FAQ නිතර අහන ප්‍රශ්න

බැනල මෙතන හෝ වෙන සයිට් වල කමෙන්ට් දාන්න කලින් මේ ටික කියවල ඉන්න.

1. තරහක් නැත්නම් මොකටද මෙහෙම ලිපියක් ලියන්නෙ?

ප්‍රධාන වශයෙන් ම මහ දවල් බොරු කිය කියා මිනිස්සු රවට්ටන එක ටිකක් ඩේන්ජරස් ගේමක් නිසා. මේ පොයින්ට් එක උඩ විස්තර කර ඇත.

2. උඹට වෙන වැඩ නැද්ද බූරුවෝ/හරකෝ/පොන්නයෝ?

තියනව. ඒත් බල්ලෙක් බුර බුරා පස්සෙන්ම එනව නම්, යන ගමන පොඩ්ඩකට අමතක කරල ඌට පාඩමක් උගන්නන්න වෙනව.

3. සහන් එක්ක උඹට මොකක්ද තියෙන ප්‍රශ්නෙ?

පුද්ගලිකව කිසිම ප්‍රශ්නයක් නෑ. මේක දිග, බෝරිං කතාවක්, ඔයා ල දැන ගන්නම ඕන ම කියල හිතන අය නම් විතරක් දිගටම කියවන්න. නැත්නම් අංක 4 ට යන්න. අකමැත්තෙන් උනත් මේක ලියන්නෙ සහන් ගෙ misinformation campaign නිසා, අහිංසක සහන් ට නිකන් කරදර කරන ඇනෝ ගැන. කියවන්නෙ නැතුව ගියා නම් පස්සෙ ඇවිත් මට නිස්කාරනේ බනින්නත් එපා!

සහන් මාත් එක්ක මුලින් ම ඇර ගන්න ආවෙ එක වතාවක් වෙන බ්ලොග් කරුවෙක්ට සිදුවූ අසාධාරණයක් වෙනුවෙන් කතා කරන්න ගිහින්.

එතැන් සිට කියවන්න ඉවසීමක් තිබෙන ඕනෙ කෙනෙකුට පෙනේවි සහන් ට කරුණු වශයෙන් දක්වන ප්‍රශ්න වලට ලැබෙන උත්තර එක්කෝ අදාල නැති විකාර, නැත්නම් පුද්ගලික මඩ, ඒත් නැත්නම් තර්ජන කියලා. මම නැවත නැවතත් එයා ගෙ තර්ක වැරදි බව පෙන්වන කොට, සහන් මගේ කමෙන්ට් ඩිලීට් කරන්න ගත්තා ඒවයෙ පුද්ගලික අපහාස තියෙනවා කියන අබූත චෝදනාව උඩ.

පසුව ඉන්දික විසින් (ඉන්දික මේකට ඇද ගන්න වීම ගැන කණගාටුයි ඉන්දික, සිදුවූ දේ කියනවා මිස ඔබ හෝ ඔබේ බ්ලොග් එක ඈඳා ගන්න උවමනාවක් නැහැ) පල කළ ලිපියකදී ත් මම කිව්වේ මෙහෙම.

…. සහන් එක්ක ඔබව කොටවලා ෂෝ එකක් බලන්න ඉන්න අයට නම් එන්ටර්ටේන්මන්ට් සප්ලයි කරන්න එපා. සහන් ගෙ ලෙවල් එකට වැටෙන්නෙ නැතිව, ප්‍රශ්න ආවොත් එලඹි සිහියෙන් උත්තර දෙන්න. ………..

සහන් ගෙ හොඳ පැතිත් තියෙන බව අමතක කරන්න එපා. පේන හැටියට කරුනාවන්ත හිත හොඳ බුවෙක්, රටට ජාතියට ආදරේ ඒ උනාට බොරු ජාතිවාද නැති, ….

ඉන්දික ගෙ දෙවැනි ලිපියෙදි මම ඉන්දිකට කිව්වෙ මෙහෙමයි:

පුද්ගලික මතයක් හැටියට කියන්නෙ, සහන් එක්ක අර හිරිගල් මාලිගේ ගැන ගිය විවාදෙදි, වලිය පටන් ගත්තෙ සහන් මෝඩය උනත් ඉන්දිකත් පුද්ගලික ලෙවල් එකට වැටිලා බැන ගන්න ගියපු හැටි නම් අසික්කිතයි.

සහන් එක්ක පුද්ගලික වෛරයක් තිබුන නම් මෙහෙම කියන්නෙ නෑ. ඒ ලිපියෙ දිම මම විශ්ව ටත් මෙහෙම කිව්වා:

විශ්ව ඔය මදෑ ඉතින්. සහන් එක්ක ආපහු ආපහු ම කතාවට ගියෙත් ඔයා නෙ, ඒක මෝඩ වැඩක් කියල හිතෙනව නම් ආයෙ නොකර ඒ මනුස්සයටත් කැමති දෙයක් ලියා ගන්න ඇරල ඉමු, “ප්‍රතිකාර ගන්න ගිහින්” කතා ඕන නැහැ, ඔයා කරුණු වලට කරුණු වලින් උත්තර දෙන්න පුලුවන් මිනිහෙක් වෙලත්.

පත්තර මල්ලි ගෙ සමාදානෙට තියන කැමැත්ත හොඳයි. සාධාරන විවේචන තියන කමෙන්ට් කරන මිනිස්සුන්ටත් බල්ලන්ට වගේ කතා කරන්න එපා කියල සහන්ටත් කියන්නත් කොන්ද පන තියනව නම් තවත් හොඳයි.

හැබැයි සහන් එතැනට ඇවිත් වැඩේ පටන් ගත්තෙ මෙහෙමයි:

විශේෂෙන්ම අන්තිම තිරිසන් විදිහට හැසිරෙන හිස් මිනිස්සු එක්ක නම් ගණුදෙනුවක් ඇත්තෙම නැහැ… මෙතන ඇනෝ කියලා එන්නෙත් කව්ද කියලා ඉන්දිකයි මායි දෙන්නම දන්නවනේ …

බලන්න ඕනෙ කෙනෙක් ඉන්නව නම් පෙනෙයි එතැනදිත් මම පුද්ගලික මඩ වලට ගියේ නැති බව, කරුණු වශයෙන් සහන් කියන දේ/ලියපු දේ විවේචනය කළත්.


4. ආසන්න හේතුව – the last straw that broke the camel’s back

ඒ කතා ඔක්කොමත් අල්ලල දාල හිටියෙ. ඒ අතරෙ මීට පැය 16කට වගෙ කලින් මෙහෙම දෙයක් වුනා.

යකා ගෙ blog එකේ මම කළ කමෙන්ටුවකට යකා ඉතා ස්තුති සම්පන්න කමෙන්ටුවක් දමා තිබුනා. ටිකකින් බලන කොට සහන් එතැනත් මෙහෙම කියනවා:

අහ්හ්හ් මෙන්න ඉන්නවා මගේ ඇනෝ නෝනා … ලොල් අපරාදේ නේද ඇනෝ නෝනගේ මහන්සිය…ලියන හැටි උගන්නන ඇවිත්.. 😀

දැන් මාර ආතල් එක මේක නෙවෙයි. යකා අර කලින් කමෙන්ට් එක වෙනස් කරලා, බොහොම දියාරු ස්තුතියක් දාලා!

යකා මේක කරේ මොකද කියල මම දන්නෙ නෑ, මම චාටර් පොරක් කියල යකා මොකක් හරි නිසා හිතුව නම්, මම වුනා නම් කරන්නෙ ඒක කෙලින් ම මූනට කියන එකයි. කොහොම හරි සහන් කරපු තක්කඩි වැඩකට විරුද්දව කතා කළ එකෙන් මාව බ්ලැක් ලිස්ට් වෙලා!

යකාගෙ ස්තුතියෙන් නම් මට ඇත්තටම ඇති වැඩක් නෑ, කොහොමත් ස්තුතිය තීරණය වෙන්නෙ උදව්වෙන් උනු ප්‍රයෝජනේ අනුව නෙවෙයි කරපු කෙනා ගෙ මූන බලල නම් ඒක නියම ස්තුතියකුත් නෙවෙයි. එහෙම නැතත් මේ ඇනෝ මට ඔය රෙකග්නිෂන් තම්බල කන්නද. එහෙම උනත් මෙහෙම දේවල් වෙන්නෙ සහන් එයාගෙ තක්කඩි කම් බොරු සිවිල් ප්‍රතිරූපෙන් වහ ගන්න නිසා නෙ. වෙන උන් ඒකට කට අරින්නෙ නැත්නම්, අඩු ගානෙ කොන්ද නවන් ඉන්නෙ නැතුව අපි හරි කියන්න තියන දේ කිව්වොත්, අඩු ගානෙ අසාධාරනේට බයේ ඉන්නෙ නැතුව කතා කරා කියල හිතා ගෙන නිදා ගන්න පුලුවන්.

නැත්නම් වෙන්නෙ සහන් වගේ තග් ලා, තමන් විවේචනේ කරන උන් බ්ලොග්ස්පියර් එකෙන් ම නැති කරල දාන්න හදන එක, මෙතන කරන්න හැදුව වගේ.

5. යකෝ තොපි ලියන්නෙත් නෑ, මෙතන මොකෙක් හරි ලියන කොට තොපි ඉරිසියාවට එනවා ඌට බාල්දි අදින්න.

මම සහන් සමග රන්ඩුවට ගියේ නෑ. (විශ්ව රංගනාත් හෝ ඉන්දික ඇදගන්න මට ඕනෙ නැති උනත් ඔවුන් රන්ඩුවට ගියෙත් නෑ) සහන් ගේ ලිපි වල ඇති කරුණුමය වැරදි පෙන්නුවා විතරයි. ඒක පර්සනල් ඇටෑක් එකක් කර ගත්තෙ සහන්. කෙනෙක්ට ලියන්න තියන අයිතියම වෙන කෙනෙක්ට ඒ ලිපි වල වැරදි කියන්නත් තියෙනවා. කමෙන්ට් කියන්නෙ ප්‍රසංසා වලට සමාන පදයක් නෙවෙයි නෙ.

අනික සහන් ලියන ඇතැම් කරුණු සෑහෙන්න නොමග යවන සුළුයි. බොරු කියල දැන දැනම පුද්ගලික වාසිය තකා නොදන්න මිනිස්සුන්ට බොරු කියන එක හරි නැහැ නේ.

6. හරි බොරු කියන ඒව විස්වාස කරන එක අපේ වැඩක් තොපිට මොකද අමාරුව?

කවුරු හරි අහිංසකයෙක් රැවටෙන්න පුලුවන් නිසයි ඒව හදන්නෙ නැතුව අපි පොර වෙන්න නෙවෙයි. විහින් රැවටෙන්න ඕන අය රැවටුනාට අනේ අපිට කමක් නෑ.

අපි සමන්තබඩ්ඩ උන්නාන්සෙ විවේචනේ කරන්නෙ සෝම එදිරිසිංහව බේරගන්න නෙවෙයි නෙ?

7. හරි දැන් උඹ මේ බ්ලොග් එක දාල සහන්ට කොරයි!

කොරන්න බැරි බව දන්නව ලංකාවෙ අත්දැකීමෙන්. දුමින්ද සිල්වා මහ පාරෙ මිනී මරා ගත්ත, කෝ මොකුත් කොරා ද? අර යසට ඉන්නෙ. මර්වින් යසට ඉන්නෙ? උන්ටත් සෙට් එකක් ඉන්නවා අපේ දුමින්ද මහත්තයා, අපේ මර්වින් අය්යා කියාගෙන සපෝට් කරන්න. ඔය අහක යන හාල් කෑල්ලක් ගස් බැන්ද කියල උන් මොකටද උන්ගෙ ආතල් කඩා ගන්නෙ.

භාවිතයෙදි සහන් කියන්නෙත් මර්වින්, දුමින්ද වගේ ම තක්කඩියෙක්.

සහන් දන්නව තමන්ට ෆෑන් බේස් එකක් තියෙනව, යාලුවො ඉන්නව කියල. මේ යාලුවො නිකන් මේ හාල් වලියකට සහන්ට විරුද්දව වචනයක් වත් වියදම් නොකරන බවත් දන්නව, විශේෂයෙන්ම අලුත්/අඩුවෙන් ජනප්‍රිය එකෙක් ගෙ පැත්ත අරන්. ඉතින් සහන් මහ දවාලෙ චන්ඩි පාට් දැම්මත්, ප්‍රශ්න වලට උත්තර නොදී ප්‍රශ්න අහන උන්ට බලු බැනුම් බැන්නත්, කිසි දෙයක් තමන් ගෙ මයිලකට වත් වෙන්නෙ නෑ කියල එයා දන්නව. එක යාලුවෙක් වත් හරියට කියන්නෙ නෑ නෙ “සහන් ඔයා ගෙන් ප්‍රශ්නයක් ඇහුව විතර නෙ, ඇයි ඔහොම බූරුවො හරක් කියල මිනිස්සුන්ට බනින්නෙ ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න කෝ” කියල? ඉතින් සහන් තමන්ගෙ හොරකම්, වැරදි පෙන්නන කොට කරන්නෙ අන්තිම චන්ඩියෙක් වගේ හැසිරෙන එක.

මේක සහන්ට විතරක් නෙවෙයි තව සමහර අයටත් පොදුයි. ඉතින් එක රැයින් ඕක වෙනස් වෙයි කියල හිතන්න බෑ.

ආතල් එක තියෙන්නෙ, මේ මිනිස්සුම තමයි හූල්ලන්නෙ මෙච්චර දේවල් කර කරත් මිනිස්සු දුමින්ද ට, මර්වියට චන්දෙ දෙනව නේද කියල! අනේ ඒ දෙන්නෙත් ඔය වගේ අනුන්ගෙ වලි වලට ජජ් කරන්න අකමැති, තියන හොඳ හිතවල් තියාගෙන ඉන්න ඕනෙ සාන්ත දාන්ත කට්ටිය තමයි.

8. ඉතින් කොරන්න බැරි නම් තෝ මේ මැරීගෙන ලියන්නෙ ලබ්බට ද? පව් පොන්නයා.

මම කමෙන්ට් කරපු එකෙක් නෙවෙයි බ්ලොග් වල. මුලින්ම මැදිහත් උනේ ඇනොනිමස් කමෙන්ට් එකකින් ඉන්දික ට සහන් බැනපු වෙලාවෙ, අවංකවම බලන් ඉන්න බැරි තරම් අසාධාරණ නිසා සහන් ගෙ හැසිරීම. පුලුවන් තරම් සාමෙට ගිහිනුත් ඊට පස්සෙ සහන් දිගටම කළේ ප්‍රශ්න තියෙද්දි තක්කඩි චන්ඩි කමෙන් දිනන්න බලපු එක. ඊට පස්සෙ මගේ පාඩුවෙ ඉඳිද්දිත් කලින් කිව්ව වගේ ගේම ඉල්ලපු එක.

විදුර (රස්තියාදු කාරයා) අඩු ගානෙ වරදක් පෙන්නුවහම පිලි ගත්තා. සහන් කරන්නෙ චන්ඩි කමෙන් ප්‍රශ්නෙ අහපු එකාට ගේම දෙන එක. ඒක නිසා සහන් කියන පට්ට පල් බොරු වැඩියෙන් භයානකයි.

ඉතින් මටත් කියන්න තියෙන දේ මම කියනවා, අඩු ගානෙ එතකොට මට නිදා ගන්න පුලුවන් මම චන්ඩියෙක් ට බයේ දිව්වෙ නෑ කියලා. තවත් හේතු ටිකක් පල්ලෙහා ඇත.

9. තෝ කවුද යකෝ පොරක් ද අපි තෝ කියන එක අහන්න. සහන් අපි හැමදාම දන්න එකා.

ඒක තමයි කේස් එක. මර්වින්ටයි දුමින්දටයි චන්දෙ දෙන උන් කරන්නෙත් ඕකමයි. සාදාරනේ කාගෙ පැත්තෙද කියල හොයන්න වත් උවමනාවක් නෑ තමන් ගෙ පැත්ත තීරණේ වෙලා ඉවර නිසා.

සමහරු නම් කෙලින් මත් කියනව නෙ “සහන් ඔයා ඔය විකාර කාරයො කියන දේවල් අහන්නෙ නැතුව ඔයාගෙ වැඩේ කරන් යන්න, බල්ලො/කඳු උදාහරණ. ඒ වගේම ඒව චන්ඩින්ටත් කියනව නෙ හෙන්චය්යො? (උදාහරනයක් මෙතන තියනවා අන්තිම ඡේදෙ)

10. ංහ! හරි කතාවක් නෙ මියා කියන්නෙ, උයා කියන්නෙ අපිට උයාගෙ පැත්ත අරන් සහන් ට බයින්න කියලද! විකා..ර.

නෑ නෑ නෑ බුදු සන්තෝ…. නැතෝ. අබ ඇටේක වත් උදව්වක් එපා!

ඇනෝට බ්ලොග් ලෝකයෙන් “මිතුරන්” ඇත්තේ ද නැත. ඕනෑ ද නැත.

11. සහන්ගෙන් අපි මොකක් හරි ඉගෙන ගන්නව ප්‍රශ්න අහන තොපි මොනවද කරල තියෙන්නෙ. පොන්නයෝ.

“දුමින්දත් මළ ගෙවල් වලට හාල් මිටියක් වත් දුන්න භාරත මොනවද කරල තියෙන්නෙ”. “මර්වින් මිනිස්සුන්ට කරන උදව් වලින් බාගයක් කරල තියෙද අර සමුර්දි කාරයා”. එහෙම කිව්වොත් හරි ද?

මම කරේ සහන් ලියපු දේවල තිබුනු වැරදි හදන්න හදපු එක මිසක් සහන්ට ලියන්න එපා කියපු එක නෙවෙයි. ඒක වලියක් වෙන්නෙ සහන් එලි පිටම තල් ගහට පොල් ගහ කියන්න එන නිසා.

12. තොට හිට්ස් නෑ/කමෙන්ට්ස් නෑ පව් පොන්නයා!

හිට්ස්/කමෙන්ට්ස් වලට ලොකු ආසාවක් නැත. එකෙක් හරි මේක කියවල සහන්ට නොරැවටී හිටියොත් ඒකත් ලොකු දෙයක්. නමුත් ප්‍රධාන උවමනාව ඒක නෙවෙයි. සහන් ඔච්චර පින් සෙන්ඩු වෙවී ඉල්ලන*** රිටර්න් එක දෙන එක. කොහොමත් දිගට බ්ලොග් ලියන්න අදහසකුත් නෑ, මට වෙන වැඩත් තියනව!

*** මේ ලිපිය ලිව්වේ සහන් ගේ කමෙන්ටුවෙන් පැය 16කට පමණ පසු ය.

13. රිටර්න් එක දීල එහෙනම් කොරයි, හරකා.

වෙන උන් සහන්ට මල් තියල වැන්දත් සහන් දන්නව නේ එතකොට සහන් ගෙ බොරු බයිලා වල තරම දන්න එකෙක් හරි ඉන්නව කියල. පොර කියපු ගල් පැලෙන බොරු අතේ මාට්ටු කියල කාට හරි. ඒ මට ඇති. අපේ බොරුවක් මාට්ටු උනාම අපිට හිත යටින් හරි ලැජ්ජයි නේ, නිදා ගන්න කොට හරි මතක් වෙනව නේ.

සහන් ගෙ බොරු ඇත්තටම අර තුවක්කු කටට පිහිය තියල අලි දෙන්නට වෙඩි තියපු ලෙවල් ඒවා. එහෙම එකක් මාට්ටු වෙලත් ලැජ්ජ නැති වෙන්න නම් ලැජ්ජ ෆියුස් එකට දාල තියෙන්නෙ ට්‍රාන්ස්මිෂන් ලයින් කේබල් එකක් වෙන්න ඕන.

14. මචන් උඹට තියෙන්නෙ සහන් එක්ක වයිරයක්!

නැහැ මචන්. සහන් ඉල්ලන රිටර්න් එක කිසිම තරහකින් තොරව දීමක් මේක. සහන් බ්ලොග් එක දිගටම ලියන් ඉන්නව නම් මම සතුටුයි වරද පිලි ගන්නව නම් තවත් සතුටුයි. පිලි නොගත්තත් කමක් නෑ මගේ කෑල්ල මම කරා නෙ.

මාරයා විදුර ට දුන්නු රිටර්න් එක බොහොම සාධාරණයි. ඒ වුනත් උද්දච්ච කමත් චන්ඩි කමත් අතින් සහන් ඉන්නෙ විදුර ට ගව් ගානක් එහා. අනික විදුර පොඩි පොඩි බොරු කිව්වට ෆොටෝ ගත්ත එක ගැන එහෙම, ලිපි වල කරුණු වලට දැන දැන බොරු කළේ නෑ, වරදක් පෙන්නුවොත් හැදුවා.

15. මෙහෙම නේ ඇනෝ, මේව ප්‍රයිවේට් එකේ කියල හදා ගන්න පුලුවන් නේ, හැදෙන්න චාන්ස් එකක් දීල…. ඇයි ඔහොම පබ්ලික් ගහන්නෙ ඔහොම අපිට ගැහුවොත් ඉතින් … අපි … උනත් … කැමති … නැහැ …නේ ……….

පුද්ගලිකව කෙලවන්නට නො එන තාක් විදුර වගේ අහිංසකයන්ට මෙය තරමක් අදාළ වුවත්, සහන් වැනි චන්ඩින්ට මෙය කොහෙත්තම අදාළ නැත. අනෙක මෙය ගැසීමක් නොව සරල වැරදි ටිකක් පෙන්වීමකි.


16. මේ ඔයා අරුණි ශපීරෝ / විශ්ව/ ඉන්දික නේද?

ඕක සහන් දැන දැනම ගෙනියන බොරුවක් (උඩින් මම ඒක කතා කළා). මම අරුණි නෙවෙයි අරුණිට කැමතිත් නෑ. අරුණි කියන්නෙත් සහන් වගේම කවදාවත් තමන්ගෙ වරදක් පිලිගන්නෙ නැති උද්දච්ච මනුස්සයෙක් කියලයි මම පුද්ගලිකව හිතන්නෙ.

සහන් ඕක කියන්නෙ අරුණිට තියන පොදු අප්‍රසාදයෙන් ප්‍රයෝජන ගන්න. සහන් දක්ෂ සෝෂල් එන්ජිනියර් කෙනෙක් කියල අපි කලිනුත් කිව්ව නෙ. ගොඩක් රට කපටි එහෙමයි. මිනිස්සුන්ගෙ පොදු හැඟීම් වලින් උපරිම ප්‍රයෝජන ගන්නව.

මම විශ්ව හෝ ඉන්දිකත් නෙවෙයි. ඉන්දික නම් මම හිතන්නෙ කෙලින් මනුස්සයෙක්. මම ඒ මනුස්සයට නම් සලකනව. විශ්වටත් යම් සැලකිල්ලක් තියෙනව විවේචනේකුත් එක්ක.

මම සහන් කියන විදියට බුවා හෝ වෙනත් ඇක්ටිව් බ්ලොග් එකක් ලියන කිසිම කෙනෙකුත් නෙවෙයි (මේ බ්ලොග් එක හැර). ගොඩක් ඉස්සර නම් බ්ලොග් ලියල තියනව ඉංග්‍රීසියෙන්. ඒ කාලෙ සිංහල බ්ලොග් නෑ.

තවමත් විස්වාස කරන්නෙ නැත්නම්, සහන් ට මේ ප්‍රශ්නෙ පෙන්නන්න. පෙන්නල අහන්න එයා තවම කියනවද කියල මම අරුණි/ඉන්දික/විශ්ව හෝ මේ බ්ලොග් අවකාශෙ එයාට කලින් මුණ ගැහිල තියෙන මොකෙක් ම හරි එකෙක් ද, නැත්නම් මීට කලින් දැකල නැති අලුත් ම එකෙක් ද කියල! ඔන්න පත්තර මල්ලිට ඕන නම් චැලේන්ජ් එකක්!

hipshaker

විශ්ව රංගනාත් වගේ උන් ෆෝම් කරන්න ඕනෙ නැති නිසා මට මීට වඩා දෙයක් කියන්න බෑ.

17. එහෙනම් වර්ඩ්ප්‍රෙස් වලින් ලියන්නෙ?

මම අරුණි නම්, මෙච්චර දෙයක් කර ගන්න පුලුවන් එකේ ඔය සැකේ නැති කර ගන්න මේක බ්ලොගර් වලින් කරනවා. මම වර්ඩ්ප්‍රෙස් තෝරා ගත් හේතු ගොඩකි, ටෙම්ප්ලේට් වඩා නීට් වීම, HTML formatting වඩා සරළ වීම නිසා කෝඩ් එකේ පොඩි අවුල් අතින් එඩිට් කිරීම ලේසි වීම වගේ.

18. අරහෙ අගමැති කුඩු ගෙන්නනවා තොපිට රුදාව සහන් ගැන. (සිරාවටම මෙහෙම කමෙන්ට් දාන ජොකියෙක් ඉන්නවා!)

මම අනූ ගනන් වල ඉන්ටසිටි පෝලිමක පෝලිම පනින්න එපා කියල ගෑනියෙක්ට කිව්වම ඒ ගෑනි කිව්ව අරෙහෙ කොටි රටෙන් බාගයක් අල්ලන්, මුන්ට පෝලිමක් පැන්නොත් තමයි අමාරු, ඕකනෙ සිංහලයට හරි යන්නෙ නැත්තෙ කියලා!! (මේක පැරඩි එකක් නෙවෙයි සිරාවටම උන දෙයක්!!)

19. පව් මේ යකා එක මිනිහෙක්ට අරින්න මහන්සි වෙන තරම්!

මේ සමහර දේට ඇත්තටම හිතන තරම් වෙලා යන්නෙ නෑ. අනික මම කොහොමත් මේකෙ එල්ලිලා ඉන්න යන්නෙ නෑ.

20. හරි ඔය මොන තර්කෙ උනත් වැඩක් නෑ ඔය මඩ අපිට එපා. සහන් බොරු ලියනව නම් ලියපුවාවෙ අපි නෙ කියවන්නෙ.

මේක කියවන්න අකමැති නම් ඉතින් කියවන්න එපා!

Advertisements

Comments on: "FAQ නිතර අහන ප්‍රශ්න" (3)

  1. හඃ හඃ හඃ
    // කොහොමත් ස්තුතිය තීරණය වෙන්නෙ උදව්වෙන් උනු ප්‍රයෝජනේ අනුව නෙවෙයි කරපු කෙනා ගෙ මූන බලල නම් ඒක නියම ස්තුතියකුත් නෙවෙයි. //

    සිංහල බ්ලොග් ලෝකෙම එහම තමා. මේකේ ලිපියකට කොමෙන්ට් , හිට්ස් වැටෙන්නේ එකේ තියෙන වැදගත් කමට නෙවේ. දැන ඇඳුනුම් කම , තමන්ගේ බ්ලොගේ කොමෙන්ට් කරලා තියෙනවද කියන පදනම් මත. මුණ බලල සලකන විදිය තීරණය කරන කඩ , ආයතන වගේම බොහොමයක් නරිප්පඩ බ්ලොග් පඩංගු වලටත් මම නං කොමෙන්ට් දාන්න තියා අඩිය තියන්න වත් යන්නේ නැහැ සාමාන්‍යයෙන්.

    අර කවුද කිව්වා වගේ කාලයක් සිංහල බ්ලොග් සමාජය විකුර්තියක් වෙලා තිබ්බේ. මොකද නියම ලාංකේය සමාජයේ පැතිකඩක් එකෙන් නිරුපනය උනේ නැහැ. දැන් නං ඒ විකුර්තිය හරි ගිහිල්ල බ්ලොග් සමාජයයි , නියම ලාංකේය සමාජයයි අදහස් , ක්‍රියා සහ පුද්ගලයන් අතින් සමපාත වෙලා වගේ…

    සැබවින්ම ප්‍රීතියි , ප්‍රීතියි !!

  2. විශ්ව රංගනාත් said:

    //විශ්ව රංගනාත් වගේ උන් ෆෝම් කරන්න ඕනෙ නැති නිසා මට මීට වඩා දෙයක් කියන්න බෑ.//
    ඔබ මම එක්කත් තරහක් තියෙනවා වගේ. සහන් කට උත්තර නැතිව ඉන්න වෙලේ අර 1:300 කතාවට සහන්ට උදවු කල නිසාද ඒ. මමත් සහන්ට පුද්ගලික තරහකට පහර ගහන්නෙක් නොවේ. මගේ අරමුණත් ඔබේ අරමුණම තමයි. මමත් ලිපි දෙකක් ලියලා දෙන්නම් මේකෙම දානවාද?

    • අනේ නෑ විශ්ව මම සහන් එක්කවත් තරහක් නැති එකේ එක පැත්තට සටන් කළ ඔබ එක්ක මොකට තරහ වෙන්න ද?

      ඔබ සත්‍යය වෙනුවෙන් මඩ කාගෙන කරපු සටන ගැන මට ආඩම්බරයි, නමුත් ඔබේ සමහර වැඩ ගැන මට විවේචනත් තියෙනවා.

      මෙතන මෙහෙම කිව්වේ, ඔබට සාමාන්‍යයෙන් ක්ලූ එකක් පස්සෙ යන්න පුලුවන් නිසා. මම තවත් ක්ලූස් දුන්නොත් මම කියන්න යන එක සහන් ට නෙවේ ඔබටත් තේරෙන්න ඉඩ තියෙනවා. සහන් ට වහන්න ඕන පෞද්ගලිකත්වයක් ද දන්නෙ නැති නිසා ඒක ගැන කතා නොකර ඉන්නම්.

      ඔබේ අරමුණ අගය කරනවා වුවත් කණගාටුවකට මෙන් වෙන කෙනෙකුට මෙතන ඉඩ දිය නොහැක. මම පොර වීමක් නොව දෙවියන්නාන්සේ සමග වුවත් හවුල් වැඩ, යාළු මිත්‍ර සමාගම්, ඇනෝ ගේ නැති බැවිනි. අනික මේක මහ ලොකු බ්ලොග් එකක් නෙවෙයි නෙ, මම කරපු දේ ම කරන්න, මමත් ප්‍රසිද්දිය දෙන්නම්.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Tag Cloud

%d bloggers like this: