයි වගේ. හඃ හඃ හඃ 😀

    ඔබගේ , සහන් ගේ සහ හෝයියෝ , කැකුණ තලන්නෝ , කඩේ යන පිරිස , බටර් ශේප්මන්ට් සේනාංක යන සියල්ලන්ගේ සාමුහික ප්‍රයත්නයක් මේක…

    • ලොකුවට ඉස්සරහට ගෙනියන්න අදහසක් නෑ පිල්ලිය. මෙච්චර කියලත් නොතේරෙන උන් ඉන්නව නම් ඉතින් අපිටත් උන් ගැන කරන්න දෙයක් නැතිවෙයි.

    • මමත් උපහාසයෙන් , පිළිකුලෙන් සහ තරමක විස්මයෙන් යුතුව මේ ප්‍රභසනය දිහා පැත්තක ඉඳන් බලන් ඉන්නවා.

      ඇත්තටම මට තියෙන්නේ කියන්න බැරි තරම් කනගාටුවක් ලාංකිකයෝ ගැන. එන්න එන්නම මිනිස්සු වශයෙන් පිරිහෙනවා මිසක්ක දියුණුවක් පේන්නවත් නැහැ. වනචාරී මිලේච්චයෝ ගාව මිට වැඩිය මහත්මා ගති ඇතැයි හිතුන වාර අනන්තයි.

      උපහාසය : වැරැද්ද පෙනී පෙනීත් වැරදි කරු වෙනුවෙන් කොන්දේසි විරහිතව (අපේ ගොනා අපිට හොඳා ) පෙනී සිටින නීච මිනිස්සු දැකීම. පත්තර මල්ලිද කවුද නේද කිව්වේ උඹ මොනවා කරත් මගේ යාලුවා .. එක හින්ද මම උඹේ පැත්තේ කියල. චිහ් විතරක් … නොදකිං!

      පිළිකුල : වැරැද්දක් පෙන්වා දුන්නම එය පිළිගන්නේ නැතුව වටේ පඳුරු තලමින් කරන විගඩමට සහ ප්‍රේක්ෂකයෝ වන අපි මෝඩයෝ කියා සිතා ගොනාට ඇන්දීමට කරන පිළිකුල් සහගත වෑයමට.

      විස්මය : ඔබ වැනි අසාදාරණයට , වංචාවට තගරි බයි පෝස් එකට යට නොවී තම අදහස ඉදිරිපත් කරන මිනිසුන් ඉතිරිව සිටීම ගැන. …

  2. ඔබේ ලිපියට සහන් ගේ පිළිතුර ඔහු වංචා කාරයෙක් බව තහවුරු කරන්නක් වීම කනගාටුවට කරුණක්. අනිත් අතට ඒකෙ පුදුමයකුත් නෑ. පුදුමයට කරුන නම් එයට වැටී තිබූ සමහර කොමෙන්ටුයි.

    මේ කොමෙන්ටුව කොටන්නේ ඔබ වැය කල කාලය සහ ශ්‍රමය අගය කිරීම සඳහායි. The only thing needed for the triumph of evil is for good men to do nothing. Also I think those who benefited from the deed should have the minimum courtesy of appreciating the good work. මං එහෙම කිව්වේ ඔබේ උත්සාහය සිංහල බ්ලොග් අවකාශයට සිදු වූ සේවයක් හැටියට සලකන නිසයි.

    ‘ජයග්‍රහණයේදී ශිෂ්ඨ සම්පන්න වීම සහ කෝන්තරය එතනින් අවසන් කිරීම’.
    මා හිතන විදියට මෙය සිංහල බ්ලොග් ලෝකයට නවමු සංසිද්දියක්. සමහරවිට ශ්‍රීලාංකික සමාජයේ හුඟ දෙනෙකුටත්.

    ඔබේ FAQ පිටුවත් බොහොම ප්‍රයෝජනවත් අදහසක්.-
    අද හුඟක් බ්ලොග් වල සෑම ලිපියකටම පස්සේ එන කොමෙන්ට් වලින් බොහොමයක් අන්තිමේදී හැරිලා යන්නේ එකම පාරකට. අදාළ නොවෙන සහ පුද්ගලික මඩ ගසා ගැනීම් වලින් වැදගත් විය හැකිව තිබූ සංවාදයක් විනාශකර දැමීමට. වන්ධ්‍යලයෙන් පෙලෙන්නෙකුට (vandal) හැර අන් යට එවැනිදේ බ්ලොග් කියවීම එපා කරවීමක්. FAQ පිටුවත් සමගම ඔබ අන් යට වඩා පියවරක් ඉදිරියෙන්ම ගමන අරඹනවා. කාගේත් කාල වෙලාව ඉතිරි කරමින්.

    ඔබේ ලිවීමේ ශෛලියත්, භාෂා විලාශයත් පරිනතයි එහෙත් සිත් ගන්න සුළුයි. මේ ලිපි කිහිපයෙන් පෙනෙන පරිදි ඔබේ දැනුමේ වපසරියත් විශාලයි. (සිංහල, ඉංග්‍රීසි, තාක්ෂනය, බුද්ධ කවි, පරණ සින්දු,current affairs ). බ්ලොග් හෝ වෙනත් මාධ්‍ය/ යක් හරහා ඔබේ දැනුම ලාංකික සමාජය වෙත මුදාහරිමින් සිටිනවා ඇතැයි බලාපොරෝතුවෙනවා.

    ඒ සියල්ලටම වඩා ඔබේ ‘තගට යට නොවීමේ ගුණයට’ ගරු කරනවා. අද සමාජයක් හැටියට අපි ‘තග බෙදා හරින අය ‘ සහ ‘තගට යට වී සිටින අය ‘ හැටියට ධ්‍රැවීකරණය වී අහවරයි. බුද්ධිමය තග එහිම දිගුවක් හැටියටම ගත හැක්කේ අපි රංචු පිටින් ගොස් කැමැත්තෙන්ම එයට යටවෙන හැටි දකින විටයි. ඔබ විසින්ම පෙන්වාදුන් විවිධ වූ හේතූන් නොතකා ඔබ එයට එරෙහිවීමට ගත් තීරනය සබවින්ම ගරු කටයුතුයි. එය සිදුකල ආකාරයත් සභ්‍ය යි.

    නැවතත්, ඔබේ මහන්සියට ස්තුතියි. අඩුම ගාණෙ මීට පස්සේ වත් අපේ අය පොඩ්ඩක් හිතලා බලයිනේ (wishful thinking …)

    • කමෙන්ටුවට බොහොම ස්තුතියි Mundeer. බලන් ඉන්න බැරි තැන ලිව්වා මිසක් සහන් නැති කරල ඒකට උඩින් පොරක් වෙන්න ලිව්ව නෙවෙයි. 🙂

      //// ‘ජයග්‍රහණයේදී ශිෂ්ඨ සම්පන්න වීම සහ කෝන්තරය එතනින් අවසන් කිරීම’. ////
      අපේ අය ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් පර්සනල් ගන්නව නේ. විශ්වටත් ඒ වැරදීම තරමක් නොවුනා නම් මේක ඔහු දිනල ඉවරයි මීට ගොඩක් කලින්. සත්‍යය වෙනුවෙන් කරපු ලොකු සටනක් වෙනුවෙන් විශ්වට නම් වැඩියම ලැබුනෙ ගල් මුල්. ඉන්දික කී දේ නම් ගොඩක් දෙනෙක් පිලිගත්තා, කලිනුත් දන්න කෙනෙක් නිසා. විශ්වටත් ඉන්දිකටත් නිසි ගෞරවය ලැබෙනව නම් ආයෙ මට මොකුත් ඕනෙ නෑ.

      අනෙක් කමෙන්ට් වලට ඉඩ ලැබෙන හැටියට උත්තර දෙන්නම්.

  3. මාකටින් පාරක් කියල හිතන්න එපා. මේ වගේ බ්ලොග් ඔස්තාර් ලා ගැනම නොවුනත්, අද සමාජයේ ඉන්න සියල්ල දත් ලා ගැන සුජීව කොකාවල ලියපු ලිපියක් මම පරිවර්තනය කලා කාලෙකට ඉස්සර.

    http://nidhahasa.wordpress.com/2013/04/15/1-13/

    //තොරතුරු යුගයේ හොඳක් වනුයේ බුද්ධිමත් කොටසකට පමණක් සීමාවුණු, ඔවුනට පමණක් උරුම වූ යැයි සැලකුණු දේ සමාජ ගත වීමයි. අද කොල්ලයි බල්ලයි සියලු දෙනාම හැම දේම ගැණම දැනුවත්ය. ඔවුහු නැපෝලියන් ගැනද , ස්ට්‍රින්ග් තියරි, ක්වේසාර හෝ පල්සාර ගැන දනිති. නමුත් ඉස්සර නම් පිළිගත්තේ දැනුවත් මත පමණි. එලෙසම ඒ යුගයේ අප කියූ අනෙක් කොල්ලන් හා බල්ලන් ගේ මත ඔවුන්ගේ ලෝක ඇතුලේ නිර්වචනය කරගත් කුණු ගොඩකට වඩා එහා යමක් වූයේ නැත.//

    //අප තවමත් එහි ප්‍රථිපල නියමාකාරයෙන් දැක නැත. තවමත් අපට පොඩි මහන්සියකින් නිවැරදි තොරතුරු සොයා ගත හැක. මන්ද තවමත් අපට හරි වැරැද්ද තෝරා ගැනීමේ හැකියාව ඇති නිසාය. නමුත් එයත් ක්‍රමක්‍රමයෙන් නැතිව යනු ඇත. විශේෂයෙන්ම තොරතුරු යුගයට පෙර සිටි සහ සාම්ප්‍රදායික මිනිසුන් නැතිවූ විට තාර්කික අතිර්කික භාවය පිළිබඳ හැඟීම නැතිව යනු ඇත. අද අප ඉදිරියේ ඇත්තේ තත්ව තුනකි. එනම් නොදැන සිටීම, දැන සිටීම සහ වැරදි දේ දැන සිටීම යන්නයි. හෙට දවසේ දී ඉහත කී අවසාන දෙක එකට එකතු වී අච්චාරුවක් බවට පත්වනු ඇත. නොදැන සිටීම යනු තව දුරටත් විස්තර කිරීමට නොහැකි දෙයක් වනු ඇත.

    මේ තොරතුරු යුගයේ අපි ළඟා වීමට අපේක්ෂා කරන හිණි පෙත්තද? තාර්කිකව සිතීම අතුරුදන්වන යුගයද මේ//

    • ලිපිය කියෙව්වා! පට්ට සිරා!

      මේ බ්ලොග් එක බලන අය ට ‘නිදහස් අදහස්’ පරිවර්තනය කළ සුජීව ගේ උඩ තියෙන ලිපියත් ඉන්ටරෙස්ටිං වේවි.

  4. මාත් සහන්ගෙ පිළිතුරු ලිපිය බැලුව. ඒත් මටත් පැහැදිලි උනේ ඔබ ප්‍රශ්න කරල තිබ්බ එක කරුණකටවත් සහන් පිළිතුරු දීල නැති බවයි. ඒක නිකං වටේ යැවීමක් විතරයි.

    තවදුරටත් ඒ දේ තේරුම් ගන්න බැරුව කොමෙන්ට් දාන පිරිසක් සිටීමත් කණගාටුවට කරුණක්.

    ඔබ ඔය පහතින් අසා ඇති ප්‍රශ්නවලට සහන්ගෙන් ‘කෙලින්’ පිළිතුරක් ලැබෙයි කියල හිතන්න අමාරුයි.

    • සමහරු ඉන්නවා P රැවටෙන්නම උපන්.

      තව සමහරුන්ට ලියල තියෙන කරුණු කියවන්නවත් වැඩක් නෑ තමන්ගෙ “යාළු” උන් “තරහ” උන් කවුද කියන එක විතරයි වැදගත්.

      හැබැයි ඉතින් කාගෙත් බුද්ධි මට්ටම පේනවා, ලොකු ටෝක් දුන්නට. ඒකත් ඇති නෙ.

  5. විශ්ව රංගනාත් said:

    සහන් නම් අහපු දේට පිළිතුරු නොදී. කෝ මුන් මට කෙලියාද යන අදහස සතිතව ඔහු තර්ක බින්දා කියා දාපු පොස්ට් එකේ. නිකම් හිස් ලිපියක් විතරයි. මම ඒගැන කියා කල කමන්ට් එක සහ එයට සහන් දීපු පිළිතුරු බලන්න.
    තම පොස්ට් එකම අතහැරලා පිළිතුරු වලට. කම්මැලිකමට බොහෝ අය කියවන්නේ නැහැ නේ. එහෙම අයට පෙන්නේ සහන් පිළිතුරු දීපු බව පමණයි. අපේ ඕඩියන්ස් එකේ සම හරක් හිතනවා සහන් නියමෙට පිළිතුරු දීලා කියලා. ඔය සහන්දීපු පිළිතුරු නැති පිළිතුරු පොස්ට් එකෙන් සහන්ගේ ඕඩියන්ස් සම හරක් අයත් දැන් නිරුවතින් තමයි ඉන්නේ.මහා ලොකු පොරවල් ඉන්නවා නමුත් විමර්ශනශීලීත්වය නම් ශුන්‍යයි.

    තැන තැන කමෙන්ට් වලින් දාන වට වඩා හොඳ නිසා ලිපි කිහිපයක් ලියනවා ඔය ඔක්කොම දාලා.

    • විශ්ව රංගනාත් said:

      සහන්ගේ බ්ලොග් එකේ කියා කල කමන්ට් එක සහ එයට සහන් දීපු පිළිතුරු බලන්න. මේ ලින්ක් එකෙන් යන්න
      http://obeth-mageth-addakeem.blogspot.com/2014/01/truth-and-the-myth.html?showComment=1389627019442#c3753943560020189527

    • //// තම පොස්ට් එකම අතහැරලා පිළිතුරු වලට. කම්මැලිකමට බොහෝ අය කියවන්නේ නැහැ නේ. එහෙම අයට පෙන්නේ සහන් පිළිතුරු දීපු බව පමණයි. අපේ ඕඩියන්ස් එකේ සම හරක් හිතනවා සහන් නියමෙට පිළිතුරු දීලා කියලා. ////

      ඉතින් විශ්ව සහන් ඔය උත්තර දුන්නා වගේ වැල් බයිල කියන වැඩේ අද ඊයෙ කරපු එකක් ද? එතන ඉන්න ඕඩියන්ස් එකට ඔහොම ඇනලිටිකල් ප්‍රශ්න දිරවන්නෙ නැති එක අද ඊයෙ දෙයක් ද?

      මේ බව දැන දැන ම ගිහින් ඉල්ලං කන්නෙ ඇයි? මට හොඳටම ෂුවර් ඕක කියවපු එකෙක් වත් මහන්සි වුනේ නෑ ඔබේ දිග ප්‍රශ්න වත් සහන් ගෙ දිග උත්තර වත් කියවලා, පොයින්ට් බයි පොයින්ට් ඇනලයිස් කරන්න.

      සහන් ඕක දන්නවා, සහන් හැමදාම කරන්නෙ එකම දේ. ඔබත් හැම දාම ඕක හෝද හෝද මඩේ දානවා. අන්තිමට කමෙන්ට් එකක වරදක් අල්ලගෙන සහන් පොදු මතයක් ගෙනියනවා විශ්ව පිස්සෙක් කියලා.

      විශ්ව ගේම් එක දැනගන්නෙ නැතුව පිට්ටනියට බහින්න එපා. ඔබට ඔබේ හඬ හරියට ඇහෙන්න ඕන නම් වෙනම පෝස්ට් එකක් ලියන්න, කරුණු සහිතව, *පැහැදිලිව*. ඒ ලියන කොට පුද්ගලික තරහවල් පැත්තකින් තියලා අර ඉන්දික ලියපු ලිපි වලින් ආදර්ශයක් අරන් ලියන්න. දිග කතා ලියන්න එපා, සහන් දිගට ලියන්නෙ කරුණු වශයෙන් සහන් ට කියන්න දෙයක් නැති නිසා මිනිස්සු වටේ යවන්න.

      සහන් ගෙ ක්ලබ් එකේ සහන් රිග් කරපු ටේබල් වල සෙල්ලම් කරල නම් දිනන්න හම්බ වෙයි කියල හිතන්න එපා. එහෙම බැරි වෙනකොට ඇවිත් “සහන් ටේබල් රිග් කරන නිසා එතන සෙල්ලම් කරන්න බෑ” කියල කම්ප්ලේන් කරල වැඩක් නෑ. දන්නව නම් ඇයි දිගටම එතෙන්ටම යන්නෙ. ඔයා කියන දේවල් මෙච්චර කල් නොතේරුනු උන්ට ඔහොම යන කොට තේරෙයි කියල හිතනවද?

      විශ්ව, වික්‍රමබාහු කරුණාරත්න ලංකාවෙ සමාජවාදෙ හදන්න යන ක්‍රමේට ෆයිට් කරන්න එපා. කොච්චර හොඳ අදහස් තිබුනත් වැඩක් නෑ විහිළුවක් වෙලයි නවතින්නෙ.

      • විශ්ව රංගනාත් said:

        මම මේ දැන් ඔබගේ උපදෙස ක්‍රියාත්මක කිරීම ඉවර කළා. මම දැන් ඒක ප්‍රචාරය කරන්න යවලා තියෙන්නේ. අලුතෙන් තවත් බ්ලොග් එකක් ඇරලා සහන්ට විවේචනය කරන්න ගියොත් ඌ එකත් නම්බුවක් කරගන්නවා.

      • විශ්ව, සහන් ගාව ඔබ කරන විදියට කමෙන්ට් කරන එකෙන් වෙන්නෙ සහන් ට නැති legitimacy එකක් එන එක. බලන උන්ට පේන්නෙ විශ්ව එනවා, තර්ක කරනවා, සහන් ඒවට උත්තර දෙනවා, විශ්ව ආයෙ උත්තර දෙනවා, සහන් කියනව “විශ්ව ඔයා අතන මෙහෙම කිව්වා දැන් මෙහෙම කියනවා, මොනවද මේ විකාර” වගෙ දේවල්, අන්තිමට කියනවා “විශ්ව දැන් කී පාරක් උත්තර දුන්නද එකම මෝඩ කතාව ආයෙ කියන්න එපා” කියල.

        මිනිස්සු ගොඩක් තර්ක ඇනලයිස් කරන්නෙ නෑ ස්ක්‍රීන්ෆුල් දෙකක් විතර දිග කමෙන්ට්. ඔය උඩ පැනල ගහන ෂොට්ස් විතරයි බලන්නෙ. ඉතින් අන්තිමට එතන හරි වැරැද්ද තීරණේ වෙන්නෙ කවුද වැඩියෙන් ටෝක් දුන්නෙ කියන එක උඩ මිසක් කාගෙ තර්කද හරි කියන එක උඩ නෙවෙයි. මිනිස්සු හිතන්නෙ “ඒක නෙ මේ සහන් දැන් කී පාරක් කිව්වද විශ්වට එකම එක කියන්න එපා කියල” විතරයි.

        සහන් එක්ක තර්ක කරනව නම් තිසර කරන දේ බලල ඉගෙන ගන්න. කියන්න තියන දේ ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් කිව්ව, සහන්ට විකෘති කරන්න/වටේ යවන්න තරම් දිග කතාවක් නෙවෙයි, බලන ඕනෙ එකෙක්ට එක බැල්මෙන් තේරෙනව කියල තියෙන එක. ඊට පස්සෙ ආයෙ කතා කර කර ඉන්නෙ නෑ සහන් හුරතල් කරන්න.

      • විශ්ව ඒක පළවූ විටෙක මෙතනත් ලින්ක් එකක් දාන්න. මට ෆේස්බූක්, සින්ඩි වල යන දේවල් පේන්නේ නෑ, එහෙම තවත් අය ඇති.

      • “”සහන් ගෙ ක්ලබ් එකේ සහන් රිග් කරපු ටේබල් වල සෙල්ලම් කරල නම් දිනන්න හම්බ වෙයි කියල හිතන්න එපා. එහෙම බැරි වෙනකොට ඇවිත් “සහන් ටේබල් රිග් කරන නිසා එතන සෙල්ලම් කරන්න බෑ” කියල කම්ප්ලේන් කරල වැඩක් නෑ. දන්නව නම් ඇයි දිගටම එතෙන්ටම යන්නෙ. ඔයා කියන දේවල් මෙච්චර කල් නොතේරුනු උන්ට ඔහොම යන කොට තේරෙයි කියල හිතනවද?

        විශ්ව, වික්‍රමබාහු කරුණාරත්න ලංකාවෙ සමාජවාදෙ හදන්න යන ක්‍රමේට ෆයිට් කරන්න එපා. කොච්චර හොඳ අදහස් තිබුනත් වැඩක් නෑ විහිළුවක් වෙලයි නවතින්නෙ.””

        Excellent advice machan. You should continue blogging. 🙂

  6. මේ දේවල් ඕනේ හැටියකට කරන්න මචන්.. මම එදාම කිව්වේ හොඳ වැදගත් පෝස්ට් දෙක තුනකුත් දාන්න …. එතකොට කාටවත් කියන්න බැහැනේ මේක මඩ බ්ලොග් එකක් කියලා.. 😀 මගේ අම්මට දුවට තිරිසන් කතා කියපු අයනේ බන්.. තව මොනවද ..එහෙම අයට මොනවා කරන්න බැරිද .. ඔහොම යමුකෝ.. ඔය මල්ලිලාම හති වැටිලා නවත්තයි … 😀

    • ලජ්ජාවක් කියල එකක් ගෑවිලා වත් නැද්ද යකෝ ? උඹේ කූට , කයිරාටික වැඩ එලිකරල පාර මැදම නිරුවත් කරාම ආයි ආයිත් ඇවිල්ල විකාර කියවල යන්න.

      උඹේ බ්ලොගේට ආයි හරක් ඇරෙන්න වෙන කවුරුවත් එන්නේ නැහැ. උඹ බ්ලොග් පාරාජිකා වෙච්ච එකෙක්. අභිය වගේ ගොඩ දාගන්න ට්‍රයි එකක් දැම්මට වැඩක් නැහැ. හැමෝට පීචන් වෙච්ච උඹේ ප්‍රතිරුපේ ආයි ගොඩ ගන්නම බැරි විදියට අසුචි වලේ ගිලිලා. දැන් වත් ඉතිං පොර ටෝක නවත්වල මනුස්සයෙක් වෙන්න බලපං.

      සිංහල බ්ලොග් ඉතිහාසයේ කුණු බක්කියට උඹ වැටී අවසානයි !

    • මේව කොහොමත් වැදගත් පෝස්ට් තමයි සහන්.

      වැදගත් නැත්නම් අර ඔයාගෙ බාසාවෙන් නෙ ලියන්නෙ මේ වගේ:

      “මුන්ට අම්මලා අප්පලා සහෝදර සහෝදරියෝ නැතිව ජාතක උනු අය බන්.. කතා කරන්න දෙයක් නැහැ.. දැක්කනේ අවජාතක කම පෙන්නු අයුරු බ්ලොග් අවකාශය පුරාම…”

      ඔබ එක්ක කිසිම තරහක් නෑ. මිනිස්සුන්ට ඉගෙන ගන්න පුලුවන් දෙයක්, බොරු ලියන්නෙ නැතිව ලියන්න. ඔබට බොරු ලියන්නත්, කෙනෙක් වරද පෙන්වූ විට පිලි නොගෙන පෙන්නපු එකාට මඩ ගහන්නත් වෙන්නෙ ඔබේ අධික පොරත්වය නඩත්තු කරන්න ඕන නිසා. ඒක අපි දැන් බොහොම සාමකාමීව පෙන්නල ඉවරයි.

      ඔබට පොඩි හරි ගෞරවයක් ඕනෙ නම් ඔය උඩින් තියෙන ප්‍රශ්න වලට වටේ නොයා, කතන්දර නොකිය උත්තර දෙන්න. නැත්නම් අවංකව වරද පිලිගන්න, මේ වගෙ ගොන් පාට් නැතුව:

      “අතනද මකන්නේ මෙතනද මකන්නේ කියන දේ තීරණය කරන්නේ මම මිසක් කාගෙන් වත් අවසර අරන් නෙවේ.”

      ආපහු කියන්නෙ, පුද්ගලිකව ගන්න එපා. ඔබව දන්නෙවත් නැති මට ඔබ එක්ක මොන පුද්ගලික තරහක් ද? මම ඔබේ හොඳ කියපු තැන්, ඔබේ පැත්තට කතා කරපුව දැකල නැද්ද? නැත්නම් FAQ එක බලන්න.

      අර Godfather ෆිල්ම් එකේ මයිකල් කොර්ලියෝනි කියනව වගේ,

      “It’s not personal, Sonny. It’s strictly business.”

      • මෙහෙමයි මෙතන අරමුණ මොකක්ද කියන දේ ඔයාත් දන්නවා මාත් දන්නවා… ඒ නිසා මේවා කොහොම කරත් ඉවරයක් නොවෙන දේවල්… තව කාලයක් යනකම් මට ඇනෝ වැටෙයි… පෝස්ට් වැටෙයි..

        \\\\\මම ඔබේ හොඳ කියපු තැන්, ඔබේ පැත්තට කතා කරපුව දැකල නැද්ද? \\\\

        මම දැකලා තියෙනවා … ඒ වගේම හේතුවත් අපි දෙන්නම දන්නවනේ… ඔබ කිසිම දිනක කියල නැහැ අසභ්‍ය වචනයෙන් මට බනින විට එයට විරුද්ධ වෙන්න කියලා( සහන් එසේ කතා කළ නිසා නේද එහෙම උනේ කියන්න එපා..මේකේ මුලම මුළ ඔබ දන්නවනේ… ) … ඇනෝ කමෙන්ටු මගින් කළ දේවල් ඔබ දැක්කනේ… ආයේ මම ලින්ක් දාන්න ඕනේ නැහැනේ …. ඒ නිසා ඔබ දිගටම ඔබේ ගමන යන්න…

        දැන් ආයේ මෙතන යටිනුත් මට බැනලා ඇනෝ ටිකක් දාන්න / ඉඩ දෙන්න… ඒ කිසිම දෙයක් ගැන මට ගැටළුවක් නැහැ… අගවිනිසුරු ධූරයට මහ දවල් ගල් ගහපු ලංකාවක් මේක… ( දැන් ආයෙම කියන්න වටේ යනවා කියලා.. වටේ නෙවේ යන්නේ .. මේක තමයි මෙතන වෙන්නේ.. කිසිම ගැටළුවක් නැහැ .. )

      • \\\\ඔබ කිසිම දිනක කියල නැහැ අසභ්‍ය වචනයෙන් මට බනින විට එයට විරුද්ධ වෙන්න කියලා\\\\

        ඉන්දිකට මම මූනට කිව්ව ඉන්දික ගෙ බ්ලොග් එකේ ඔයාට කතා කරපු හැටි වැරදියි කියලා.

        අසභ්‍ය වචන නොකියත් විශ්වට කිව්ව නිකන් “බෙහෙත් ගන්න ගිහින් ඇති” වගෙ අනවශ්‍ය කතා කියන්න එපා කියල. මේ උඩ කමෙන්ට් එකකත් කියල තියෙනව විශ්ව ප්‍රශ්නෙ පුද්ගලිකව ගන්න ගිය එක වැරදි කියලා.

        ඔබට ඒව නොපෙනුනේ ඔබේ අධික පොරත්වය නිසා, තමන් විතරයි හරි කියල හිතන් හිටපු නිසා.

        \\\\\ දැන් ආයේ මෙතන යටිනුත් මට බැනලා ඇනෝ ටිකක් දාන්න / ඉඩ දෙන්න… \\\\\

        ඔයාගෙ බ්ලොග් එකේ ඔයාගෙ විරුද්දවාදීන්ට ඇනෝ හෝ ප්‍රොෆයිල් වලින් කියන්න දීල තියන තරම් ජරා කතා මේ බ්ලොග් එකේ නැහැ නෙ සහන් ඔයාට කියල. ඒ ඔයා කමෙන්ට් මොඩරේෂනුත් දාල තියෙද්දි නේ.

        \\\\ අගවිනිසුරු ධූරයට මහ දවල් ගල් ගහපු ලංකාවක් මේක \\\\

        ඔයා අග විනිසුරු වගේ චරිතයක් නෙවෙයි සහන් කරේ, ගාල්තැන්නෙ කපුවා, රුවන්වැල්ලේ සෝභිත වගේ චරිතයක්. ගාල්තැන්නෙ කපුව කිව්වොත් “මට බනින එක මොකක්ද අග විනිසුරුටත් හූ කියපු කොට” කියල, ඒක විහිළුවක් නේ?

      • විශ්ව රංගනාත් said:

        ///දැන් ආයේ මෙතන යටිනුත් මට බැනලා ඇනෝ ටිකක් දාන්න / ඉඩ දෙන්න… ඒ කිසිම දෙයක් ගැන මට ගැටළුවක් නැහැ/
        @සහන් ඔබගේ බ්ලොග් එකේ කමෙන්ට් මොඩරේට් කරලත් මට, ඉන්දිකට සහ මෙම ලිපිය ලියන ඇනොට, ඔබ සහ ඇනෝලා ඇවිත් කරන අපහාස සාධාරණද? කෙනෙකුට අපහාස කරන ඇනෝ කමෙන්ට් පලකරන්නා ද එම කමෙන්ට් දමන්නගේම මානසික මට්ටමෙන් සිටින බව බුද්ධියක් සහිත ඕනෑම කෙනෙක් දනී.

  7. සහන් ඔයාට පුලුවන්ද Tesla S එකේ mazda3 HUD එක තියෙන්නේ කොහොමද කියලා මොන්ටිසෝරි මට්ටමෙන් කියලා දෙන්න. ඒක Tesla එකේ පවුගලිකත්වයට හානි වෙයි කියලා ඔයා මැකුවද. එහෙම නැත්නම් scrambling code වල අවුලක්ද? එහෙමත් නැත්නම් channel එක මාරු වෙලාද දන්නෙම නැතුව.
    උත්තර “ඊලග” පොස්ට් එකෙන් තැපෑලේ එව්වත් කමක් නෑ

  8. Sahan is just insulting his reader’s intelligence. At least that Vidura fellow had the decency to accept his mistakes

    මගේ බ්ලොග් එකේ සහන්ගේ කමෙන්ට් ඔක්කොම ස්පෑම් කරා. උගේ කමෙන්ට් ඔනේ නෑ මට. ඌට බ්‍රහ්ම දණ්ඩනය දාලා තියෙන්නේ

  9. සැර් උගේ හොර වැඩ මෙච්චර එක්ස්පෝස් වෙලා තියෙද්දිත්, මූට අපේ බජාර් එකේ උන්ට තරංවත් ලැජ්ජ නැති එකනේ වැඩේ .

    • අනේද කියන්නෙ ගුනේ, ලක්ෂ්මන් හුළුගල්ලත් පොර සේ පත්තර ඉන්ටර්වීව් දෙන රටක් නෙ මේක!

  10. Indika Upashantha said:

    සක්විතිල යනකොට පැනොරාමල එන්න, කෝටි ගනන් ණය වෙද්දිත් පෙරමුණ 2/3 ගන්න වගේම කුඩ්ඩො පාර්ලිමේතු යන්නත්, කුළය සහ ගමේ කම ක්‍රියාව සහ පැවැත්මට වඩා වටින බව පෙන්වන්නත්, කොටින්ම සමස්ථ රටේ පරිහානියට හේතුවෙන නිද්‍රාශීලී ටිපිකල් සිංහල දැක්ම, ක්‍රමය පිළිබිඹු වෙන අපූරු කමෙන්ට් කිහිපයක් තියෙනව සහන්ගෙ අර ශ්‍රේශ්ඨ පිළිතුරක් විතරක් නැති පිළිතුරු ලිපියෙ!

    1.අපිට වැදගත් උඹ අපිට ඉදිරිපත් කරන දේ.
    කොපි කලාද අනම් මනම් රෙද්දවල් අපිට වැඩක් නැහැ

    2.මම මේ ගැටුම් වැඩිය කියවන්නෙ නෑ…ඒ නිසා හරි වැරදි කවුද කියන්න දන්නෑ….නමුත් ඔයා හොඳ කෙනෙක් කියලා දන්නවා…එච්චරයිනේ අපට ඕනේ.

    ඉතින් විනිවිද ඔබම කිව්ව වගේ “බොරුවට නිදන් ඉන්න අයව කොහෙ නැගිට්ටුවඳ”!

    මොකද බහුතරයකගෙ අදහස “අපේ ගොනා අපිට හොඳා” කියන එකනෙ.

    • විශ්ව රංගනාත් said:

      ඇයි බලන්න අර අංකල් කියපු කතාව.

      • ඔය අන්කල්ට නම් අර සහන් ගේ කසිප්පු පෙරන මුල සිට සරල tutorial ඒක වැදගත් වෙයි.
        අංකල් කාරයා ට මේක තේරුම් ගන්න පුළුවන් නම් ඉතින් රිලවුන්ට සාපේක්ෂතාවාදය ත් තේරුම් ගන්න පුළුවන් වෙයි.
        අංකල් කාරය පෙන්නන්නේ වෙන මුකුත් නෙමෙයි, ගතින් ජපන් වුනත් සිතින් තාම අමුම අමු ශ්‍රී ලංකන් කියලා.

    • මම මෙතන දකින්නේ වෙනස් දෙයක්. කෙන්ජි අන්කල් බ්‍රමණය වෙන මනසින් හරි නැතා හරි තමන්ගේ අදහස අමුවෙන්ම එතන ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කෙලින් කතාවට මම නං කැමතියි. මොකද එතකොට පුද්ගලයන් සහ ඔවුන්ගේ සිතුම් පැතුම් හඳුරගන්න ලේසියි. කොලේ වහල ගැහිල්ලක් නැහැ.

      නමුත් සිංහල බොග ලෝකේ බහුතරයක් දරන අදහස මෙන්න මෙහෙම දක්වල තියෙනවා අයෙක් :
      අනික මම මොකටද මේවට කතා කරලා මගේ දැන් හැදීගෙන එන හිට්ස් වලට කෙලව ගන්නේ. බහුතරයක් ඉන්න විදියට මමත් කට පියාගෙන ඉන්නවා. මට හිට්ස් නැත්තං මම කොහොමද ආතල් එක ගන්නේ.
      මහ කළු සිංහලයා – January 14, 2014 at 1:34:00

      යම්කිසි සමාජ බලයක් තියෙන කෙනෙක් ගේ නරක වැඩක් ගැන වෙන කෙනෙක් කෑ ගහල අසාදාරනය , අ යුක්තිය හෝ හොර වැඩේ එලි කරලා සමාජ විශුද්ධ කරණය කරනකොට මේ පිරිස පැත්තක් අල්ලං බලන් ඉන්නවා. අපි මොකටද ඕවට ගිහිල්ල නිකං පාඩු සිද්ධ කර ගන්නේ යන අදහසින්.

      බලවතා දිනුවොත් හෝයි ගාල ඔක්කොම දුවල ගිහිල්ල ඒ මිනිහ වටේ රොක් වෙනවා. (රස්සා , ළමයි ඉස්කෝලෙට දා ගැනීම etc , etc ) සමාජ විශුධිකය ජයග්‍රහණය කලොත් ඒ තැනැත්තාගේ පරිශ්‍රමයෙන් ගොඩ නගපු free and safe society එකේ ප්‍රතිලාභ උඩ පැන පැන භුක්ති විඳිනවා.

      බලවතා ලබා ඇති සමාජ බලයේ ප්‍රමාණය මත මේ අත් බැඳගෙන දිනන පැත්තට පැනීමට බලං නිශ්ක්‍රියව සිටින අවස්තාවදින්ගේ ප්‍රමාණය තීරණය වේ. බහුතරයක් වන මේ කට්ටිය තමයි අමුම අමු නීච ශ්‍රී ලංකන් ගතිය නිරුපනය කරන්නේ. කෙන්ජි අන්කල් ගේ හෙළුව සියල්ලන් දකියි. ඔහු ඒ ගැන විවුර්තව කෙලින් සිටි. (ඒ ගැන ඔහුට මගේ උපහාරය ) නමුත් මේ අවස්තාවදින්ගේ හෙළුව එහෙම ලේසියෙන් පෙනෙන හෙළුවක් නොවේ.

      • මචන් ඉන්දික මම විශ්වට දිග උත්තරයක් ලියන අතරෙයි පිල්ලිය මේක දාල තියෙන්නෙ, හරියටම වගේ මම කියන්න ගිය දේ!

        කෙන්ජි ගැන මටත් අවුලක් නෑ, කෙන්ජි ඔයිට වෙනස් දෙයක් කිව්ව නම් තමයි මටත් හිතන්න වෙන්නෙ යකෝ අද කෙන්ජිට මොනව වෙලාද කියල. කෙන්ජි සමහර විට සහන් හිස් ආටිකල් එකක් දැම්මත් ඔය උත්තරේ දෙන්න දත මැදන් ඉන්න ඇත්තෙ. වෙන මොනව කියන්න ද එයා?

        පත්තර මල්ලි වෙනම කතාවක්, මොනව නැතත් යාළුවෙක්ට තියන ලෝයල්ටි එක ට මමත් සලකනව, කෙන්ජි වගේ බොරු චන්ඩි කමකට නෙවෙයි නිසා පත්තරය සෙට් වෙන්නෙ. පත්තරය තවම මෝරල නැතුව ඇති තේරුම් ගන්න ලෝයල්ටි කියන්නෙ එකක් යාලුවෙක් ට හරි වැරැද්ද කියල නොදෙන එක වෙනම දෙයක් කියන එක.

        අර සාමකාමී උත්තරේට නම් මට මැරෙන්න හිනා, “අනේ මම දන්නෑ කවුද හරි කියල ඒ උනාට ඔයා හරි චෝයි කියල නම් දන්නව” එහෙනම් ඉතින් අපි වෙන්න ඇති නරක :D:D:D

        උඹට පෙනුනෙ නැද්ද ඉන්දික බ්ලොග් අවකාශය නිකන් මාර සයිලන්ට් කියල මේ දවස් ටිකේ. 😛 😛

      • Indika Upashantha said:

        ඔන්න මචං බිත්තර කට්ටක් හොයා ගන්න වෙයි වගේ!

        දැක්කද මේක?

        //SilentSahanJanuary 18, 2014 at 5:49:00 PM GMT+5:30

        නිවාඩු දවස් කීපයක් ආව නිසා දැන් තමයි අවේ… පොඩ්ඩක් ඉන්න රිප්ලයි කරනකම් එක්කෙනාට එකින් එක…//

        (පුලුවන්කමක් තියෙනං මේලක් දාහන් කමෙන්ට් එහෙකින් කියන්න බැරි විස්තර ටිකක් කියන්න තියෙනව.)

      • අම්මට හුඩු නයා 😀 😀 😀

        යන්තම් ඇති නැත්නම් මේකෙ ජෝකර් ලා නැතුවම යනව.

        මචන් ඉන්දික උඹට මේලක් දැම්මා. උඹට කන්ෆර්ම් කර ගන්න ඕන නම්, මේල් එකේ උඩ තියන පුංචි මෙනු එකෙන් ‘Show original’ කියන එක ගත්තම, Messege-ID එක ඇත්තෙ CAGiC0U8aruPXjce+ වලින් පටන් ගන්න එකක්.

  11. Indika Upashantha said:

    මෙන්න සහන් කියන ඊමේල් කවිකාරිගෙ බැනුම නැමති බොරුවෙ රට ව ටලන සහන්ගෙම බයිල අංක 1.

    ( තව තීනව. ඉතුරු ටිකත් දාන්න පුලුවන් වෙලාව ආවම )

    5.
    silentsahanFri Nov 30, 06:41:00 AM 2012
    @ hiru

    අපිටත් බුදු හාමුදුරුවෝ නොහිටින්න ඔය වගේම ගෑනු
    අයව පාගෙගෙන ඉන්න පරිසරයක් තමා හැදෙන්නේ ..
    අරාබියේ ඉතින් පිරිමි ( ඉස්සර රජ කාලේ ) තමයි කාන්තාර
    වල දුක් විඳගෙන වැඩ කරලා තියෙන්නේ . ( මෙහෙ වගේ
    මහත්තයා කුබුරු කරලා එනකම් නෝනට වත්තේ වැඩක් පලක්
    කරන්න කියලැයි කාන්තාර වල..ඉතින් නෝනලා ගෙවල් වලමයි .
    ඔහොම පටන් ගත්ත එක තමා මේ මහා විනාසේකට ගිහින් තියෙන්නේ .
    දීකිරි වලට බළල්ලු සාක්කි දීල..දීකිරි වලට කොහේ කතා කරන්නද , පන
    නැති අජීවී වස්තුවක්ලුනේ.

    ඔයාම දැක්කනේ අපේ බළල්ලු සාක්කි දීපු හැටි දීකිරි වල ගුණාත්මක
    භාවය රැක ගැනීම ගැන. ශීත කරණයේ තැබීම , පැකට් කර බෙදා හැරීම ,
    කල් කිරි ලෙස තබා ගැනීම, නව රසවත් ක්‍රමයන්ට අනුව සැකසීම වගේ..

    මේ පාරත් දීකිරි අජීවී වස්තුවක්..ඒත් මම දන්නවා කවද හරි කතා කරාවි..
    අඩුම තරමේ පිළිණු ගඳ හරි ගහයිනේ..ඒත් මට දුක එදාටත් දීකිරි වලටම
    දොස් කියයි ” දීකිරි දැනගන්න ඕනේ පිළුණු නොවී ඉන්න ” කියල…

    කතාව වෙන පැත්තකට ගියේ..ඒත් ඒක කිව්වේ මම හැමදාම අහිංසක
    කතා කරගන්න බැරි දීකිරි පැත්තේ ඉන්න නිසයි…
    Reply

    Replies
    1.
    ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.Fri Nov 30, 06:46:00 AM 2012
    තේරුනා නේද හිරූ?

    2.
    හිරුFri Nov 30, 06:57:00 AM 2012
    ///අපිටත් බුදු හාමුදුරුවෝ නොහිටින්න ඔය වගේම ගෑනු
    අයව පාගෙගෙන ඉන්න පරිසරයක් තමා හැදෙන්නේ ..
    අරාබියේ ඉතින් පිරිමි ( ඉස්සර රජ කාලේ ) තමයි කාන්තාර
    වල දුක් විඳගෙන වැඩ කරලා තියෙන්නේ . ( මෙහෙ වගේ
    මහත්තයා කුබුරු කරලා එනකම් නෝනට වත්තේ වැඩක් පලක්
    කරන්න කියලැයි කාන්තාර වල..ඉතින් නෝනලා ගෙවල් වලමයි .
    ඔහොම පටන් ගත්ත එක තමා මේ මහා විනාසේකට ගිහින් තියෙන්නේ .//

    ඔයා කියන එක තේරුනා… ඒක ඇත්ත…

    මේ දීකිරි කතාවනේ තේරුනේ නැත්තේ..
    කවුද දීකිරි කවුද බළලා… හ්ම්ම්…..

    3.
    Naleen DilrukshaFri Nov 30, 11:47:00 AM 2012
    මෙයා මේ කිසිම දෙයක් කියාගන්න බැරි තොත්ත බබෙක් වගේනේ ලියන්නේ.

    4.
    ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.Fri Nov 30, 10:21:00 PM 2012
    @silentsahan කෙලිං කියනවකො මල හත්තිලව්වේ මේ මම වගේ !!!මගෙ සරල සුගම බ්ලොගේට ඇවිත් නොතේරෙන තේරවිලි කියන්නෙ නැතිව. කොහේ ඉඳල ආවත් පලමුවතාවටනෙ ආවෙ. welcome to my blog and I humbly request you to be clear about your comments, enlighten us.
    Reply

    මෙව්වගෙ ස්ක්‍රීන් ෂොට් මම ලඟ තියෙනව. ඒ නිසා බොරු කියන්න එන්න එපා ළමායි!

  12. සහන් එක්ක විවාද කරනවට වඩා හොඳයි හම්බන්තොට වරායට එන නැව් ගනින ඒක.

  13. අපේ සමාජයේ ඉන්න ගොඩක් අය පොර ටෝක් දෙන්නෙ, එයාල කට්ට කාල ඉගෙන ගත්ත, මිනිස්සු එක්ක ගැටුන, සමාජ පන්නරය ලබපු අය කියල නෙ. කතාව ඇත්ත තමයි. ඒ අය කරන්නෙ බරපතල රස්සාවල්, හොදට ඉගෙන ගෙන තියෙනව. ඒ උනාට දෙයියනේ පුදුම විදිහට ඇද ගන්න හපන්නු.

    ඉතින් අපිට ඈත ගූ ගොඩක් දැක්කම සුවදෙන් කියන්න පුලුවන්නෙ “ඔන්න ගූ ගොඩක්” කියලා. මෙයාලට මේක කිව්වම , ගූ ගොඩ ලගට ගිහින් ඉබල බලල, පොඩ්ඩක් ලෙව කාල බලල කියනව “පිස්සුද අනේ, මේ ගූ වෙන්නෙ කොහොමද කියලා” .

    ඉතින් එයාලට ගූ රහ නම් බැදලා හරි ඩෙවල් කරල හරි කෑවට අපි නටන්නෙ මොකටද? ගූ කන එක බලාගෙන ඉන්න මිනිස්සුන්ට අප්පිරිය වුනාට , ලන්කාවේ නීතියට අනුව් ගූ කෑවයි කියල හිරේ යවන්නෙ නෑ නෙ නේද????

  14. මූ මෙහෙම ලොරි ටෝක් දුන්නට මුගේ බ්ලොග් එකේ තියන ක්‍රියෙටිව් කොමන්ස් ලයිසන් එකේ කොන්දේසි වත් හරියට දන්න එකෙක් නෙමේ. මූ දාල තියෙන්නෙ:

    “එදිනෙදා ජීවිතය | Trance by “එදිනෙදා ජීවිතය | Trance is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License. Do Not Copy.

    ඒත් ඔය ලයිසන් එකේ තියෙන්නෙ

    You are free to:

    Share — copy and redistribute the material in any medium or format
    The licensor cannot revoke these freedoms as long as you follow the license terms.

  15. Annonymous said:

    Enough.. dont you ever get bored of this fighting.. Stop bullying him.. He z totally screwed and he knows it.. what else you want..

    • I just exposed his lies. If he knew he was totally screwed, he wouldn’t have written that article claiming how he was all innocent. You can see how many people get conned easily even by the comments in that post. Even those who have science degrees!

      So I thought it’s worthwhile to show how flimsy his excuses are.

      I did this blog because it was necessary, not because I love fighting.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Tag Cloud

%d bloggers like this: